Читать онлайн книгу «මළවුන්ගේ මධ්‍යස්ථානය» автора Owen Jones

මළවුන්ගේ මධ්‍යස්ථානය
Owen Jones
බගඩඩ හ අකර දපරතමනත ගබඩවක දරණ බමබයක පපර ගස අහසක සපපසවර පමණ පදගයන සහ සවකයන දසම ගණනක ජවතකෂයට පත වය. කට කක තළද, ආගමකට හ දශපනයට සමබනධයක නත බවක පනනනට තබ නව භෂණ සමයක ස, ව පර පස බකයන හතකම අපහසතවයකට ඇද දම, අනකමප වරහත මරගන මරන බමබ පරහරයන සද වය. චන රජය පරගණක පරවණයන සහ බරතනය SAS උදව සඳහ කඳවන බ, නමත මහජනතව නසනසන වමට පර අහඹ ස බමබ පපරවම වට හතව ඔවන වසන පහදව අනවරණය කර ගනද?
මරගන මරන බමබකරවක බගඩඩ හ වළඳ පක වන ෂහරසඩ හ සය ඇඳම කටටය පපරව ගතවට ඉරක බධරනග පළම පරතකරයව නම එය සමනය තරසත කරයවක ස සකම සහ ඉරකය ජතක පසය කපතන අවට එය භර දමය. . කස වතත, සපපව ආරකෂත කමරවන වඩය දරශන පරකෂ කරමද තයණ ඇස ඇත තරණ පස නධරයක, සයදව නස ගත පදගය, ඔහ පන සටනනව පදගය නවන බව දකන අතර මය වමරශන කසවක සක නබ නව මවතකට යම කරය. මම නව තරසතවදය පරතවපක බහසණ ය. කට කයක තළද, මරගන මරන බමබකරවන සමබනධව තවත  අපරධ හයක සද කරන අතර ඒව බගඩඩ බමබ පරහරය සමග සමන ආකරයකන නබනන නම වසතර කළ නහක ව. මම නව අපරධ කය නවතවම සඳහ මරසය, එසන, බෆසට, නව යරක, නඩන සහ ස බච යන නගර ව පස බකයනට ජතයනතර පසය යටත එකව වඩ කරමට මඟ පදය.මරගන මරන බමබ පරහරයනට හත කහපයක ඇත බව පසය තරම ගත නමත අපරධකරවන අනපකෂත බවන ඔවනව අතඅඩගවට ගනමට නහක වන වට හරමක සදව. පහදවම වටම වද ඔවන සයනම මය ගයත බමබකරවනග පරභවය කරහ අවධනය යම කරම ඔවනග එකම පරයගක උපකරමයය. තතවය බපරතත රහත බව පනනනට පටන ගන. කපටන අවග නයකතවයන යත ඒකබදධ පස බකයන වසන කතරම කඩවදම සද කරවද බරපත ඉදර ගමනක යමට අසමත ව හයන ව හඳම අය යය පළ ස වශවස කරන චන රජයන තම අනතරජ වශෂඥයනග සහය බ දන ස ඉත. චන ජතකයන, ටවයන සහ ආරජනටන බධරනග උදව ඇතව කය මසථනය බටහර එගනතය දකව සය ගත අතර ඔවනග බරතනය සගයන සමග දතත පරකෂ කළ වට එය බටහර වසය වත යම වය. පරහරය ශය, සසම කරම සහ නරවදයතවය නස සමහර වට හටප හමද සමජකයන බමබ පපරම වට සමබනධ ව ඇත බව දනගත වට SAS කඳවන බව හයරෆරඩ සට ය. නරතදග වසය පමබරක පළත ශනත ඩවඩස හ පටත පහට පළ ගවපක වත SAS භටයන ඉකමනන සය මහයම පට කරය. කය නයකතවය පව හරම සඳහ වන අවසන සටන සඳහ මය පසබම සකසය. 'මළ මධයසථනය' යන රසවත තරසජනක කරයදම කතවක වන අතර එමඟන අවසනය දකවම, කමක සදව දය කය ඔබව අනමන කරමට පළඹවය.  මම කතව සදවනන රටව නවයක සහ නගර දසම ගණනක ය. කස වතත, කයමනට අනව, SAS කඳව වට, එය බරපත වන බව ඔබ දනය!


මළවුන්ගේ මධ්‍යස්ථානය
සෑම මරාගෙන මැරෙන බෝම්බකරුවෙක්ම ආගමික නොවේ!

ඕවන් ජෝන්ස්
විසින්

පරිවර්තනය
රොෂාන් පෙරේරා

ප්‍රකාශන හිමිකම © 2021 ඕවන් ජෝන්ස්

මෙම කෘතියේ කතුවරයා ලෙස හඳුනා ගැනීමට ඕවන් ජෝන්ස්ට ඇති අයිතිය 1988 ප්‍රකාශන හිමිකම් සැලසුම් සහ පේටන්ට් බලපත්‍ර පනතේ 77 සහ 78 වගන්ති වලට අනුකූලව ප්‍රකාශ කර ඇත. කර්තෘගේ සදාචාරාත්මක අයිතිය තහවුරු කර ඇත.
මෙම ප්‍රබන්ධ කෘතියේ චරිත හා සිදුවීම් හුදෙක් කර්තෘගේ පරිකල්පනයේ නිෂ්පාදනයන් වන අතර ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධ ලෙස භාවිතා වේ. සමහර ස්ථාන පැවතිය හැකි නමුත් සිදුවීම් සියල්ල සම්පූර්ණයෙන් ප්‍රබන්ධාත්මකය.

මළවුන්ගේ මධ්‍යස්ථානය
ඕවන් ජෝන්ස් විසිනි
මේගන් ප්‍රකාශන සේවා
විසින් ප්‍රකාශයට පත් කෙරිණි
http://meganthemisconception.com

ඉලෙක්ට්‍රොනික පොත්, බලපත්‍ර සටහන්
මෙම විද්‍යුත් පොත සඳහා බලපත්‍ර ලබා දී ඇත්තේ ඔබේ පුද්ගලික විනෝදය සඳහා පමණි. මෙම විද්‍යුත් පොත පිටපත් කිරීම, නැවත විකිණීම හෝ වෙනත් පුද්ගලයින්ට ලබා දීම ඔබ විසින් නොකළ යුතුය. ඔබ මෙම පොත වෙනත් අයෙකු සමඟ බෙදා ගැනීමට කැමති නම්, කරුණාකර එක් එක් තැනැත්තා සඳහා අතිරේක පිටපතක් බැගින් මිලදී ගැනීමට කාරුණික වන්න. ඔබ මෙම පොත කියවන විට ඔබ එය මිලදී නොගත්තේ නම් හෝ එය ඔබේ භාවිතය සඳහා පමණක් මිල දී ගෙන නොමැති නම් හෝ කරුණාකර මය මේගන් ප්‍රකාශන සේවා වෙත ආපසු බාරදී ඔබේම පිටපතක් එයින් මිලදී ගන්න. මෙම කතුවරයාගේ වෙහෙසට ගරු කිරීම ගැන ඔබට ස්තූතියි.

කැප කිරීම

මෙම සංස්කරණය මගේ බිරිඳ ප්‍රනම් ජෝන්ස් වෙනුවෙන් කැප කර ඇති අතර ඒ මගේ ජීවිතය ඇයට හැකි අන්දමින් පහසු කරවීම වෙනුවෙනි - ඇය ඒ සඳහා විශාල වැඩ කොටසක් ඉටු කරයි.
කර්මය සෑම කෙනෙකුටම කාරුණිකව ආපසු ගෙවනු ඇත.

ප්‍රබෝධමත් කිරීමේ උපුටා දැක්වීම්

ඔබ එය අසා ඇති පමණින් කිසිවක් ගැන විශ්වාස නොකරන්න,
බොහෝ දෙනා ඒ ගැන කතා කළ පමණින් හා කටකතා පැතිරවූ පමණින් කිසිවක් විශ්වාස නොකරන්න,
ඔබේ ආගමික ග්‍රන්ථවල ලියා ඇති පමණින් කිසිවක් ගැන විශ්වාස නොකරන්න,
ගුරුවරුන්ගේ හා වැඩිහිටියන්ගේ අධිකාරය මත පමණක් කිසිවක් ගැන විශ්වාස නොකරන්න,
පරම්පරා ගණනාවක් තිස්සේ පැවත ආ සම්ප්‍රදායන් නිසා ඒ මත කිසිවක් විශ්වාස නොකරන්න,
නමුත් නිරීක්‍ෂණයෙන් හා විශ්ලේෂණයෙන් පසුව, යම් දෙයක් තර්කානුකූලව එකඟ වී එක් කෙනෙකුගේ හෝ බොහෝ දෙනෙකුගේ යහපත සඳහා හිතකර නම්, එය පිළිගෙන ඒ අනුව ජීවත් වන්න.

ගෞතම බුදුන්වහන්සේ ------

බලවත් ආත්මය, සුළඟේ කටහඬ තිබෙන්නාවූ ඔබ, මට සවන් දෙන්න. මට ශක්තියෙන් හා දැනුමෙන් වැඩීමට ඉඩ දෙන්න.
රතු සහ දම් පැහැති ලෙස හිරු බැස යෑම බලන්නට මට ඉඩ දෙන්න. ඔබ මට දුන් දෙයට මාගේ දෑත් ගරු කරයි.
ඔබ අවුරුදු ගණනාවක් පුරා මිනිසුන්ට උගන්වා ඇති පරිදි, සෑම කොළයක් හා ගලක් යට සැඟවී ඇති රහස් මට උගන්වන්න.
මාගේ ශක්තිය මාගේ සහෝදරයාට වඩා උසස් වීමට නොව, මගේ ශ්‍රේෂ්ඨතම සතුරා වන -මා, සමඟ සටන් කිරීමට මට ඉඩ දෙන්න.
මා හට මේ ලෝකයේ ඇති කෙටි කාලය හිරු බැස යෑම මෙන් මැකී යත්ම, මාගේ ආත්මය ඔබ වෙත ලජ්ජාවකින් තොරව නැවත පැමිණිය හැකිවනු පිණිස, පිරිසිදු දෑතකින් සහ විවෘත හදවතකින් මම සෑම විටම ඔබ ඉදිරියට එන්නෙමි.
(සාම්ප්‍රදායික සියොස් යාච්ඥාවක් මත පදනම්ව)
තුති පිදුම

ඔහුගෙන් ලද ත්‍යාගශීලි අනුශාසනයන් සහ දිරිගැන්වීම් සඳහා මගේ සහෝදර රයිස් ජෝන්ස් වෙත මාගේ උණුසුම් ස්තුතිය පුද කරන අතර මගේ මිත්‍ර කර්තෘ ඩේවිඩ් ප්‍රොසෙර් සාමිවරයාට පිටකවරය සඳහා ඔහුගේ අදහස් වලටද ඔහුගෙන් ලැබුනාවූ ධෛර්යයටද ස්තූති කිරීමට මා මෙය අවස්ථාවක් කරගනිමි.

සම්බන්ධතා විස්තර
http://deadcentreagency.com
http://facebook.com/MeganTheMisconception
http://twitter.com/Megan_and _Grrr
owen@meganthemisconception.com
http://meganthemisconception.com
http://owencerijones.com
http://tinyurl.com/meganseries

Join our newsletter for insider information
on Owen Jones’ books and writing
by entering your email address here:
http://meganthemisconception.com
1 ෂෙහෙරාසාඩේස් බැග්ඩෑඩ්

ටෝනි භීතියට පත්ව සිටි නමුත් එය ඔහුගේ එකම විකල්පය බව ඔහු දැන සිටියේය. මිනිත්තු කිහිපයකින්, ඔහු දැන් සිටින තත්වයට වඩා සිය ගුණයකින් භීතියට පත්වන බව ඔහු දැන සිටියේය.
ඔහු සතුව ඔහුගේ කාර්ය සටහන තිබූ අතර එය තත්පරයට මතකයට එක් කරගෙන තිබුණි. ඔහුට වැඩ කිරීමට සිදු වූ බිත්තියේ විශාල ඔරලෝසුව පවා ඔහුට දැකගත හැකි විය. ඔහු තත්පර ගෙවී යන ආකාරය දෙස බලා සන්සුන් වීමට ගැඹුරු හුස්මක් ගත්තේය. එය විශේෂ ලෙස උණුසුම් දවසක් නොවීය. නමුත් ඔහු දැඩි ලෙස දහදිය දමමින් සිටියේය. එබැවින් ඔහු තම ජැකට් සාක්කුවෙන් ඔහුගේ අත් ලේන්සුව රැගෙන කැඩපතක් අසල නතර වී ඔහුගේ මුහුණ පිස දැමුවේය.
ඔහු සන්සුන් වීමට පටන් ගත්තේය. නිද්‍රාජනක ඖෂධය වැඩ කරමින් සිටියේය. මෙය මෙතරම් පහසු වනු ඇතැයි ඔහු නොසිතුවේය. ඔහුට තවත් මීටර් සියයක් ඇවිදීමට හා එය කිරීමට මිනිත්තු පහළොවක් තිබිණි. ඔහු කාලය නාස්ති කිරීමට මෙන් ඇවිදමින් මඟ දෙපස ඇඳුම් දෙස බලා කල්පනා කළේය. ඒ කිසිවක් දැන් වැදගත් නොවනු ඇතැයි ඔහු කල්පනා කළේය. එය කවදා හෝ වැදගත් වුයේ දැයි ඔහු කල්පනා කළේය. ෂර්ට්, කලිසම්, ඇඳුම් කට්ටල, පිරිමින්ගේ සුවඳ විලවුන්… ඔහු මලක් ස්පර්ශ කරන ආකාරයෙන් ඒවායින් සමහරක් ස්පර්ශ කළේය. ඉන්පසු කාන්තා ඇඳුම් ප්‍රදර්ශනය කර ඇති කොටස වෙත එස්කැලේටරය මගින් ඉහළට නැගි අතර ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කොට තිබූ පෙදෙස වෙත ගමන් කලේය. ඔහු මාර්ගය දැන සිටියේය; ඔහු දුසිම් වාරයක් මෙහි ගමන් කර ඇත.
තව මිනිත්තු දෙකක් ගතවීමට තිබූ අතර ඔහුට දැනුනේ ඔහුගේ හදවතේ වේගය වැඩිවන බවය. තවත් තත්පර කිහිපයක් රැඳී සිටින ලෙසත්, ප්‍රදර්ශන කැබිනෙට්ටු වලට ළං නොවන ලෙසත් ඔහුට පවසා තිබුණි. ඇත්ත වශයෙන්ම, ඔහුට තරණය නොකල යුතු රේඛාවක් ලබා දී තිබූ අතර, බලන්න, එය ඔහුට මීටරයක් ඉදිරියෙන් විය. ඔහු තම සලකුණ මත, බිත්ති අතර ඇති ඉඩ පේලියේ කාපට් කොටස් දෙකක් එකතු වෙන ස්ථානයේ නැවතී, වෙළඳ දැන්වීමක් කියවන ස්වරුපයක් මවා පෑවේය.
තත්පර පහළොවක් තව තිබිණි. ඔහු තමා අවට බැලුවේ ඔහුගේ දෑස්වල ගැඹුරු ශෝකයක් සහිතවය.
තත්පර දහයක් තිබිණි, ඔහු විකුණුම් සහායකයකුගේ ඇසට හසු වූ අතර ඇය ඔහු දෙසට ඇවිද එන්නට පටන් ගත්තාය. ඇයව ආපසු හරවා යැවීමට ඔහු තම සිතින් ප්‍රාර්ථනා කිරීමට පටන් ගති.
තත්පර පහක්, ඇය ඔහුට කතා කළ නමුත් ඔහු සවන් නොදුන්නේය.
හතර, තුන, දෙක, එක…
බිංදුව.
බූම්..
ඔහු කණගාටු වන බව පවසනු ඇයට කිසි විටෙකත් ඇසුනේ නැත, නමුත් ඇය හෝ ටෝනි මේ ලෝකයේ තවදුරටත් නොසිටියෝය.
කන් බිහිරි කරවන පිපිරීමෙන් පසු තත්පර කිහිපයක් සම්පූර්ණ නිශ්ශබ්දතාවයක් ඇති වූ අතර පසුව කෑගැසීම් ආරම්භ විය. මිනිසුන් කෑගසමින්, හඬමින් සිය දිවි බේරා ගැනීමට දුවමින් සිටියහ. මිනිසුන් සහ ඔවුන්ගේ ශරීර කොටස් ප්‍රදේශය පුරා විසිරී වැටී තිබු අතර තැන් තැන්හි ඇවිලුණු කුඩා ගිනි මගින් දුම නගිමින් තිබිණි.
දුම සහ වේදනාවෙන් යුතු කෑගැසීම්, මිනිසුන්ගේ බිය මුසුවූ සුවඳ සහ සෙම්ටෙක්ස් අතර ටෝනි සහ ලස්සන වෙළඳ සේවිකාවගේ ශරීර කොටස්, සිවිලිම පුරාද ඇඳුම් සහ සාප්පු පැමිණි පුද්ගලයින් මතද විසිරී තිබිණි. දෙපාර්තමේන්තු ගබඩාවේ අනතුරු ඇඟවීමේ සීනුව නාද වීම ආරම්භ වූ අතර තත්පර කිහිපයකට පසුව ජල විදින පද්ධතියද ක්‍රියාත්මක විය.
කළු පැහැති ඇඳුම් ඇඟලා ගත් මිනිසුන් හදිසි පඩිපෙළෙන් දිව ආ නමුත් තුවාල වූවන්ට නොව ඔවුන් ඔවුන් හට උදව් කරගැනීමට එහි පැමිණ සිටි අතර ඔවුන් අත වෛද්‍ය වරුන්ගේ බෑග් වෙනුවට මැෂින් තුවක්කු තිබිණි. නමුත් කිසිවෙකුගෙන් කිසිදු ප්‍රතිරෝධයක් ඔවුන් වෙත එල්ල නොවිණි.


බැග්ඩෑඩ් නගර මධ්‍යයේ පිහිටි විශාල දෙපාර්තමේන්තු සාප්පුවකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් තිස් දෙනෙකු මියගොස් එකසිය පනහක පමණ පිරිසක් තුවාල ලබා ඇති බව පසු දින පුවත්පත්වල වාර්තා විය.
ඊට වඩා වැඩි යමක් පුවත්පත්වල කියවීමට හෝ රූපවාහිනියෙන් දැකීමට නොතිබිණි. නමුත් රක්ෂණ ලෝකය කතා වූයේ වෙළඳසැලේ සිදුවූ ස්වර්ණාභරණ කොල්ලය ගැන වන අතර ලෝකයේ ප්‍රධාන බුද්ධි අංශ වලද ඒ ගැන කතා විය.
මෙම ව්‍යාකූලතාවයේ දී ඩොලර් මිලියන දහයමාරක් වටිනා භාණ්ඩ සොරකම් කර ඇති අතර වැරදිකරුවන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොතිබුණි. ඔවුන් හට ටෝනි, සිය සීසීටීවී කැමරාවල සටහන්වී සිටියද ඔහුද මියගොස් සිටියේය. එය සිදුවන බවද ඔවුන් දුටු අතර එවිටම කැමරාව ක්‍රියා විරහිත විය. ඔවුන්ට සිදුවූ අලාභය ‘ආරක්ෂක කාර්ය මණ්ඩලයේ සහ පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලයේ කොල්ලකරුවන්’ පිට පටවා එතැනින් එය අතහැර දමා තිබුණි.
ආරක්ෂක සහ පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ අඳුරු පැහැති වැඩ කටයුතු කරගෙන යන අතරතුරේදී ඔවුන් සොයාගත් වටිනා භාණ්ඩ සොරකම් කිරීම් ගැන මෙයට පෙර අසා තිබුණි. එය සමහරෙකුට වරප්‍රසාදයක් වූ අතර ධනවත් බටහිර රක්ෂණ සමාගම් කෙසේ වංචා කරනු ලැබුවද කිසිවෙකු ඒ පිළිබඳව නොසිතති. යුද්ධයට හා ත්‍රස්තවාදයට එරෙහිව වගන්තියක් තිබේ නම්, සමහර ධනවතුන් එම බිල්පත දරාගනු ඇත. එයද පොලිසියේ රාජකාරී කරන්නන්ට අදාළ නොවුනි.
අනුකම්පාව මුළුමනින්ම වෙන් කර ඇත්තේ මියගිය අය, ආබාධිතයන් සහ ඔවුන්ගේ ඥාතින් කෙරෙහි මිස කඩ සාප්පු ගබඩා හිමියන් සඳහා නොවේ.
ෂෙහෙරාසාඩේස් දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳ වඩාත්ම කැපී පෙනෙන කාරණා දෙක නම්, බොහෝ දුරට දේශීය ජනතාවට ඇතිවූ දුක, අවාසනාව සහ එම ස්ථානය පිරිසිදු කිරීමට, එය නැවත ආරක්ෂිත ස්ථානයක් කිරීම සහ නැවත විවෘත කිරීම සඳහා ඔවුන්ට ලැබුන අතිකාල දීමනාවන් ය.
සාප්පු හිමියන්ට සහ කාර්ය මණ්ඩලයට සිදු වූ හානිය ඉතා භයානක වූ නමුත් ගොඩනැගිල්ලට වූ සත්‍ය හානිය ගණන් ගත නොහැකි තරම් සුළු විය. මන්දයත් ස්වර්ණාභරණ දෙපාර්තමේන්තුව අවට බිත්ති මෑතකදී කිරිගරුඬ පුවරු වලින් ආවරණය කර තිබූ අතර ඒවා පිපිරීමට හොඳින් ඔරොත්තු දී තිබිණි. එලෙසම බෝම්බය නිර්මාණය කර තිබුනේ මිනිසුන් ඝාතනයට මෙන්ම ඔවුන්ව අංගවිකල කිරීමේ පරමාර්ථයෙන් විනා ගොඩනැගිල්ලට ව්‍යුහාත්මක හානියක් සිදු නොකිරීමටය.
පුපුරණ ද්‍රව්‍යය වටකර ඔතා තිබූ මිලිමීටර හයක විෂ්කම්භයකින් යුත් යකඩ බෝල මිනිසුන් විනාශ කිරීමට හා ප්‍රදර්ශන කැබිනට්ටු වල තද වීදුරු පසාරුකර යාමට තරම් බරින් යුක්ත වූ නමුත් බිත්ති හෝ සිවිලිම් පහළට ගෙන ඒමට නොහැකි විය. කෙසේ වෙතත්, බොහෝ අය ඒ ගැන දැන නොසිටි අතර ටෝනි ද එය දැන නොසිටියේය.
පිපිරීම පිළිබඳ විමර්ශන එදිනම සවස ආරම්භ වූයේ ගබඩාවේ ආරක්ෂක කාර්ය මණ්ඩලය ඔවුන්ගේ කැමරාවල පටිගත කිරීම් පොලිසියට භාර දුන් විට සිද්ධියට වගකිවයුත්තන් සොයා ගැනීමට උත්සාහ කිරීම සඳහාය.
නිරීක්ෂණ කැමරා, ඉතා පැහැදිලිව පෙනෙන ‘ග්ලිටර් ග්ලෝබ්’ හෙවත් සිවිලිමේ එල්ලා ඇති ගෝල මත සවි කර තිබූ අතර, ඒවා හය බැගින්, සිවිලිමෙන් එල්ලා, ගබඩාව වටා ඇති සෑම අංගයක්ම කැමරාවකින් ආවරණය වන ලෙස සවිකර තිබිණි. සෑම කැමරාවක්ම සෑම විටම පටිගත කර නොතිබුණි. සෑම කැමරාවක්ම ‘ක්‍රියාත්මක’ වුන අතර එකකින් පටිගත කිරීම් ආරම්භ වී තත්පර දහයකට පසු ඊළඟ කැමරා කාචය මගින් පටිගත කිරීම් සිදුවුනි. විවිධ කෝණවලින් සහ විවිධ නාභිගත ස්ථානවලින් ගබඩාවේ සෑම ස්ථානයක්ම පාහේ නිරීක්‍ෂණයට ලක්වන පරිදි ග්ලෝබ් ස්ථාපනය කර තිබූ අතර පටිගතවීම් මාරුවීමද සකසා තිබිණි.
ෆෙඩරල් පොලිස් නිලධාරීන් විසින් බෝම්බය පිපිරුන මොහොතේ සිට පටිගත කිරීම් පසුපසට ධාවනය කළ අතර, එමගින් බෝම්බකරුගේ රූපය සොයාගෙන, පසුව ඔහු ගබඩාවට ඇතුළු වූ ආකාරය ගැන සොයා බැලීය. ඔහු ගබඩාවට ඇතුළු වන බව ඔවුන් දුටු විට, ඔහුගේ ගමන් මග නිරීක්ෂණය කිරීම පහසු විය. සෑම නිලධාරියෙකුම එකඟ වූයේ, ඔහුගේ ඇඳුම් ආයිත්තම්වලින් නොව, ඔහුගේ හැසිරීමෙන් සැඟවීමට යමක් ඇති බව දැකීමට හැකි බවය. ඔහු නිසැකවම ඇඳුමින් ‘මහත්වී නොසිටියේය’.
නිලධාරීන් හය දෙනෙකු විශාල තිරයක් සහ කුඩා තිරයක් මත දර්ශනය නැරඹූහ. විශාල තිරය මගින් පෙන්වූ රූපයේ නොපැහැදිලි තාවයක් තිබූ නමුත් ඒ සඳහා සාදන ලද මෘදුකාංග මඟින් තිරයේ රූපය තමන්ට රිසිසේ හැසිරවිය හැකි විය.
ටෝනි, ඔවුන් ඔහුගේ නම නොදැන සිටියද, මිනිත්තු විස්සකට ආසන්න කාලයක් සාමාන්‍ය වේගයෙන් දෙපාර්තමේන්තු ගබඩාවේ සිටිනු ඔවුන් නිරීක්ෂණය කල අතර පසුව ඔවුන් එම දර්ශන මන්දගාමී වේගයෙන් ධාවනය කොට නැරඹූහ.
කිහිප වතාවක්ම.
ඔවුන් චිත්‍රපටය නැරඹූහ, මුළු රාත්‍රිය පුරා චිත්‍රපටය නැරඹූහ. නැවත නැවතත් නැරඹූහ. ඒ අතර අපරාධ අධිකරණ වෛද්‍ය විශේෂඥයින් සහ අනෙකුත් පොලිස් හා හමුදා නිලධාරීන් මෙම බිහිසුණු සිදුවීම සිදුවූ ස්ථානය පරික්ෂා කළහ.
උදෑසන දවස උදාවෙත්ම, පැය දහහතරකට පසුව, ඔවුන්ට කාර්යය නතර කිරීමට සිදු වූ අතර, විවේක ගැනීම සඳහා අකමැත්තෙන් ගෙදර ගියෝය. රාත්‍රී වැඩ මුරය කරනවුන් අතිකාල දීමනා මත කාර්යය භාර ගත් නමුත් දිවා මුරය කරනවුන් විවේක ගෙන පැය පහකට පසු නැවත පැමිණෙන තුරු ඔවුන් රාජකාරියේ නියැළුණි. . ඔවුන්ද නැවත නැවතත් එම දර්ශන නරඹා සටහන් සකස් කලේ එය ඔවුන්ගේ සගයන් සමඟ බෙදා ගැනීමේ අරමුණ ඇතිවය.
වැඩ මුර දෙකෙහි සියලු දෙනා එකඟ වූ එක් කරුණක් නම්, බෝම්බකරුගේ නොසන්සුන් බව පැහැදිලිව දිස්වූ බවය. රාත්‍රී වැඩ මුරයේ ප්‍රධාන නිලධාරියා විසින්, සැක සහිත පුද්ගලයින් හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ගබඩා ආරක්ෂක කාර්ය මණ්ඩලය සඳහා පුහුණු කිරීමේ වීඩියෝවක් සැකසීමට චිත්‍රපටයේ කොටස් ඇතුළත් කිරීම සඳහා උපදෙස් පත්‍රිකාවක් පිළියෙළ කළේය. කෙසේ වෙතත්, ඉතිරි අය තවමත් ව්‍යාකූලව සිටියහ.
දිවා වැඩ මුරය කරනවුන් නැවත කාර්යය භාරගත් විට, ඔවුන් කෝපි බොමින් වාඩි වී නැවත මන්දගාමී ස්වරූපයෙන් චිත්‍රපටය නැරඹූහ.
“සර්, ඒක නවත්වන්න! තත්පර කිහිපයක් ඒක පස්සට ගෙනියන්න, කරුණාකරලා, දැන් එක සැරේකට එක රාමුව ගානේ යවන්න. මම කියන කොටම නවත්තලා තියාගන්න ලෑස්ති වෙන්න.” තරුණ ෆෙඩරල් පොලිස් නිලධාරිනියක් පැවසුවාය. “මම හිතන්නේ මම මොකක් හරි දැක්කා… එතන පේනවද? ඒ මිනිහා එයාගේ නළල පිහිදැම්මා, බලන්න! එයාගේ ලේන්සුවේ දුඹුරු පාටක් තියනවා! එක්කෝ ඊයේ ගොඩාක් දූවිලි තියෙන්න ඕනේ, නැත්තම්… මම හිතන්නේ අපේ මිනිසා වේශ නිරූපණයක්, වේදිකා වේශ නිරූපණ ද්‍රව්‍ය පැළඳ ගෙනයි ඉන්නේ. අපි ඔක්කොමලා හරි, මම හරි, අඩුම ගානේ හිතුවේ මෙයා මැද පෙරදිග ඉඳන් ආපු කෙනෙක් කියලයි, නමුත් මට දැන් ඒ ගැන විශ්වාස නැහැ. බලන්න, එයාගේ නළල දැන් ටිකක් සුදු යි… හිඩසක් වගේ. ආපසු පස්සට ගිහින් ඒ ටික ආයෙමත් ධාවනය කරන්න, සර්, ඔයා කැමති නම්. බලන්න මම අදහස් කළේ මොකක්ද කියලා තේරෙනවද?”
“එයා යුරෝපයේ කෙනෙක් වෙන්න පුලුවන්ද?”
ඔවුන් එම වීඩියෝ පටයේ එම කොටස නැවත නැවතත් ධාවනය කළහ.
“සුසෙට්, මම හිතන්නේ ඔයා ඒකෙ මොකක් හරි හොයා ගත්තා” යැයි අණදෙන නිලධාරී ෆෙඩරල් පොලිස් කපිතාන් අලී අල්ලාවි පැවසීය. ඔයාලා ඒ ගැන හිතන්නේ මොකක්ද?”
බොහෝ දෙනා එකඟ වූහ, සමහරු අකමැත්තෙන්.
“ඉතින්, අපේ බෝම්බකාරයා අරාබි හරි, මේ ප්‍රදේශවලින් හරි, කොහෙත්ම වෙන්න බැහැ. එයා බෝම්බේ පුපුරවා ගන්න කොට ‘අල්ලාහු අක්බාර්!’ කියලා කෑගහලා නැහැ කියලත් මම දැක්කා.”
“එයාගේ මූණ ලංකරලා බලන්න අපිට පුළුවන් වෙයිද?”
කාන්තා තොරතුරු තාක්ෂණ විශේෂඥයා විසින් බොත්තම් කිහිපයක් ඔබා රූප රාමු කිහිපයක් එහා මෙහා කොට රූපයක් ගෙන තවත් බොත්තම් ඔබමින් එය පැහැදිලි වනතෙක් වැඩි දියුණු කළේය.
“සර්.”
“කරුණාකර, ඒක තිර දෙකටම දාලා හොඳ පැහැදිලි පිටපත් දුසිමක් මුද්‍රණය කරන්න.”
නිලධාරීහු තිරය සහ මුද්‍රණ යන්ත්‍රයෙන් පැමිණි මුද්‍රණය සවිස්තරාත්මකව පරීක්ෂා කළහ.
“ඔයාට මේ රූපය වෙනස් කරන්න පුලුවන්ද, ලුතිනන්? ඒ ඝන ඇහි බැමයි උඩු රැවුලයි අයින් කරලා එයාගේ හමේ පාට අඩු කරන්න. විශේෂයෙන් ඇස් දෙක වටේ. ඒක තමයි, ටිකක් සුදුමැලි, උතුරු යුරෝපීය. ඔව්…”
"හොඳයි, දැන් එයාට කළු වෙනුවට දුඹුරු පාට කොන්ඩේ දාන්න. ඔව්, ඒක තමයි. මෙයා යුරෝපීය හරි යුරෝපීය සම්භවයක් තියන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒක හරියන්න තියන අවස්ථාවන් ඉතා අඩුවෙන්න පුළුවන්… ඉතා සුළු අවස්ථාවක් පමණක්… අපරාධය වෙච්ච තැන තිබිලා මිනිහා ගැන හොයාගන්න පුළුවන් මොනා හරි දෙයක් හම්බවෙලා තියනවද?”
“නෑ සර්, තාම නැහැ. මම දන්න විදිහට නැහැ. පිපිරීමෙන් ළඟම තියන කැමරා ඔක්කොම හානි වුනා. ළඟ තිබුන අනිත් කැමරාවලටත් පිටවෙච්ච එලිය නිසා ඒ වල රූප ගොඩාක් සවුත්තු වෙලා. ඒ නිසා එයාගේ ශරීර කොටස් කොහෙට විසිවෙලා ගියාද කියලා අපි දන්නේ නැහැ, සර්.”
“හරි, දැන් එතන ඉන්න අධිකරණ වෛද්‍යවරයෙකුට ඇමතුමක් දීලා පරීක්ෂා කරන්න.”
“සර්! ඉක්මනටම කරන්නම්, සර්! මිනිත්තු පහළොවකට ඉස්සෙල්ලා මම එයාලට කතා කරපුවම එයාලා කිව්වේ දැවැන්ත මිනිස් ඝාතනයක් වෙලා තියනවා කියලත්, බෝම්බ කාරයා හිටපු තැන ඉඳන් මීටර් විස්සක් ඇතුලේ ඕනෙම ශරීර කොටසක් ඕනෑම කෙනෙක්ගේ වෙන්න පුළුවන් කියලත්. දුමෙන් වෙච්ච හානිය නිසා බිත්ති වලයි සිවිලිමෙයි තියන කෑලි වල කිසිම ඩී.එන්.ඒ. ගැලපීමක් තියනවද කියලා පරීක්ෂා කරන්න අමාරුයි කියලත් එයාලා කිව්වා. පරිසර දූෂණය, සර්.”
“හරි, ලුතිනන්. එයාලා එක්ක දිගටම සම්බන්ධතාවය තියාගෙන මොනවා හරි වෙච්ච ගමන්ම මට දන්වන්න - දවල් හරි, රෑ හරි, ඩියුටි හිටියා හෝ නැතා හෝ, තේරෙනවා නේද?”
“ඔව්, සර්.”
“හොඳයි, කට්ටියම, මේ වැඩ මුරයේ ඉතිරි වෙලාව සඳහා, මේ බෝම්බ කාරයා සුදු යුරෝපීය හරි, ඇමරිකානුවෙකු හරි, කියලා උපකල්පනය කරලා අපි කටයුතු කරමු. මම එය අපේ වැඩ මුර ලොග් පොතේ ලියලා තියන්නම්. නමුත් දැනට එය අනුමානයක් විතරයි, හරිද? මේ කුරිරු ක්‍රියාව දේශපාලනික හරි ආගමික චේතනාවන් වෙනුවෙන් අරාබි ත්‍රස්තවාදින් සිදු කරපු දෙයක් කියන දේත්, මම බැහැර කරන්නේ නැහැ.”
“අල්ලාහ්ව මුණගැහෙන චේතනාවෙන් ඉඳලා අහිංසක මිනිසුන්වත් එයා එක්ක අරගෙන යන්න ලෑස්ති වෙන කෙනෙකුගේ මනස හරහා දිව යන්නේ මොකක්ද කියලා දන්නේ කවුද? සමහර වෙලාවට එයාට ‘අල්ලාහු අක්බාර්’ කියන්නට අමතක වෙන්න ඇති. සමහර වෙලාව එදා උදේ එයාගේ මූන හෝදගන්න අවශ්‍යතාවයක් තියෙන්න නැතුව ඇති, වෙන්න තියෙන දේ හැටියට… වෙන්න පුළුවන් දේවල් ගැන ඔයාලගේ මනස වහලා තියා ගන්න එපා. මම කියන්නේ මේ වැඩ මුරයේ ඉතුරු කාලය, අපි සුසෙට්ගේ අදහස එක්ක, ඒ කියන්නේ මේ මිනිහා යුරෝපීය හෝ ඇමරිකානුවෙකු වෙන්න පුළුවන් කියන එක, අපි කියමු කොකේසියානු කියලා, වැඩ කරලා අපිට කොච්චර දුරක් යන්න පුලුවන්ද කියලා බලමු. කොකේසියානු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට සම්බන්ධ ඵෙතිහාසික සාක්ෂි කිසිම දෙයක් නැහැ.”
“සුදු ජාතිකයොත් බෝම්බ දානවා තමයි, ඔව්, අනෙක් මිනිස්සුන්ට පහර දෙනවා, ඔව්, නමුත් එයාලා ඒ කටයුතුවලදී සාමාන්‍යයෙන් සියදිවි නසා ගන්නේ නැහැ, කොහොමත් නැහැ, හේතුවක් නැතුව.”
“මෙහේ ඉන්න අපේ මිනිහා මොකක් හරි මෙහෙයුමක යෙදිලා හිටියේ, මැරෙන බව දැන ගෙනමයි. මෙයා කොකේසියානු ජාතිකයෙක් නම්, අපි ගනුදෙනු කරන්නේ අලුත්ම වර්ගයේ මරාගෙන මැරෙන බෝම්බ කාරයන් එක්ක. මීට ඉස්සර කිසිම කෙනෙක්ට මුණ ගැහිලා නැති විදිහේ.”
“ප්‍රශ්නය මේකයි. පිපිරෙන වෙලාවේ කොකේසියානු ජාතිකයින් කී දෙනෙක් අපරාධය සිදු වෙච්ච ස්ථානයේ හිටියද? කවුරු හරි ඒ ගැන හොයලා බලන්න.”
“අපි බලමු විසිරිලා ගිය දත් කීයක් සහ අස්ථි කොච්චර අපිට හොයා ගන්න පුලුවන්ද කියලා. ඩීඑන්ඒ පරීක්ෂනයට ඒවා ඔක්කොම අයින් කරගෙන යවන්න. කොකේසියානු සම්භවයක් තියන අයිතිකාරයෙක් නැති ශරීර කොටස් අපිට හම්බවෙයිද කියලා බලමු.”
“අධිකරණ වෛද්‍යවරු ඒ ගැන සතුටු වෙන්නේ නැහැ, සර්. එයාලට ඒකට සති ගානක් නෙමෙයි, මාස ගානක් යයි.”
“එයාලා හිතන දේ ගණන් ගන්නේ කවුද? ඒකට කරන්න දෙයක් නැහැ; අපි මෙතන අලුත් දෙයක පටන් ගැම්මේ ඉන්න පුළුවන්. අලුත් ත්‍රස්තවාදී සංවිධානයක් හරි, අළුතෙන් ගැලවිලා ගිය කණ්ඩායමක් හරි, වෙන්න පුළුවන්. ඒක එහෙම නම්, කොකේසියානු ජාතිකයෙක් ඉරාක දෙපාර්තමේන්තු සාප්පුවක පුපුරවා ගන්නේ ඇයි?”
“ඒකෙ කිසිම තේරුමක් නැහැ! ක්‍රිස්තියානි කට්ටිය කාරනාවන් ඔප්පු කරලා පෙන්නන්න, එහෙම දේවල් කරන්නේ නැහැ කවදාවත්.”
“කවුරුහරි කණ්ඩායමක් තාම වගකීම භාර අරගෙන තියනවද?”
“නැහැ, සර්, සුපුරුදු කණ්ඩායම්වලින් කිසිම කෙනෙක් නැහැ.”
“ඔයා අපේ මූලාශ්‍රවලට දුරකථන ඇමතුමක් දීලා එයාලගෙන් ඇහුවද?”
“අපි දැන් කතා කරන කොට ඒ දේ සිද්ධ වෙනවා, සර්, ඒවගේම එක් එක් නිලධාරීයා එයාලගේ ඔත්තුකාරයන් ගෙන් හිටන් අහලා බලනවා. නමුත් කිසිම දෙයක් නැහැ… අවම වශයෙන්, තවම නැහැ.”


කළු ඇඳුමෙන් සැරසී සිටි පිරිස්, ස්වර්ණාභරණ ප්‍රදර්ශන කුටි කොල්ල කෑ අතර ඒවායින් වැඩි ප්‍රමාණයක් පිපිරීමෙන් හානිවී තිබූ බැවින් පයින් ගැසීම් වලට පවා ප්‍රතිරෝධයක් නොදැක්විය. අනෙක් ඒවා මැෂින් තුවක්කු මගින් කඩා දැමුහ. සටන්කරුවන් අට දෙනා තමන්ට ඉඩ දී තිබූ මිනිත්තු අට තුළ ඔවුන්ට සොයා ගත හැකි සියල්ල ලබා ගත්හ.
මිනිසුන් ඉහළට හෝ පහළට පැමිණීම වැලැක්වීම සඳහා පඩිපෙළ අසල සිටි සටන්කරුවෙක් අක්‍රමවත් කාල පරාසයන්හිදී පඩිපෙළෙන් පහළට අත් බෝම්බ විසිකළ අතර එලෙසම විදුලි සෝපාන සහ එස්කැලේටර් අක්‍රීය කර තිබිණි
ඔවුනට තවත් මිනිසුන්ට හිංසා කිරීමට අවශ්‍ය නොවූ නමුත් අවශ්‍ය වුවහොත් එසේ කිරීමට ඔවුන් සූදානම්ව සිටියහ. ඔවුන් සිටියේ දෙවන මහලේ බැවින්, විශාල ජනේලවලින් එකක් වෙත වෙඩි තබා පහළ පටු මාවතේ නවතා තිබූ විශාල, වහල වසා නොතිබූ, දෙපැත්තෙන් ඉතා උස ට්‍රක් රථ දෙක තුළට පැන ගැනීම ගැටලුවක් නොවීය.
ට්‍රක් රථ දෙක ප්‍රතිවිරුද්ධ දිශාවලට පිටත් වූ අතර එබැවින් ඒ දෙකම එකවිට අත්අඩංගුවට ගැනීමට ඇති ඉඩකඩ අඩු විය. කෙසේ වෙතත්, ඔවුන් දැඩි ලෙස ආයුධ සන්නද්ධව සිටි අතර සෑම වාහනයකම රොකට් විදින උපකරණ පවා තිබිණි. ඔවුන් කිසිදු සිදුවීමකින් තොරව ආරක්ෂිතව පලා ගොස් ෂෙහෙරාසාඩේස් වෙතින් පිටත් වූ විගස, ටර්බෝ එන්ජින් සහිත විශේෂ හඳුනා ගැනීමේ සලකුණු කිසිත් නොමැති වාණිජ වෑන් රථ වෙත මාරු වූහ.
ටෝනි හැර අනෙක් සියලුම ප්‍රහාරකයින්, ඔවුන්ගේ රහස් සැඟවුණු ස්ථානයේ - ඔවුන්ගේ ලොක්කාගේ වලව්ව තුල - ඔවුන් සිදුකල ඉතා දුෂ්ඨ ක්‍රියාවෙන් පැයකට පසු ආරක්ෂිතව සිටියහ.
“ඉතින්, මුස්තාපා, හැම දේම සැලසුමට අනුව වුනා නේද?”
“ඔව්, සර්. අපි ගාව වෙළඳ භාණ්ඩ ටික තියනවා, ඒ වගේම කිසිම විදිහක ගැටුමකින් හරි අපේ අයට ජීවිත හානියක් නැතුව”.
“ඔයාගේ සැලැස්ම සම්පුර්ණයෙන්ම ප්‍රතිඵල දායක විදිහට ක්‍රියාත්මක වුනා, සර්.”
“ඔව්, ඒක වැරදෙන්න විදිහක් නැතිවුනේ ඒක සරල නිසයි. මම මේ මොනිටරයෙන්, ‘අරයගෙ’ කැමරාවෙන් ආපු දර්ශන, පිපිරෙන වෙලාව වෙනකන් නිරීක්ෂණය කරා, පස්සේ ඔයාලගේ හෙල්මට් වල කැමරාවෙන් නිකුත් කරපු දර්ශනවලත් ඔයාලගේ ක්‍රියාකාරිත්වය නැරඹුවා. මම ඔක්කොම දැක්කා. ඔයා දැක්කට වඩා. ඔයාගේ කැමරාවේ දර්ශන තරමක් පැහැදිලිව තිබුනේ නැහැ. මම හිතනවා ඒ ඔයා ඉතා වේගයෙන් ක්‍රියාත්මක වුන නිසා කියලා”.
මුස්තාපාට තම බලවත් ලොක්කාට පටහැනි වීමට අවශ්‍ය නොවූ නිසා, එයට පටහැනි කිසිවක් නොකියා සිටියේය.
“වෙන්න පුළුවන්, සර්”, ඔහු පිළිතුරු දුන්නේ, සම්ප්‍රේෂණයේ බාධාවන්ට සිදුවිය හැකි අවම හේතුව එය විය හැකි බව සිතා ගෙන වුවත්, ඔහුටද හේතුව කිමෙක්ද යන්න වැටහීමක් නොතිබුණි. ඔහු සැක කළ පරිදි, පොදු නිරීක්ෂණ කැමරාවල සිදුවූ විදුලි කාන්දුවීම නිසා ඇතිවූ චුම්බක බලපෑම නිසාද විය හැකි විය.
“ඔයයි ඔයාගේ කණ්ඩායමයි හොඳින් වැඩේ කරා, මුස්තාපා. ඉතින් මම ඒක අමතක කරන්නේ නැහැ. කරුණාකරලා ඔයාගේ මිනිස්සුන්ට මගේ සතුට ප්‍රකාශ කරලා සාර්ථක මෙහෙයුමකින් පස්සේ සුපුරුදු විදිහට සමරන්න මම නියෝග ලබා දීලා තියන බව කියන්න. ඔයාලා ඔක්කොම ඒකට සුදුසුයි”.
“ස්තූතියි, සර්, මම මිනිස්සුන්ට කියන්නම්”.
“දැනට එච්චරයි, මුස්තාපා, ටිකක් විවේක ගන්න, ඊට පස්සේ ජීවිතය භුක්ති විඳින්න”.
“ඔව්, සර්” මුස්තාපා තම ලොක්කාට ආචාර කර කාමරයෙන් පිටව ගියේය.
ඔහු ගිය පසු, ‘ලොක්කා’ ඔහුගේ ජංගම දුරකථනය රැගෙන අංක මාලාවක් එහි එබුවේය.
“අපේ කණ්ඩායම දින්නා! එයාලා ඊළඟ ලීගයත් දිනයි කියලා අපි බලාපොරොත්තු වෙමු”.
“හොඳයි, මගේ ආශාවත් ඒකයි. ඊළඟ තරගය කවදාද?”
“ඒ ගැන මට තාම විශ්වාසයක් නැහැ, නමුත් සති කිහිපයකින් කියලා මම හිතනවා, නමුත් ඒක දුර කරන ක්‍රීඩාවක් වෙයි ගොඩක් වෙලාවට… සමහර විට ඔයා අවට. අපි ගියොත් ඔයාට පුලුවන්ද අපිට නවාතැන් පහසුකම් දෙන්න?”
“ඔව්, මම හිතන්නේ මට ඒක සංවිධානය කරන්න පුළුවන්. මට ඔක්කොම විස්තර දෙන්න. කවදද කියලයි, කීදෙනෙක් එනවද කියලයි වගේ දේවල්. එතකොට හැම දේටම ලේසියි”.
"හොඳයි. එහෙනම්, ඔයා අපේ මිතුරන්ට ශුභාරංචිය ප්‍රකාශ කරයි කියලා මට හිතන්න පුළුවන් නේද?”
“ඔහ්, ඇත්තෙන්ම! හොඳ ආරංචියක් දෙන කෙනෙක් වෙන්න හැමෝම කැමතියි. මම ඉක්මනින් ඔයාව හම්බවෙන්න බලාපොරොත්තු වෙනවා”.
“මම දන්නවා එහෙම වෙයි කියලා. මමත් බලාපොරොත්තු වෙනවා. දැනට සමුගන්නම්”.



“හලෝ, ඔව්. ප්‍රතිඵලය ගැන ඔයා සතුටු වෙනවාද, සර්?”
“ඔව්, සැලැස්මට අනුව හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙලා තියනවා.. ඔයාගේ සේවය ගැන මම ගොඩක් සතුටු වෙනවා”.
“හොඳයි, ඒක අහන්න මටත් සන්තෝෂයි... ඉතින්, ඔයා ඉක්මනටම ඔයාගේ යුතුකම ඉටු කරයි කියලා මට බලාපොරොත්තු වෙන්න පුළුවන් නේද?”
“ඔව්, ඒක දැනටමත් ලෑස්ති කරලා තියෙන්නේ. ඔයාගේ සමාගමට විනාඩි තිහක් ඇතුළත මගේ එකේ ඉඳන් බෙදාහැරීම සිදුවෙයි. ඒක එහෙම වුනේ නැත්තම්, කරුණාකරලා පැයක් ඇතුළත මට ආයෙත් කතා කරන්න දෙසැරයක් හිතන්න එපා. මම ඒක වහාම විසඳන්නම්”.
“සේවාව ආයෙත් ලබා ගන්න පුළුවන් නේද?”
"ඔව්, සත්තකින්ම".
“එක දැනුම් දීමකින්ද?”
“ස්වාභාවිකවම, ඔයාගෙන් වැඩි විස්තරයි, මෙම කොන්ත්‍රාත්තුව සම්පූර්ණ කරන්නේ නැතුවයි මට කිසිම දෙයක් සහතික කරන්න බැහැ”.
“ඔව්, ඇත්තෙන්ම, මට තේරෙනවා. හොඳයි, මම ඔයාගේ සේවාවන් ගැන සෑහීමකට පත්වෙනවා. හැම දෙයක්ම ලෑස්ති කරලා තියෙන්නේ. ඒ නිසා කරුණාකරලා, ඉක්මනින්ම අපෙන් තවත් ඇණවුමක් බලාපොරොත්තු වෙන්න”.
“ඔයා කියන විදිහටම, ඒක සිද්ධ වෙයි. අපේ සමාගමෙන් ඔයාට තෘප්තියක් ලැබූන එක ගැන මම සතුටු වෙනවා”.
ඒ සමගම ඇමතුම විසන්ධි වූ අතර ස්විට්සර්ලන්තයෙන් මුදල් ලැබුන බවට සහතික කරගැනීම සඳහා ඔහු වහාම සිය ලේකම් හට ඇමතුවේය.
මෙම සැපයුම්කරු සමඟ සංකීර්ණ, අප්‍රසන්න තත්වයක් ඇති කර ගැනීමට ඔහුට අවශ්‍ය නොවීය.


ස්විට්සර්ලන්ත බැංකුවක් නිහඬව එක් මාර්ගයක ඩොලර් 1,500,000 ක් සහ තවත් මාර්ගයක ඩොලර් 500,000 ක් යවන ලදී.



“තවත් සාර්ථක මෙහෙයුමක්, බොබ්.”
“ඔව්, සර්, ඒකනම් එහෙම තමයි.”
“තාමත් මට‘ සර් ’කියලා කතා කරන්න අවශ්‍යතාවක් නැහැ, බොබ්, ඒ දවස් ගෙවිලා ගිහින් දැන් ගොඩාක් කල් නේ, මට ගරෙග් කියලා කියන්න කියලා මම කීප සැරයක්ම ඔයාට කියලා තියනවා.”
“ඔව්, සර්, ඔයා කියලා තියනවා. සමාවෙන්න, ඒ උනාට පරණ පුරුදු අතාරින්න අමාරුයි, සර්, ගරෙග්.”
“ජේසුනී, බොබ්, ‘සර් ගරෙග්’ ඊටත් වඩා නරකයි!” ඔහු විහිළුවෙන් කීවේය.
"ඔව්, අර්, ගරෙග්, මම කවදාහරි ඒකට පුරුදු වෙයි, මම හිතන්නේ."
"මම එහෙම හිතනවා. තව ටිකක් විවේකීව ඉන්න උත්සාහ කරන්න, අපි තවදුරටත් හමුදාවේ නෙමේනේ ඉන්නේ. අවුරුදු ගණනාවක් තිස්සේ අපි ඒකෙ නැහැ. ඔයාට පහක් මට දහයක්, මම හිතන්නේ, නැද්ද?”
“ඔව්, ගරෙග්. මම මීට අවුරුදු හතරකට ඉස්සර අයින් වෙලා ගියේ. ඔයා මාව හොයලා බලලා මාව අරගත්තු එකට මම හැම වෙලේම කෘතඥ වෙනවා. ගොඩාක් පරණ සොල්දාදුවන් වගේ මමත් පරණ යකඩ ගොඩක නතරවෙයි කියලයි මං බයවෙලා හිටියේ.”
“ඔව්, හොඳයි, අපි ඔක්කොමලා ගිය දේවල් එක්ක මම ඒක වෙන්න ඉඩ තියන්නේ නැහැ, එහෙම නේද?"
“හොඳයි, සර්, මම කිව්වේ, අර්, ගරෙග්, ඔයා මගේ ජීවිතය හැරෙව්වා, ඒ ගැන කිසිම වැරැද්දක් නැහැ. මම හමුදාවෙන් විශ්‍රාම ගන්න කොට මොකක් කරන්න වෙයිද කියලා මමයි මගේ නෝනයි කනස්සල්ලෙන් හිටියේ. දැන් ඒ උනාට මම ඉස්සරට වඩා තුන් ගුණයක් මම ඔයත් එක්ක හම්බ කරනවා. මට තාමත් මගේ විශ්‍රාම වැටුපත් ලැබෙනවා. දුප්පත් මහලු ජෙනී මේ දේවල් වල ප්‍රතිලාභ දකින්න හිටියනම් හොඳයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. කොහොම උනත් මම ඔයාට ණයගැතියි. සදහටම ණයගැතියි.”
“දැන් ඒ ගැන කතා කළා ඇති. ඉතා හොඳින් ඉවර කරපු තවත් මෙහෙයුක් සඳහා ස්කොච් බෝතලයක් විවෘත කරමු, නැත්තන් ඔයා නගරයට ගිහින් පයින්ට් කිහිපයක් දාගන්නවාද?”
“සර්, ඔයාට ඕනේ විදිහක්. මට කෝකත් එකයි.”
“හරි, අපි වෙනසකටත් එක්ක නගරයට යමු. කවුද ඉන්නේ කියලා බලමු. ඒක නිහඬ නම් අපට ආයේ එන්න පුළුවන්නේ.”
“ඔයා හරි, මම කාර් එක වටෙන් අරගෙන එන්නම්. මර්ක් එකද බෙන්ට්ලි එක ද?”
“ඔහ්, මම හිතන්නේ අද රෑ බෙන්ට්ලි එක. අපි ඕනෑවට වඩා බොනවා නම්, ඒ කාර් එක පොලිසියට කොතරම් පැහැදීමක් ඇති කරනවාද කියලා ඔයා දන්නවා. අපි වාසනාවන්ත වෙන්නත් පුළුවන්, ඔයාහිතන්නේ නැති විදිහට.”
ඔවුන් ගොවි පොළෙන් ඉහල ජවයකින් යුතුව පිටත්ව යන විට, බර්මින්හැම්, ඇලබාමා හි වෛද්‍යවරයෙක් ඔවුන් වෙතට ලඟා වීමට උත්සාහ කළ නමුත් ඔවුන් නැවත මෙහෙයුමක යෙදී සිටි නිසා එය ගණන් නොගත්තෝය.
ඔවුන් කිසිදා එසේ නොකළහ. ඔවුන් සිටිනා ව්‍යාපාර රාමුව තුල කිසිදු තරඟයක් නොතිබූන අතර ගනුදෙනුකරුවන් සෑම විටම ඔවුන් වෙත ආපසු පැමිණියේ, ආයෝජන මත ප්‍රතිලාභ අනුපාතය මිනිසුන්ගේ අදහස් තරම් ඉහළ මට්ටමක පැවති බැවිනි.


පිපිරීමෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවීම මෙන්ම පොලීසිය, ඉදිකිරීම්කරුවන් සහ රෝහල් කාර්ය මණ්ඩලය සඳහා අතිකාල මුදල් ද ගෙවීම සඳහා ස්විස් බැංකුවෙන් මාරු වූ මුදල් පෙරහන් වී පැමිණියේය.
දුක් විඳින විශාල පිරිසක් සිටියද, ෂෙහෙරාසාඩේස් දෙපාර්තමේන්තු ගබඩා ප්‍රදේශය සහ ලොව පුරා වෙනත් ස්ථානවල ප්‍රාදේශීය ප්‍රජාවන් කිහිප දෙනෙකුගේ ක්ෂුද්‍ර ආර්ථිකයට විශාල ප්‍රාග්ධනයක් එන්නත් කරන ලදී.
විකුණුම් සහායකයින් විශාල ප්‍රමාණයක් දුප්පත් පවුල් වලින් පැවත ආ අය වූවත්, පිපිරීමෙන් මියගිය දුප්පත් කෙනෙකු නොසිටියේය. සාප්පු සවාරියේ යෙදුන ධනවතුන් සහ කම්කරුවන් සහ සංකීර්ණයේ අයිතිකරුවා රක්ෂණය කර තිබුනි.
බොහෝ අය මෙම හිංසනයෙන් විශාල මුදලක් උපයා ගත් අතර, රක්ෂණ වන්දි ගෙවීම නිසා ඊළඟ වසරේදී රක්ෂණ වාරික ඉහළ නැංවීමට තීරණය කරන ලද නමුත් එය කිසි විටෙකත් ප්‍රසිද්ධියට පත් නොකරන ලදී.
2 බර්මින්හැම්, ඇලබාමා

"සර්, අවශ්‍ය හැම ගනුදෙනුවකම සිද්ධ වෙලා තියෙන්නේ."
“ස්තූතියි,” ඔහු පිළිතුරු දී දුරකථනය විසන්ධි කළේය.



බර්මින්හැම්හි වෛද්‍යවරයා පැය කිහිපයක් ඇතුලට පණිවිඩ දෙකක් තබා තිබුණි.
"දොස්තර ඒ. ඩබ්ලිව්. ක්‍රෝ, කනිෂ්ඨයා කතා කරන්නේ ... අහ්, ඒ ඔයාද, සර්. මට පාව්චිචියට ගන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවා. විස්තර: උපරිම තුන; දශම පහ. තේරුණාද?"
“ඔව්, ස්තූතියි වෛද්‍යතුමනි, ඔයාගේ උනන්දුව සටහන් කරගත්තා, අපි ඉක්මනින්ම ඔයාව ආයෙත් සම්බන්ධ කරගන්නම්. ආයුබෝවන්.”



තෙවන ඇමතුම මාර්සේ හි ජෙනාරෝ ගෙනි, නමුත් එය කෙතරම් වැදගත්ද වූවාද කිවහොත්, ගරෙග් එම ඇමතුම යලි නාද නොකළේය. ඔහු ඒ වෙනුවට, ‘හෙට’ යනුවෙන් කෙටි පණිවිඩයක් යැවිය.
"බොබ්, ඔයාට නිවාඩුවක් ගන්න තියනවා. ඊළඟ පැය හතලිස් අට ඇතුලත ඔයාට පිටත් වෙන්න පුලුවන්ද?”
“ඔයාට ඕනේ නම්, ඊළඟ විනාඩි හතලිස් අටෙන් උනත් මට යන්න පුළුවන්. මම කොහෙද යන්නේ?"
“උතුරු ඇමරිකාවට, ඇමරිකා එක්සත් ජනපදයට සහ කැනඩාවට. ඔයාගේ වීසා තාමත් වලංගුයි නේද?”
"ඔව් සර්, මම ඒවට කිසිම දවසක කල් ඉකුත් වෙන්න දෙන්නේ නැහැ."
“හොඳයි, හොඳයි, ඔයාට පුළුවන් ඉක්මනින්, ඇලබාමා වල බර්මින්හැම් වලට පියාසර කරන්න සූදානම් වෙන්න, එතනින් පටන් ගන්න. මට යුරෝපයට සංචාරයක් යන්නත් වෙලා තියනවා, නමුත් මම යන්න ඉස්සරවෙලා ඔයාගේ සම්බන්ධතා පිළිබඳ විස්තර මම ඔයාට දෙන්නම්. ඊළඟ දවස් හතේදී මාව සම්බන්ධ කරගන්න පුළුවන් ජංගම දුරකථන අංකය මෙන්න මේකයි.”
බොබ් කඩදාසි කැබැල්ල ගෙන, හුස්මත් සමග එම අංකය නැවත කියවූ අතර ක්‍ෂණිකව එය තම මතකයේ තැන්පත් කරගත්තේය. ඔහු කඩදාසි කැබැල්ල නැවත ගරෙග් වෙත භාර දුන්නේය. ඔවුන් දෙදෙනාම ප්‍රංශ දොරවල් හරහා ගෙවත්තට ඇතුළු වී එකිනෙකාට තරමක් දුරින් සිට තම ගමනාන්ත දක්වා ගුවන් ගමන් වෙන් කර ගත්හ. ඔවුනට අවශ්‍ය නම්, හෝටල් පහසුකම් වෙන් කිරීම ඉතා පහසු විය.


සැරයන් රොබට් ජෝන්ස් නොහොත් ඔහුව වඩාත් හොඳින් හැඳින්වූ පරිදි, බොබ් 2 වන පැරෂුට් රෙජිමේන්තු බලඇණියේ හිටපු දෙවැනියා මෙන්ම 22 විශේෂ ගුවන් සේවා රෙජිමේන්තුවේ හිටපු නිලධාරියෙකුද විය. ඔහු හතළිස් හය හැවිරිදි වියේ පසු වූ අතර, දහසය හැවිරිදි වියේදී හමුදාවට බැඳී ඇති අතර, ඔහු දෙස් විදෙස් බොහෝ සංග්‍රාම වල ප්‍රවීණයෙකු විය. ඔහු 5' 4" උස්වූ, කොට, කෙට්ටු හා පළල් මිනිසෙක් වූ නමුත් ලෝකයේ ඕනෑම කෙනෙකු හමු වීමට කැමති අන්තිම පුද්ගලයෙක් වුයේ, මේ මෘදු ගතිගුනැති බොබ් ජෝන්ස් වූ අතර විශේෂයෙන් එසේ වූයේ ඔහු ඔබ සමඟ අමනාප වී සිටින්නේ නම් හෝ ඔබ ඔහුගේ 'මාර්ගයේ' සිටිනවා යනුවෙන් ඔහු සිතන්නාවූ අවස්ථාවන්හිදී ය. කෙසේ වෙතත්, සමාජයේ වාසනාවකට මෙන්, ඔහු කෝපයට පත් වූයේ කලාතුරකිනි, ඔහු කිසි විටෙකත් නියෝග මත මිනිසුන් මරා දමා නොමැත.
කෙසේ වෙතත් ඒ, අවුරුදු විසි හයක් තුළ ඔහු හමුදාවේ සිටි කාලයේදීය.
ඔහු හමුදාවට බැඳී මද කාලයකට පසු, එනම් ඔහුගේ පුහුණුවීමේ කාලය අතරතුර, ඇල්ඩර්ෂොට්හි සිටියදී, ඔහුට දැන් තිබූ ස්වයං විනය නොමැති කාලයක් තිබූ අතර, නගරයේ බාර් වල කැරලි ගසමින් නගරවාසීන් සමග ඔහු නිරතුරු රණ්ඩු සරුවල් ඇති කරගත් අතර ඔහු දෙස බැලීමම, නගර වැසියන් හට රෝහල් ගත වීමට හේතුවක් හෝ නැතහොත් එය හුදු විනෝදය සඳහාම විය.
නමුත් එය සිදුවුයේ ජීවිත කාලයට පෙරය.
බොබ් වසර දොළහක් හමුදාවේ, ගරෙග්ගේ දකුණත් මිනිසා ලෙස සිටි නමුත් ඔවුන් දෙදෙනා නැවත සිවිල් ජීවිතයේ එක්වී වැඩ කිරීමට පටන් ගෙන තිබුනේ මෙයට වසරකට පමණ පෙර වූ අතර, එයද ඔහුගේ බිරිඳ ජෙනී, පිළිකාවක් හේතුවෙන් මිය ගිය පසුය.
ඔහු ඇයව වාසනාවන්තයෙකු ලෙස සැලකුවේ, ඇය හොඳ සෞඛ්‍ය සම්පන්නව සිටිමින්, ගලනාලයේ පිළිකාවක් සෑදී මාස තුනක් ඇතුළත මිය ගිය බැවිනි.
එය වසරකට පෙර සිදුවූ දෙයක් වූ අතර එය තවමත් ඔහුට අපායක් මෙන් වේදනාවක් ගෙන දුනි. ඒ වන විටත් ගරෙග්ගේ ව්‍යාපාරය මගින් ඒ කාලය වනවිට ඔහුව තෝරාගත් අතර එය ඔහුගේ ජීවිතයේ පහළම ස්ථානයේ සිටින අවස්ථාවකදී විය. ඔහුගේ එක් පසුතැවිල්ලක් වූයේ ඔහු දැන් උපයන විශාල මුදල් ප්‍රමාණය වියදම් කිරීමට ඔහුට උදව් කිරීමට ඇය ජීවත්ව නොසිටීමයි. එයින් අදහස් වූයේ ඇය මුදල් නැතුව සිටියා යන්න නොවේ. ඔහු සක්‍රීය සේවයේ යෙදී නිවසින් දුර බැහැර සිටියදී, ඇය අධික ලෙස මත්පැන් පානය කිරීමට හුරුවීම නිසා පිලිකාව ඇති වූවාදැයි ඔහු නිතරම කල්පනා කළේය.
එය එසේ විය නොහැකි යයි සිතීමට තරම් ඔහු මෝඩයෙකු නොවූ අතර එම තීව්‍රතාවයෙන් තමා කිසි දිනෙක වෙනත් කාන්තාවකට ආදරය නොකරන බව ඔහු දැන සිටියේය.
ඔවුන්ගේ එකඟතාවයකින් ඔවුන්ට දරුවන් නොසිටියෝය, එබැවින් මේ දිනවල බොබ්ගේ ආදරය යන්නෙන් අදහස් කරනුයේ ඔහුගේ රැකියාව හොඳින් කරගෙන, ඔහුගේ ලොක්කා ගැන සැලකිලිමත් වීමයි: වෙනත් වචන වලින් කිවහොත්, රැකියා තෘප්තිය සහ සහායකයා, මිත්‍රත්වය පවා.
ඔහු බීමත්ව සිටියදී ඕනෑම ස්ත්‍රියක් ඔහු අමග සිටීමට මැලි නොවූහ. බීමත්ව සිටියදී කාන්තාවන් ඔහුට ආකර්ශණීය නොවන බව පුස්සක් වූ අතර, ඔහු සතුව මුදල් තිබුනද, ඔහු පසුපස පැමිණි බොහෝ ස්ත්‍රීන් ඔහුගේ ප්‍රියතාවයන්ට වැඩි වයසින් යුත් අය වූහ. ඔහු තවමත් සිතුවේ, ඔහු හතළිස් හය හැවිරිදි ව්‍යාපාරිකයෙකු නොව විසි හැවිරිදි පැරෂුට් භටයෙකු ලෙස ය.
අතක් හෝ පයක් අහිමිව යනසේ ඔහුට ජෙනීව අහිමි වූ අතර සෑම විටම එය ඔහුට දැනුනි. නරකම දෙය නම්, පොලවේ මේ ගතකරන ජීවිතයේ ඔහුට ඒ ගැන කළ හැකි කිසිවක් නැති බව ඔහු දැන සිටි අතර එයින් ඔහු දරුණු ලෙස ආතතියට පත් විය.
ඔහු සිය රේන්ජ් රෝවර් රථයෙන් හීත්‍රෝ ගුවන් තොටුපල වෙත ගොස් ඇමරිකා එක්සත් ජනපදයට පියාසර කිරීමට පෙර එක රැයක් එහි රැඳී සිටියේය.
ඔහු ගමන සඳහා වැඩි යමක් ගත්තේ නැත: ඔහු ආදරය කළ සැවිල් රෝ ඇඳුම, අතින් සකසන ලද ෂර්ට් කිහිපයක්, යට ඇඳුම් සහ ඔහු දැනට ඇඳ සිටි දේ. තමාට අවශ්‍ය ඕනෑම දෙයක් ඕනෑම වේලාවක මිලදී ගත හැකි බව ඔහු දැන සිටි අතර එලෙසම ඔහු යම් සංචාරයක ගියවිට, සිහිවටන ඇඳුම් මිලදී ගැනීමටද ප්‍රිය කළේය.
ගමනාන්තයට පැමිණි විට, බොබ් කුලී රථ රියදුරෙකුගෙන් ඉල්ලා සිටියේ තමාව 'කලබලයක් නැති නවාතැන් පලකට’ කැඳවාගෙන යන ලෙසටය, මන්ද යත්, ඔහු මීට පෙර කිසි දිනෙක ඇලබාමාහි බර්මින්හැම් වෙත නොපැමිණ තිබුන බැවිනි. ඔහු හෝටලයේ නවාතැන් ගෙන, ස්නානය කොට, වෙනත් ඇඳුමක් ඇඳ පිළිගැනීමේ කවුන්ටරය නාද කළේය.
"මට එච්චර සනීප නෑ ... මම දියවැඩියා ලෙඩෙක්. කරුණාකර මාව දොස්තර ඒ. ඩබ්ලිව් ක්‍රෝගේ ශල්‍යාගාරයට ගෙනියන්න කුලී රථයකට එන්න කියන්න පුලුවන්ද? මගේ යාලුවෙක් එයාව මට නිර්දේශ කරලා තියනවා.”
"හරි සර්, පහළට බහින්න උදව් ඕනෙද සර්?"
“නැහැ, එහෙම ඕනේ නැහැ, ස්තූතියි. මම අවුරුදු ගණනාවක් අසනීපයෙන් ඉන්න හින්දා මට කලින් අනතුරු ඇඟවීමේ ක්‍රමයක් මම ම හදාගෙන තියෙන්නේ. ඔයා දැන් කුලී රථයකට කතා කරනවා නම්, මම පිළිගැනීමේ කවුන්ටරයට එන්න දැන් පිටත් වෙනවා. ඔයාට ස්තුතියි."
"ඔයාටත් ස්තුතියි, සර්."
වෛද්‍යවරයාගේ ස්ථානයට පැමිණී බොබ් වෛද්‍යවරයාගේ ඩිස්පෙන්සරියේ දොර විවර කළ අතර, එහි ඇතුලට යාම සඳහා පුද්ගලයින් තිදෙනෙක් බලා සිටිනු දුටුවේය. ගැඹුරින් හුස්ම ගත් ඔහු බිම වැටීමට ඉතා ආසන්නව සිටින්නාක් මෙන් පිළිගැනීමේ නිලධාරියාගේ කවුන්ටරය මත සිය සම්පූර්ණ බර තැබීය.
"මට ඩොක්ටර් ක්‍රෝව ඉක්මනටම හම්බවෙන්න ඕන," ඔහු තදින් හුස්ම ගනිමින් කිවේය. "දියවැඩියාවේ කම්පනය, එයා ඉන්නවද? ඩොක්ටර් ක්‍රෝ? මේක නිව් යෝර්ක් වල ඉන්න මගේ වෛද්‍යවරයාගේ යොමු කිරීමක්.”
බොබ් කාඩ්පත් දෙකක් දිගු කළේය, එකක් තමා දියවැඩියා රෝගියෙකු බව පෙන්වීමට සහ අනෙක තමා සතුව මුදල් ඇති බව ඔප්පු කිරීමට ය. පිළිගැනීමේ නිලධාරියා භීතියෙන් ඔහු දෙස බැලූ අතර, ඔහුට ඉඳගැනීමට අසුනක් තැබීමට තම කවුන්ටරයෙන් එලියට පැමිණ යලිත් ගොස් දුරකථනයෙන් කතා කළේය. දොස්තර ක්‍රෝ වහාම පිටතට පැමිණ, ඔහු එලියට පැමිණි කාමරයට නොව වෙනත් කාමරයකට බොබ් ව රැගෙන යාමට උදව් කළේය. ඇතුළට ගිය පසු බොබ් කෙළින් වී පුදුමයට පත් වූ වෛද්‍යවරයාට අතට අත දී වාඩි විය.
"හලෝ, වෛද්‍යතුමනි, ඔයාව හමුවීම සතුටක්! ඔයා මේ සුමානේ දෙසැරයක් ඒජන්සියට කතා කරලා තියනවා. ඔයාට අපිට කියන්න තියෙන්නේ මොනාද?”
දොස්තර ඒ. ඩබ්ලිව් ක්‍රෝ කනිෂ්ඨයාට මේ තත්වය පිළිබඳව අවබෝධ කරගැනීමට තත්පර කිහිපයක් ගත විය.
"අර්, ඔව්, මට කණගාටුයි, ඒ ගැන කියනවා නම්, මම ප්‍රධාන කාර්යාලයේ කෙනෙක් එක්ක කටයුතු කරණ පළමු අවස්ථාව මේකයි."
"කිසිම ප්‍රශ්නයක් නෑ. මගේ නම ජිම්, මම ආවේ සහභාගිවෙන්නා එක්ක කතා කරන්නයි. ඔයා මට සම්බන්ධතා විස්තර ලබා දෙනවා නම්, ඔයා දැනට කර කර ඉන්න වැඩේ කරගෙන යන්න මට ඉඩ දෙන්න පුළුවන්.”
වෛද්‍යවරයා ඔහුගේ ඩෙස්ක්ටොප් පරිගණකය නැවත සක්‍රිය කර, රෝගියෙකුගේ වාර්තාවක් සොයා, එය මුද්‍රණය කර බොබ් වෙත භාර දුන්නේය.
"මට කරන්න තියෙන්නේ මෙච්චරයිද?"
"ඔව් ඩොක්ටර්. අපි මේ ඉස්සරහට වෙන්න පුළුවන් සහභාගිවෙන්නා සම්බන්ධ කරගෙන එයාට සහයෝගයෙන් කටයුතු කරන්න අවශ්‍ය නම් ඔයාට අපි ඒ බව දන්වනවා. ඔයාගේ සහයට බොහොම ස්තුතියි. අපි නැවත හමුවෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”
"ඔව්, ස්තූතියි, ජිම්. අර්, සමහර විට, ඔයාගේ කතාව ඇත්ත කියලා පෙන්නන්න මම හිතනවා ඉන්සියුලින් ටිකක් එව්වොත් හොඳයි කියලා.”
"ඔව්, ඒක හොඳ වෙයි."
මිනිත්තු කිහිපයකට පසු, ලිපිනයක් තම අතෙහි තබාගෙන බොබ් නැවත පාරට පැමිණියේය. තරමක් ධනවත් බවක් පෙනුණු වීථියේ ඉහළ පහල බැලූ ඔහු තමා සොයමින් සිටින දේ දැක පාරේ අනිත් පසට මාරුවිය.
ඔහු බාර් එකට ඇතුළු වී බියර් එකක් ඇණවුම් කළේය. බියර් දෙකකට පසු, ඔහු නැවත වරක් බාර් එකේ සේවකයාට කතා කර නම නොපෙනෙන සේ කඩදාසිය නමා එහි සඳහන් ලිපිනය පෙන්වූයේය.
"මේක තියෙන්නේ මේ ළඟද? මම එක්සත් රාජධානියේ ඉඳන් ආවේ, සෑහෙන කාලෙකින් කිසිම සම්බන්ධයක් නැතිවුණ මගේ සහෝදරයා බලන්නයි. නමුත් මම මේ නගරය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. කවදාවත් මෙහෙ ඇවිල්ලත් නැහැ.”
“ඒක වැඩි ඈතක් නෙමෙයි. ඒ උනාට ඔයා කුලී රථයක් අරගෙන ගියොත් වඩා හොඳයි. ඒකට ඔයාට ඩොලර් දහයක් විතර යයි.”
බොබ් ඔහුගේ බාර් බිල ගෙවා කුලී රථයක් ලබා ගැනීම සඳහා පිටතට ගිය අතර ඔහු එමගින් මධ්‍යම පාන්තික උප නගරයකට පිවිසුණේය. ඔහුට අවශ්‍ය නිවෙස පසුකර යාර පනහක් පමණ කුලී රථය ගියපසු, එය නැවැත්වූ ඔහු නැවත ඒ නිවස දෙසට පයින් ගමන් කළේය.
නිවෙස වෙත ඇවිද යාමේදී ඔහු, ඔහුගේ කොණ්ඩය තදින් තලා, දොර අසලට ගොස් සීනුව නාද කළේය.
හොඳින් ඇඳ පැළඳගත්, හැඩකාර පෙනුමක් ඇති, ලස්සන කාන්තාවක් දොරට පිළිතුරු දුන්නාය.
"හලෝ, මැඩම්, මෙය කාටර් මහත්මයාගේ සහ මහත්මියගේ ගෙදරද?"
“කාටද දැනගන්න ඕන?"
"අනේ කරුණාකරලා, මැඩම්?"
"ඔව්, කාටද ඒක දැනගන්න ඕනේ?"
"ඔයාගේ සැමියා ගෙදර ඉන්නවද? මගේ නම ජිම් බාබර්. මම ඔයාගේ ස්වාමියා වැඩ කරන තැනට සම්බන්ධ රක්‍ෂණ කාර්යාලය වන ‘වෝකර් ඇන්ඩ් වෝකර්’ වල වැඩ කරන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම, ඊට හාත්පසින් වෙනස් දෙයක්. අපි හිතන්නේ එයාගේ රක්‍ෂණ වාරික වලට සැලකිය යුතු වට්ටමක් ලබා දෙන්න තියනවා. අපිට පේන විදිහට එයා ඕනෑවට වඩා ගෙවලා තියනවා.”
"නැහැ, එයා තාම ආවේ නැහැ, ඒ උනාට මම ඉක්මනින් එයා එයි කියලා බලාපොරොත්තු වෙනවා. එයා සාමාන්‍යයෙන් එන්නේ හයට විතර.”
“ආ එහෙමද ... මට පහයි හතලිස් පහට තව හමුවීමක් තියනවා ... ඔයාට පුලුවන්ද එයාගේ ජංගම දුරකථන අංකය මට දෙන්න, එතකොට මට පුළුවන් එයාට කතා කරන්න, එහෙම නැත්තම් ඔයා එයාට දුරකථනයෙන් කතා කරලා මම ඇවිත් කියලා කියනවද? දෙකෙන් ඔයා කැමති ඕනේ දෙයක්.”
ඇය සිය ජංගම දුරකථනය සාක්කුවෙන් ඉවතට ගෙන ඇමතුම ගත්තාය.
“රොන්, මේ ඉස්සරහා දොර ගාව කෙනෙක් ඉන්නවා ඔයාට කතා කරන්න ඕනේ කියන. කමක් නැද්ද මැණික?"
ඇය දුරකථනය බොබ් වෙත දුන්නාය.
“හලෝ, කාටර් මහත්මයා. මම ඔයාගේ සමාගමේ සෞඛ්‍ය රක්‍ෂණ ක්‍රමයෙන් ... ඔයාගේ වෛද්‍යවරයා දොස්තර ඒ. ඩබ්ලිව් ක්‍රෝ කනිෂ්ඨයා තමයි මට ඔයාගේ විස්තර දුන්නේය ... අපි ඉතා ඉක්මනට හම්බවෙමුද? ඒක ඔයාගේ මූල්‍යමය යහපත සඳහා වෙයි. කරුණාකරලා මගේ ජංගම දුරකථනයට මට ආයේ කතා කරන්න, ඔයා ගාව පෑනක් තියෙනවද? 01408, ඒක මා වෙත හරවලා එනවා. ඔයාට පුලුවන්නම් කරුණාකරලා ඊළඟ විනාඩි දහය ඇතුලත අමතන්න. ඔව්, හදිසියි.”
ඔහු දුරකථනය කාටර් මහත්මියට ආපසු දුන්නේය. ඇය එය කනට තබාගෙන පසුව එය නිවා දැමුවාය.
“හොඳයි, ඔයාට බොහෝම ස්තූතියි, කාටර් මහත්මිය, මට තවදුරටත් ඔයාට කරදර කරන්න අවශ්‍ය නැහැ. මම එහෙනම් යන්නම්. සුබ දවසක්."
ඔහු හිස වනා, සිනාසී, ආපසු හැරී ඇවිද ගියේය. වීදිය සැතපුමක් පමණ දිග වූ නමුත් නැගෙනහිර දෙසට ඇවිද ගියහොත් තමාට නැවත නගරයට පිවිසිය හැකි බව ඔහු දැන සිටියේය. යාර තුන්සියයක් පමණ ඇවිද ගියපසු ඔහුගේ ජංගම දුරකථනය නාද විය.
“හලෝ, ජිම් බාබර් ...” ඒ අංකය ඇත්තේ ගරෙග්ට සහ ලෝකයේ තවත් එක් අයෙකුට පමණක් බැවින්, ඒ කවුදැයි ඔහු දැන සිටියේය.
"කාටර් මහත්මයා, ඉක්මනින්ම මාව අමතුවාට ඔයාට ස්තුතියි. අපිට ඉක්මනට හම්බවෙන්න පුලුවන්ද? මට ඔයා එක්ක සාකච්ඡා කරන්න හදිසි දෙයක් තියනවා, ඒ වගේම හෙට උදේ මම මේ නගරයෙන් යනවා. මම හිතන්නේ ඔයා දැන් ගෙදර යමින් ගමන ඉන්නේ කියලයි ... ඔව්, හොඳයි. ඔයාට පුළුවන්ද මාව ගන්න? මම ඔයාගේ ගෙදරට යාර හය හත්සියයක් නැගෙනහිරින් ඉන්නේ. මම ඇවිදිනවා. මම ලා නිල් පාට ඇඳුමක් ඇඳලා ඉන්නේ. ඔයා මොකක්ද එලවන වාහනය? සුදු ප්‍රියස් එකක්ද? හරි, ඊළඟ මිනිත්තු කීපයේදී මම ඔයා එනවද කියලා බලන්නම්.”
සුළු මොහොතකට පසු නගර මධ්‍යයේ සිට පාළු වීදිය දිගේ කාරයක් ඔහු වෙත පැමිණියේය. එය ඔහු අසල නැවැත්වූ අතර ළඟම ඇති ජනේලය විවෘත විය.
“අහ්, කාටර් මහත්මයා කියලා මම හිතනවා. ඔයාව දැන හඳුනා ගැනීම කොච්චර සතුටක් ද? ජිම් බාබර්. අපට පෞද්ගලික කතා බහකට කොහේ හරි යන්න පුළුවන් නේද? ඒකට වැඩි වෙලා යන එකක් නැහැ. මේ ළඟ තියන වැඩි සද්ද නැති බාර් එකක් මම දන්නවා; මට සීතල බියර් වීදුරුවක් බොන්න ඕනේ. අද හරි රස්නෙයි, නේද?”
බොබ් රථයට ගොඩ විය. කාරය යූ අකුරේ හැඩයට හරවා නැවත නගරයට ගියේය. රොන් කාටර්, උපකරණ පුවරුවේ තිබූ හෑන්ඩ්ස් ෆ්‍රී උපාංගය සක්‍රිය කර ඔහුගේ බිරිඳට කතා කළේය.
"හලෝ, මැණික. ඔව්, මම දැන් බාබර් මහත්තයා එක්ක ඉන්නේ. අපි කතා කරන්න තමයි යන්නේ, නමුත් මම පැයකින් ගෙදර එනවා. ඔව්, කෑම ගැන කණගාටුයි, නමුත් ඔයා තත්වය දන්නවනේ. අනික ඒක හැමදාම වෙන්නේ නැහැනේ, එහෙම නේද? ඔව්, හරි, ස්තූතියි, මැණික. ඔයාව ඉක්මණින්ම මුණ ගැහෙන්නම්."
"හරි, බාබර් මහත්මයා, මේ මොකක් ගැනද?"
"කරුණාකරලා, මට ජිම් කියලා කියන්න. මම ඔයාට රොන් කියන්නද? අපි සුවපහසු විදිහට වාඩි වුන ගමන්ම මම ඔයාට කාරණය කියන්නම්. නමුත් මම මේක කියන්න ඕනේ. ඔයාට කරදර වෙන්න කිසිම දෙයක් නැහැ. මම ශුභාරංචි ගෙනෙන කෙනා මිසක් නරක දේ ගේන කෙනා නෙමෙයි. මම ආවේ උදව් කරන්න. බාධා කරන්න නෙමෙයි.”
නිහඬ බාර් එකක් පිටුපස ඇති කුටියක ඔවුන් අසුන් ගත් විට මේසය මත, ට්‍රිම් ටැබ් රයි බ්‍රවුන් බීර ජෝගුවක් සහ වීදුරු දෙකක් සමඟ තබන ලදී. විනාඩි පහකට පමණ පසු බොබ් පැවසුවේ,
"චියර්ස්, රොන්," රොන් සමඟ වීදුරු එකිනෙක වද්දා සව්දිය පිරීමට ඔහුගේ වීදුරුව ඔසවමිනි.
"චියර්ස්," ඔහු පිළිතුරු දුන්නේය, "මම කන් දීගෙන ඉන්නේ."
“ඔයාගේ තත්වය ගැන මම දන්නවා. මට කණගාටුයි, ඒක ඔයාව පුදුමයට පත් කරා කියලත් මම දන්නවා. විසඳුමක් ගැන ඔයා මේ ලඟකදී අපේ නියෝජිතයෙකුට කතා කරා කියලා මට තේරෙනවා.”
"මම ටිකක් ව්‍යාකූලයි. මම නොපැහැදිලි වෙන්න අදහස් කරන්නේ නැහැ. නමුත් මේ ඔක්කොම වලින් අදහස් කරන්නේ මොකක්ද. මොන නියෝජිතයාද, මොන තත්වයක්ද?”
ඔයාගේ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් තියනවා, ඔයාගේ බිරිඳ ධනවත් වැන්දඹුවක් විදිහට හැර යන්න පුළුවන් ක්‍රමයක් මට තියනවා. ඒක ඔයාගේ මතකය අලුත් කරනවද?"
"ඔයා ඒ ගැන දන්නේ කොහොමද?"
“මේ බියර් නම් නියමයි. මම කිව්ව විදිහට, ඔයා එක දවසක හවස අපේ කෙනෙකුට කතා කරා. බාර් එකක, සමහර විට මේකෙම වෙන්න පුළුවන්. මම හිතුවේ බාර් එක බලන මනුස්සයා ඔයාව අඳුර ගනියි කියලයි. ඔයා මෙහෙ කතා කරන්න සතුටුද, නැත්නම් ඔයා වෙන තැනකට යන්න කැමතිද?”
“නැහැ, ඒක ගැටලුවක් නෙමේ. මෙතන වෙන තැන් වගේම හොඳ තැනක්.”
“ඔව්, මගේ අත්දැකීමේ හැටියටත් මේක හොඳයි, ඔයාගේ වීදුරුව පුරවන්න මට ඉඩ දෙන්න. ඔයා ශැන්ඩි ටිකක් ගන්නත් කැමතිද?”
"ඇයි නැත්තේ?"
බොබ් අතක් එසවූ අතර වේටර්වරයා ක්ෂණයකින් ඔවුන් වෙත පැමිණියේය. ඔහු වෛයිල්ඩ් ටර්කි කුඩා ප්‍රමාණයක් ඇණවුම් කළේය.
"මම හිතන්නේ ඔයාට විස්තර මතක ඇති."
"ඇයි ජිම්, ඔයාගේ තණතීරුව ඔයා හදන්නේ නැත්තේ, අපි එතනින් පටන් ගමු."
“හරි, රොන්, ඔයාට සෙල්ලම් කරන්න ඕනේ විදිහට අපි යමු. ඔයා අපේ කෙනෙක්ට කියලා තියනවා ඔයාට ඉතා ඉක්මනින් විශාල මුදලක් උපයා ගන්න අවශ්‍යයි කියලත්, ඔයා සහ ඔයාගේ පවුලේ අය මූල්‍ය අර්බුදයක ඉන්න නිසා ඒක විසඳ ගන්න ඔයාට වැඩි කාලයක් නැහැ කියලත්.”
"කවුද ඔයාට ඒක කිව්වේ?"
“දවසකදී ඔයාව මුණගැහුණු මිනිහෙක්, ඔයාත් එක්ක බීම ස්වල්පයක් පානය කරාම ඔයා ඔයාගේ හදවත ඇරලා කතා කරා, මම කීව්ව විදිහට, ගොඩක් වෙලාවට මෙතන වෙන්න පුළුවන්.”
රොන් මදක් නැවතී කල්පනා කළේය. ඔහුට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් ඇති බවත්, ජීවත් වීමට මාස තුනකට වඩා කාලයක් නැති බවත් වෛද්‍ය ක්‍රෝගෙන් ආරංචි වූයේ මෙයට දෙසතියකට පෙරය, නමුත් ඔහු තම බිරිඳට ඒ බව පවසා නොතිබූ අතර අදාළ සන්ධ්‍යාව ගැන බොහෝ දේ ඔහුට මතකයක් නොතිබුණි. ආගන්තුකයන් කිහිප දෙනෙකු සමඟ කතා කරමින් හොඳින් විනෝද වූ බව පමණක් ඔහුට මතකය. ඇත්තෙන්ම ඔහු තරමක් බීමත්ව සිටි බව පෙනෙන්නට තිබූ අතර එය මේ දිනවල අසාමාන්‍ය දෙයක් විය.
නියෝජිතයා පැමිණ සිටියේ රොන්ව අවුල් කිරීම සඳහාය. එය සමාගමේ දෛනික ක්‍රියා පටිපාටියේ කොටසක් වූ බැවින් මුල් තොරතුරු ලබා දුන් වෛද්‍යවරයා, මේ කාරණය සමඟ මොනයම් ආකාරයක හෝ සම්බන්ධයක් ඇති බව වසන් කිරීම ඔවුන්ගේ අරමුණ විය.
“මට කණගාටුයි, රොන්, නමුත් මම මේවා ගැන දන්නේ කොහොමද කියලා මට ඔයාට කියන්න බැහැ. ඒක ගොඩාක් වැදගත්ද?”
“නැහැ, කොහෙත්ම නැහැ. නිකම් කුතුහලයක් විතරයි.”
"ඔයාට මතකද ඔයා අපේ ක්‍රියාකරුට කිව්ව දේ"
"ටිකක් විතර."
"ඔයා තාමත් ඒ ගැන උනන්දුවක් දක්වනවාද?"
"ඔව්."
"හරි. ජයවේවා!”


ගරෙග් මාර්සේ ප්‍රොවෙන්ස් ගුවන් තොටුපළට පියාසර කර කුලී රථයකින් ලෙස් කැලන්ක්ස් ද කැසිස් අසල පිහිටි විශාල මන්දිරයක් වෙත ගියේය. කුලී රථයට ගේට්ටු වලින් ඇතුළු වීමට ආරක්‍ෂක භටයින් ඉඩ නොදුන් නිසා ගරෙග් රියැදුරුට මුදල් ගෙවා ආරක්ෂකයින්ට තමාගේ පැමිණීමට සාක්ෂි පෙන්වූ අතර පසුව වහලය විවෘත කලහැකි රෝල්ස් රොයිස් කැමාර්ගු රථයකින් ඔහුව සැතපුම් කාලක් පමණ දුරින් පිහිටි ප්‍රධාන නිවස වෙත රැගෙන ගියේය.
ජෙනාරෝ, ඉදිරිපස පෝටිකෝව අසල පිහිටි ආලින්දයට වී ඔහු එනතුරු බලා සිටියේය.
"ඔයා ආයේ ආපු එක කොච්චර හොඳද, ඒ වගේම ඔයාව දැකීම කොතරම් සතුටක්ද" ඔහු කීවේ නිවැරදි ඉංග්‍රීසි උච්චාරණයකිනි.
"ආයේ මෙහේ ඇවිත් ඔයාව දැකීමත් සතුටක්" යනුවෙන් ගරෙග් පැවසීය. "ව්‍යාපාරය, සතුට එක්ක මිශ්‍ර කරන එක නරකයි කියලා කවුරු කිව්වත්, ඒ මනුස්සයා ව්‍යාපාරිකයෙක්වත්, විනෝදකාමී කෙනෙක්වත්, නෙමෙයි!"
"ඔහ්, මගේ යාළුවා, මම ඔයා එක්ක සියයට සියයක් එකඟයි." ඔහු ගරෙග් සමඟ දෑත් සොලවා, වැළඳ ගැනීමට නැගී සිටි අතර පසුව ඔහු ඇඟිලි ශබ්ධ කල විට, ට්‍රොලියක් මත වීදුරු දෙකක් සහ අයිස් බාල්දියක බහා තිබු බොලිංගර් බෝතලයක් සමග ප්‍රධාන මෙහෙකරුවා පැමිණියේය.
"ගරෙග්, ඔයා ප්‍රාණවත් භාවයට පත්වෙන්න කැමතිද?"
"ජෙනාරෝ, ස්නානයකටයි, ඔයාගේ අපූරු පිහිනුම් තටාකයේ ඉක්මන් කිමිදීමකටයි මම කැමතියි, ඒක පුලුවන් නම්."
"ඇයි, ඇත්තෙන්ම පුළුවන්, කොල්ලෝ." ජෙනාරෝ තම ජංගම දුරකථනයකට කතා කළ අතර ගොල්ෆ් කරත්තයක්, ඔවුන්ව නිවස පිටුපසට රැගෙන යාම සඳහා පැමිණියේය.
"ඔයාගේ දේවල් ඔයාගේ කාමරයට අරගෙන ගිහින් තියෙන්නේ. ඒ උනාට අතන තියන ඇඳුම් මාරු කරණ තැන ඔයාට පවිච්චි කරන්න ඕනේ තරම් ට්‍රන්ක් තියනවා. ඒක තියෙන්නේ කොහේද කියලා ඔයාට මතකද?"
"ආ ඔව්. මට කොහොමද අමතක වෙන්නේ? මම අන්තිම සැරේ මෙහෙ ඉන්නකොට මොනික් හිටියේ ..."
“අහ්, ඔව්, මොනික්, ඒ වගේ ආකර්ශනීය ගැහැණු ළමයෙක්, නමුත් අයියෝ, එයා තවදුරටත් අපිත් එක්ක නැහැනේ. අපට සිද්ධ වුනා එයාට යන්න දෙන්න. ඔයාගේ සතුට ඒක නම්, අපිට තවත් අය ඉන්නවා.”
"සමහර වෙලාවට, පස්සේ. මට ඕනේ මේ මහන්සිය මගෙන් අයින් කරගෙන ටික වේලාවක් සිසිල් වෙන්නයි. කොහොම උනත් තව චැම්පේන් වීදුරුවක් නම් වැඩි වෙන්නේ නැහැ.”
ජෙනාරෝ ඒ සඳහා සන් කල අතර එය සිදු විය.
ගරෙග් ඔලිම්පික් තරඟ පවත්වන ප්‍රමාණයේ පිහිනුම් තටාකයේ තරමක වේලාවක් පිහිනීමෙන් පසු, නැවතත් තම සත්කාරකයා සමඟ වාඩි විය.
"ඒක හරිම අපූරුයි, මගේ මිත්‍රයා, මම ඔයාගේ ජීවන රටාවට ඊර්ෂ්‍යා කරනවා."
“ඔයාටත් ඒ විදිහටම ඉන්න පුළුවන්, මම හිතනවා, නමුත් මම මගේ මාර්ගය තෝරගත්තු විදිහට ඔයා ඔයාගේ මාර්ගය තෝර ගත්තනේ. අපි මොනවා හරි කමුද?"
"ඔව්, ඒක ගොඩාක් හොඳයි."
“ඔයා කැමති දේවල් මොනවත් තියනවද? ඔයා වෙනුවෙන් ඕනෑම දෙයක් හදන්න කියලා මට කෝකියට කියන්න පුළුවන්.”
"නැහැ, ඔයා මාව දන්නවනේ. අනිත් අය කන දේම මම කන්නම්.”
"මම එහෙම කරයිද කියලා මට විශ්වාස නැහැ, නමුත් මම ඒ හැඟීම් අගය කරනවා."
ඔහු නැවතත් ජංගම දුරකථනයට කතා කළේය.
"මිනිත්තු දහයක්. මම වංචා කළා. මට මතකයි ඔයා කොච්චර පහසු කෙනෙක්ද කියලයි, මුහුදු ආහාර වලට තියන ඔයාගේ කැමැත්තයි, ඒ නිසා කෝකියා මේ වෙනකොටත් යමක් ලෑස්ති කරමින් ඉන්නේ. එයාලා ඒක මෙතෙන්ට ගෙනෙයි.”
"ඔව්, මම මුහුදු ආහාර වලට කැමතියි, ජයවේවා!"
ඔවුන් එකිනෙකා ගැන සෑම දෙයක්ම දැන සිටි නමුත් එසේ නොවන බව මවා පෑහ. ඔවුන් දෙදෙනාම ධනවත් අය වූ නමුත් ජෙනාරෝ, ගරෙග්ට වඩා සැප පහසු ජීවන රටාවට පුරුදු වී සිටියේය. ගරෙග් ‘අලුත් මුදල්’ විය, මන්ද ඔහු වැඩි මුදල් ප්‍රමාණයක් ඉපැයුවේ හමුදාවෙන් ඉවත් වූ දා සිට බැවින් වන අතර ජෙනාරෝට ඒ පිළිබඳව වැදගත්කමක් නොවුයේ, ඔහු මුදල්, මුදල් ලෙස පමණක් සලකා එය කොපමණ පැරණිද, නැතහොත් කොහෙන් පැමිණියාද යන්න ගැන උනන්දුවක් නොදැක්වූ බැවිනි.
ජෙනාරෝ යනු එම ප්‍රදේශයේ තුන්වන පරම්පරාවේ මාෆියා කැපෝ ඩි ටුට්ටි කැපි වන අතර, ඔහුගේ සීයා පළමු ලෝක යුද්ධයෙන් පසු සිසිලියේ සිට මාර්සේ වෙත පැමිණ ඇත. ඔවුන්ගේ පවුලට තවමත් සිසිලි දූපතේ ඉඩම් සහ ගොවිපලවල් තිබූ අතර ජෙනාරෝ නිතරම ගුවන් තොටුපලේ තබා තිබූ ඔහුගේ පෞද්ගලික ගුවන් යානය මගින් ඒවා නැරඹීම සඳහා එහි ගියේය.
ඔහුගේ මාෆියා පවුල මාර්සේ අවට ප්‍රදේශය පාලනය කළ අතර ඔහු ජීවත්වූයේ රාජකීයයෙකු හෝ රාජ්‍ය නායකයෙකු ලෙසය. ඔහු විවාහකයෙකු වූ අතර ගරෙග් හට ඔහුගේ බිරිඳ එක් වරක් මුණගැසී තිබූ නමුත් ඇය වැඩි කාලයක් ගත කළේ සිසිලියේ වන අතර ගරෙග් පැමිණෙන විට ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටි අතර ඔවුන් නිතරම එක්සත් රාජධානියේ බෝඩිං පාසලේ ඉගෙනුම ලබමින් සිටියහ.
"ඉතිං ජෙනාරෝ, මේ සැරේ කුමන්ත්‍රණය මොකක්ද?"
"හොඳයි, මගේ මිත්‍රයා, මම ඔයා වෙනුවෙන් මේ සැලසුම් සකස් කරලා තියනවා." ඔහු මේසය යටින්, අගුලු දමා තිබූ ලාච්චුවකින් ෆෝල්ඩරයක් ගත්තේය. “අපි දැන් ඒක බලමුද, ඔයාට හිතෙන පලවෙනි හැඟීම මට දෙන්න ඔයාට පුළුවන්, ඔයා කියන විදිහට, මේකේ රැලි අයින් කරන්න.”
"ඔව්, හොඳයි, ඒක හොඳ අදහසක්." A1 ප්‍රමාණයේ කඩදාසි කොලයක් දිගහරිමින් සිටි තම මිතුරා අසල හිඳ ගැනීමට ගරෙග් ඉදිරියට ගියේය.
"අපි මුලින්ම මේක දිහා බලලා පස්සේ විනෝදයක් අරගෙන ඔයාට පුළුවන් ඔයාගේ හිතෙන් මේක රෝල් කරලා බලන්න, ඔයා ඉවෙට් ව ඇඳේ රෝල් කරන ගමන්." ජෙනාරෝ මහ හඬක් නගමින් සිනාසෙමින් ගරෙග්ගේ පිටට තට්ටු කළේය.
"ජෙනාරෝ, ඒක දැනටමත් හොඳ සැලැස්මක් වගේ."


දින කිහිපයකට පසු ඔවුන් නැවත මුණගැසුණු විට, ඔවුන් බොහෝ කලකට පෙර එකිනෙකාගෙන් වෙන්වූ සහෝදරයන් මෙන් වූහ, එය සැමවිටම එසේ විය. ගරෙග්, බොබ්ට අතට අත දී ඔහුව වැලඳගත්තේ හදවතින්ම පැමිණි වැළඳ ගැනීමකිනි.
"බොබ්, ඔයාගේ ගමන කොහොමද?" ජෙනී අභාවප්‍රාප්ත වූ දා සිට බොබ් වැඩි කාලයක් ගත කළ ගරෙග්ගේ ගොවිපලේ ආලින්දයේ, ලැප්රෝයිග් බෝතලයක් සමඟ ඔවුන් සැප පහසු ලෙස වාඩි වී සිටින විට ගරෙග් ඔහුගෙන් විමසීය. ඔහු තනිව ජීවත්වූ නිසා ඔහුත් සමග බොබ් එහි සිටීම ගැන ගරෙග් සතුටු විය.
"ඒක සම්පුර්ණයෙන්ම සාර්ථකයි, ගරෙග්. මට අනාගතයේ ප්‍රයෝජනයට ගන්න පුළුවන් තුනක් හම්බවුනා. ඒවලින් එකක් ටිකක් බිඳෙන සුළුයි.”
"ඔව්, ඒ ලකුණු ගැන ඔයාගේ තීරණය එක්ක මම එකඟ වෙන්නම්, බොබ්. ඔයා ඒ හැම දෙයක්ම ඔයාගේ වාර්තාවට ඇතුළු කරලා ඇති කියලා මට විශ්වාසයි."
“ඔව්, ඒ ඔක්කොම මෙතන තියනවා,” ඔහු පැවසුවේ ඔවුන් අතර මේසය මත තබා තිබූ නිල් පැහැති ෆෝල්ඩරය අතින් තල්ලු කරමිනි.
"ඔයාට ස්තුතියි. මම ඒ ඔක්කොම ටයිප් කරලා දත්ත ගබඩාවට ඇතුළු කරන්නම්. අපේ අලුත් අයට පුහුණුව පටන් ගන්නේ කවදාද?”
"මම හිතන්නේ සති දෙකකට විතර පස්සේ. සඳුදා වෙන කොට අපට තවත් අලුතින් බඳවා ගත්තු තුන් දෙනෙක් ලියාපදිංචි කරන්න පුළුවන් කියලා මට හොඳටම විශ්වාසයි, නමුත් ඒක කොහොමද කියලා ඔයත් දන්නවනේ.”
“ඔව්, එයාලා ඇත්ත වශයෙන්ම එනකන්ම අපි ඒ ගැන හරියටම දන්නේ නැහැනේ? දැනට පුහුණුවීම් වල ඉන්න දෙන්නා කොහොමද?"
“ඔහ්, එයාලා කැපවෙලා ඉන්නවා,… ... අපිට එයාලා එක්ක ප්‍රශ්න නැහැ. මට පුළුවන් තරම් මම එයාලා ගැන විශ්වාස කරනවා. එයාලට අවස්ථාවන් එහෙම අපිට ලැබිලා තියනවද?”
"මම හිතන්නේ, අඩුම ගානේ එයාලගෙන් එක කෙනෙකුට හරි තියනවා.”

“සර්, අපි කොකේසියානු ද්‍රව්‍ය කිහිපයක් හුදකලා කරලා තියනවා. ඒ දර්ශනවලට අනුව පිපිරුම සිද්ධ වෙනකොට ඒ තට්ටුවේ හිටියේ සුදු ජාතිකයින් දෙන්නෙක් විතරයි.”
“එයාලගෙන් එක්කෙනෙක් තාමත් ජීවතුන් අතර ඉන්නවා. අනිත් එක්කෙනාගේ හිස හරහා යකඩ කෑල්ලක් ගිහිල්ලා. නමුත් ශරීර දෙකම සම්පුර්ණයෙන්ම තියනවා. මේකෙන් අදහස් වෙන්නේ ගණන් ගන්න බැරි කොකේසියානු ජාතිකයෙකුගේ කොටස් අප සතුව තියනවා, එහෙම නැත්තම් ... "
"එහෙම නැත්තම්, මිනිහා අපේ බෝම්බකාරයා ... කොකේසියානු මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් ... අපි එයා ගැන මොනාවත් දන්නවද?"
“නැහැ, සර්, ඇත්තටම නැහැ, නමුත් අපි තාමත් ඒ ගැන හොයනවා. එයා අනිවාර්යයෙන් පිරිමි කෙනෙක්; වයස අවුරුදු හතළිස් පහක් විතර, යුරෝපීය හෝ ඇමරිකානු. ඔයා කියන විදිහට, කොකේසියානු සම්භවයක් තියන කෙනෙක්. ඩී.එන්.ඒ. මේ හැම එකටම සාක්කි දෙනවා, නමුත් පැහැදිලිවම ඒකට හේතුව අපට කියන්න බැහැ.”
“ඔව්, සැරයන් ඔයාට ස්තුතියි, මට තේරෙනවා ඇයි ඩී.එන්.ඒ. වලට අපිට හේතුවක් කියන්න බැරි කියලා. කොකේසියානු ජාතිකයෙකුට විදේශ රටකදී පුපුරුවාගන්න අවශ්‍ය ඇයි?”
“සමහර විට එයා ඉස්ලාම් වැළඳගෙන ඇති, සර්. ගොඩාක් දෙනෙක් එහෙම කරනවා.”
“ඒක වෙන්න පුළුවන්, සැරයන්, ඒ වගේම දැනට බොහෝ විට පැහැදිලි කරන්න පුළුවන් එකම හේතුව ඒක වෙන්න පුළුවන්. වෙනත් යෝජනා මොනවත් තියෙනවද?"
"මුකුත් නෑ සර්."
“එහෙනම්, අපිට වැඩ කරන්න තියෙන්නේ ඉස්ලාම් ආගමට හැරිච්ච, අන්තවාදී කොකේසියානු ජාතිකයෙක් කියන න්‍යාය එක්කයි. ආගම මාරු කරපු අය ගැන දන්නේ කවුද?"
"ඉමාම්වරු, සර්."
“ඉමාම්වරු, ඔව්, එයාලා, එයාලා දන්නවා නේද? ආණ්ඩුවේ කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න, මම දන්නේ නැහැ කාත් එක්කද කියලා, එයාලගෙන් අහන්න, සියලුම ඉමාම්වරුන්ට, මෙහෙයි, පිට රටයි ඉන්න ඔක්කොටම, ඊමේල් කරන්න පුළුවන්ද කියලා තොරතුරු අහලා, සුදු ජාතික ආගම මාරු කරපු කෙනෙක් ගැන වාර්තා වෙලා තියනවද කියලා. පසුගිය දවස් කිහිපයේ හරි සති ගානක් පුරා හරි එහෙම අය අතුරුදහන් වෙලා ඉන්නවද කියලා හොයලා බලන්නත් කියන්න."
"මම ඒක ගැන බලන්නම්, සර්" කණ්ඩායමේ එක් අයෙක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය.
"ඒක ඉතාම අමාරු දෙයක්. එයාලා දහස් ගණනක් ඉන්න පුළුවන්. කොහොම හරි, අපිට තියෙන්නේ මේ හෝඩුවාව විතරක් නිසා අපිට ඒ ඔස්සේ ක්‍රියා කරන්න වෙනවා. මෑතකදී හරි, මෑතකදී නොවී හරි, ඉස්ලාම් ආගම වැළඳ ගත්තු මැදි වයසේ ඉන්න සුදු කොකේසියානු ජාතිකයෙකු අප සතුව ඉන්නවා, මිනිහා කොච්චර අන්තවාදීද කියනවා නම්, ‘අල්ලාහු අක්බර්’ කියලා කෑගහන්නත් අමතක වුනා.”
“ඒක හරියි කියලා පේන්නේ නැහැ, ඒ වගේම ඒක අපිට ලේසි වෙන්නෙත් නැහැ."
පොලිස් කපිතාන් අල්ලාවි බෝම්බකරු මිය යාමට තත්පර කිහිපයකට පෙර ගත් ඔහුගේ විශාල කරන ලද ඡායාරූපය දෙස බලා මිමිණුවේය,
"ඔයා කවුද, ඇයි ඔයා එහෙම කරේ?"
3 පෙක්හැම්, ලන්ඩන්

ඇන්ජලිකා ස්මිත් මහත්මිය, ගිනිකොන දිග ලන්ඩනයේ පෙක්හැම් හි සිය මුළුතැන්ගෙයිහි භාජන සෝදමින් සිටි අතර, ලියුම් පෙට්ටියේ දොර වැසෙන හඬ ඇයට ඇසුණි. එම උදෑසන, ඒ වන විටත් තැපැල් බෙදා හැර තිබුන බැවින් එය අනවශ්‍ය වෙළඳ දැන්වීමක් යැයි ඇය උපකල්පනය කළාය. කෙසේ වෙතත්, උදෑසන ආහාරය ගත් භාජන සෝදා දැමූ පසු ඇය, කුඩා තුවායකින් දෑත් පිසදා ගෙන කේතලය ලිප තැබුවාය. ඉන්පසු ක්‍ෂණික කෝපි තේ හැන්දක් ජෝගුවකට දැමූ ඇය ඉදිරිපස දොරටුව වෙත ගොස් තමාට විශේෂ දීමනාවක් ලැබී තිබේදැයි සොයා බැලුවාය.
ලැබෙන තැපැල් ලබා ගැනීමට භාවිතා කරන කම්බි කූඩයේ තිබුනේ එක් ලියුම් කවරයක් පමණි.
ටයිප් කරන ලද ලියුම් කවරයේ ඉදිරිපස සරලව තිබුනේ ‘ඇන්ජලිකා ස්මිත් මහත්මිය’ සහ ‘අතින් භාර දෙන ලදි’ යනුවෙනි. එය නව පුද්ගලික වෙළඳ දැන්වීමක් ලෙස ඇය උපකල්පනය කළ අතර එයට වඩාත් පෞද්ගලික පෙනුමක් ලබා දීමට උත්සාහ කර තිබු බවද නිරීක්ෂණය කළාය. එය විවෘත කිරීමට ඇයට කුතුහලයක් ඇති වූ අතර එය හුදෙක් ඇය තුළ තිබූ අනෙක් කනස්සලු සිතුවිලි වලින් මිදීමේ අවස්ථාවක් බව ඇය සාදරයෙන් පිළිගත්තාය. එහි ඇතුලත තනි ටයිප් කළ කොලයක් සහ මුද්‍රා තැබූ, නැමුණු ලියුම් කවරයක් විය.
වතුර නටා කේතලය ක්‍රියා විරහිත වනවා ඇයට ඇසුණු බැවින් ලිපිය සහ ලියුම් කවරය ඇගේ ඒප්‍රන් එකේ සාක්කුවේ දමාගෙන මුළුතැන්ගෙය වෙත ගොස් කෝපි ජෝගුවට උතුරන වතුර වත් කර විවේකාගාරය තුළට ගිය ඇය, ලිපිය රැගෙන එය කියවා බැලුවාය.
හිතවත් ස්මිත් මහත්මිය, මෙම ලිපිය අපගේ එක් ක්‍රියාකාරිකයෙකු විසින් ඔබේ නිවසට අතින් ගෙනවිත් භාර දී ඇත. ඔහු ඔබට හෙළි නොවන අතර නැවත ඔබව සම්බන්ධ කර ගන්නේද නැත. කලබල නොවන්න, මෙය තර්ජනයක් නොවන අතර කිසිදු කරදරයක් සිදු වන්නාවූ දෙයක්ද නොවේ. කිසිවෙකුට කිසිදු අනතුරක් නැත, නමුත් අමුණා ඇති ලිපිය කියවීමට පෙර කරුණාකර අසුන් ගන්න, මන්ද එය ඔබේ ජීවිතය වෙනස් කරනු ඇත. සුභ පතන්නෙක්.
ඇය කෝපි උගුරක් පානය කර සිනාසුණාය, රීඩර්ස් ඩයිජස්ට් හි සිටින අය ඔබ හට තැපැල් විවෘත කිරීම සඳහා ඕනෑම දෙයක් කිරීමට උත්සාහ කරති. රතු ලියුම් කවරය ඇයගේ අතට දැනුනි, එහි යතුරක් තිබුනි, ඔවුන් එතරම් වෙනස් වී නැතැයි ඇය සිතුවාය. මෙවර ඇය ජයග්‍රහණය කිරීමට ආසන්නව සිටි මුදල කෙතරම් ප්‍රමාණයක් දැයි බැලීමට ඇය එය විවෘත කළාය. ලිපිය ලියා තිබුනේ අතිනි.
මගේ ආදරණීය ඇන්ජි, ඔයා දන්නා පරිදි, මගේ මැණික, මම පිළිකාවක් සමඟ රෝගාතුරව සිටියෙමි, නමුත් ඔයා නොදන්නා කරුණ නම් විශේෂයෙන් එය විෂ සහිත ස්වරූපයක් ගන්නා පිළිකාවක් බවයි. ඔයා හිතන්නේ, මගේ ආදරය, මම ස්විට්සර්ලන්තයේ සායනයක ප්‍රතිකාර ලබනවා කියලයි, එය අර්ධ වශයෙන් සත්‍යයක් වූවත්, නව ඹෟෂධයක් පරීක්‍ෂා කිරීමේ විශේෂ වැඩසටහනකට මම සම්බන්ධ වුණා. ඹෟෂධය මාව මාව මරා නොදැම්මේ නම් වුනත්, මට සති කිහිපයක් පමණක් ජීවත් වීමට ඉතිරිව තිබුණි. මම ඹෟෂධය තෝරා ගත්තෙමි, ඔබ මෙම ලිපිය කියවන බැවින්, ඒවා වැඩ කළේ නැත. මත්ද්‍රව්‍ය අත්හදා බැලීම වෙනුවෙන් මගේ ත්‍යාගය ඩොලර් 500,000 කි. මහ වීදියේ ඇති අපේ බැංකුවේදී ඔයාගේ නමින් ඇති ආරක්‍ෂිත තැන්පතු පෙට්ටියක මෙම මුදලේ වටිනාකමට සරිලන සේ නැවත විකිණීමේ වටිනාකමක් ඇති ආභරණ එහි ඔබට හමුවනු ඇත. මෙම යතුරෙන්, පෙට්ටිය විවෘත කරන අතර ඔබට එයට ප්‍රවේශ වීම සඳහා මුරපදය වන්නේ අපේ බල්ලාගේ නම සහ බජී ගේ නම වන අතර, පසුව ඔබේ සම්පුර්ණ උපන් දිනය මගේ සම්පූර්ණ උපන්ද දිනයෙන් අඩු කලවිට ලැබෙන ප්‍රතිඵලයයි. දෙවන අකුරෙන් ආරම්භ කොට ඉන්පසු හමුවෙන අනෙක් සෑම දෙවැනි අකුරක්ම කැපිටල් අකුරු ලෙස ඇත. මෙම රහස කලින් ඔබට කීමට නොහැකි වීම ගැන මම සමාව අයදින නමුත්, කරුණාකර ඔබේ අනාගතය භුක්ති විඳින්න, මම ඔබ එනතුරු බලා සිටින බවට සහතික කරගන්න. මා ඔබට පැවසූ දේ සත්‍ය දැයි සොයා බැලීමට ඔබ උත්සාහ කළහොත්, රජය මේ සියලු දේ පිලිබඳ ඇති දැනුම ප්‍රතික්ෂේප කරන අතර, කිසිඳු දැනීමක් නොදන්නා පොලිසියට, වසර ගණනාවක් ගත විය හැකි පරීක්ෂණයක් සම්පුර්ණ වනතුරු ස්වර්ණාභරණ අත්අඩංගුවට ගත හැකිය. කෙසේ වෙතත්, ස්වර්ණාභරණ නීත්‍යානුකූලව මිලදී ගත් ඒවා බවත්, ඒ සමඟ එන විකිණුම් බිල්පත් අව්‍යාජ බවත් මම ඔබට සහතික වෙමි. ඒවා සත්‍යාපනය කර බැලීම සඳහා ඒවා මිලදී ගත් සාප්පුවට, ඔබට ආපසු ගෙන යා හැකි අතර ඔවුන් ඔවුන්ගේ පොරොන්දුවට ගරු කරන්නේ නම්, ඉදිරි දින හත තුළදී ඔබට මුදල් ආපසු ලබා ගැනීමට පවා හැකි වේ. කරුණාකර මා ගැන දුක් නොවන්න, මාගේ ප්‍රේමවන්තය, මම කෙසේ හෝ ඉක්මනින්ම මිය යාමට ඉඩ තිබූ අතර මේ ආකාරයෙන් මට කිසිඳු වේදනාවක් දැනුනේ නැති බව මම ඔබට සහතික වෙමි. ඇත්තෙන්ම ඔබ කැමති නම් මාගේ අසනීපය පිළිබඳ විස්තර අපේ සාමාන්‍ය වෛද්‍යවරයා සමග ඔබට පරීක්ෂා කර බැලිය හැකිය. මේ ආභරණ අවංක බව මම නැවත වරක් ඔබට සහතික වන නමුත් ඔබට පොලිසියට හෝ රජය වෙත යා නොහැක. ඔවුන් ක්‍රියා කරන ආකාරය එයයි, අනෙක් සියල්ල පරීක්ෂා කළ හැකිය, නමුත් එවන් දේ ගැන කරදර වන්නේ ඇයි? අවසාන කරුණ නම්, ගනුදෙනුවේ කොන්දේසියක් වශයෙන් පර්යේෂණ සඳහා මට මගේ ශරීරය වෙනුවෙන් අත්සන් කිරීමට සිදු වූ නිසා, මගේ දේහය ඔබට ලබා ගැනීමට හෝ ඒවා කොහේ තිබෙනවාද කියා කිසිදා දැන ගැනීමට නොහැකි වනු ඇත. මම ‘අතුරුදහන් වූවා කියා අනුමාන කළ අයෙකු’ වනු ඇත. මම හිතන්නේ, මම අතුරුදහන් වූ බව ඔබ පොලිසියට පැවසුවා නම් හොඳයි කියායි. මෙහි සිටින කාර්ය මණ්ඩලය මට සහතික වී ඇත්තේ මගේ මංගල මුදුව සමඟ මාව භූමදාන කරන බවයි. ඔබේ සදාකාලික ආදරණීය සැමියා, ටෝනි XXX "
ඇන්ජලිකා ලිපිය ඇගේ පපුවට තබා හඬා වැළපුනාය. ඇය සාමාන්‍යයෙන් වයින් වලට වඩා සැර කිසිවක් පානය නොකළ නමුත් ඇය කැබිනට්ටුව වෙත ගොස් අමරෙටෝ බෝතලයක් ගෙන ඇගේ ඉතිරිවී තිබූ කෝපි වලට විශාල ප්‍රමාණයක් වත් කළාය.
ඔබ වැන්දඹුවක් වී ඇති බව දැන ගැනීමට මෙය කුමන ක්‍රමයක්ද, ඇය සිතුවාය.

බොබ් නැවත ඇලබාමාහි බර්මින්හැම් වෙත පියාසර කළේ ලිහිල්ව තිබූ කෙලවර කිහිපයක් ගැට ගැසීමටය. ඔහුට නැවත රොන් මුණ ගැසුන නමුත්, හමුවීම සිදුවූයේ බොබ් විසින්ම තෝරා ගත් වෙනත් බාර් එකක් තුලදීය. එහි නම අවසාන මොහොත වන තුරුත් ඔහු හෙළි නොකළ අතර පසුව පවා, ඔහු රොන්ව අනුගමනය කරමින් ඔහු පසුපස කවරෙකු හෝ ඔහුගේ කැමැත්තෙන් හෝ කැමැත්තෙන් තොරව පැමිණේ දැයි බලා ගැනීම සඳහා, වීදියේ අනිත් පස රැඳී සිටිමින් දොරටුව දෙස බලා සිටියේය. සෑම කරුණක්ම ඉතා ආරක්ෂිත බව ඔහුට සහතික වූ පසු ඔහු බාර් එක ඇතුළට ගියේය.
"හරි, රොන්, ඔයාට ඒ ගැන හිතන්න දෙසතියක් තිබුනා. ඔයා ඒකට ලෑස්තිද?"
"ඔව්, ජිම්, දැන් මොකද වෙන්නේ?”
"මුලින්ම අපි අර බියර් ජෝගුවක් අරගමු. ට්‍රිම් ටැබ් රයි බ්‍රවුන් බීර, එයාලා ගාව ඒවා තියෙනවා නම්, අපට කරදරයක් නොවන විදිහට ඊට පස්සේ අපි කතා කරමු."
ඔහු වේටර්ට කතා කර ඇණවුම ලබා දුන්නේය. ඔවුන් දෙදෙනාට සම්පූර්ණ වීදුරුව බැගින් ලැබුණු විට බොබ් නැවත කතාව ආරම්භ කළේය.
"ඔයා මාරාන්තික විදිහට රෝගාතුරව හිටියට තාම වැඩ කරගෙන යන්න බැරි තත්වයට පත්වෙලා, නැහැ නේද?"
"ඔයා හරි. වේදනාවේ මට්ටම වැඩි වෙනවා, නමුත් මට තාමත් හොඳට ක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේම මට ජීවත් වෙන්න මාස දෙකක් විතර තියනවා.”
"අපේ ව්‍යාපාරයේ ස්වභාවය නිසා, ඔයා අපිත් එක්කම එක හිතින් ඉන්නවා කියලා මට විශ්වාසයක් ඇති වෙනකම් මට හැමදේම ඔයාට කියන්න බැහැ දැනට. ඔයාට තේරෙනවා නේද?"
"එක විදිහකට ..."
“හරි, මම වැඩ කරන්නේ නේටෝ සංවිධානයේ රහසිගත ශාඛාවක. මම ජාතිකත්වයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. නමුත් නේටෝව ජාත්‍යන්තර ස්වභාවයෙන් යුක්ත වෙන එකක් කියලා ඔයා දැනටමත් දන්නවා ඇති කියලා මට විශ්වාසයි.
රොන් තම හිස සැලුවේය.
“ඒක ඉතා සියුම් විදිහට කියනවා නම්, මගේ රස්සාව සියදිවි නසාගැනීමේ මෙහෙයුම් සඳහා පුද්ගලයින් බඳවා ගන්න එකයි. මගේ දෙපාර්තමේන්තුවේ ‘විශේෂ නියෝජිතයින්’ විදිහට වැඩ කරන අය ජීවත් වෙන්නේ නැහැ. සදහටම.”
"ඔයාට තේරෙනවද?"
"ඔව්, එයාලා ඔක්කොම මැරෙනවා, මොන හේතුවක් හින්දද?"
“මට ඒක ඔයාට කියන්න බැහැ, නමුත් ඔයා එක්ක ඉතා අවංකව කිව්වොත්, මමවත් ඒ ගැන හරියට දන්නේ නැහැ. මගේ රස්සාව කට්ටිය බඳවා ගන්න එක විතරයි.”
"දැන්, ඔයාට සිතා ගන්න පුළුවන් විදිහට, ගොඩක් දෙනෙක්ට මේ වගේ මාරාන්තික රස්සා අවශ්‍ය නැහැ, නමුත් කෙනෙක් නොහිතන විදිහට මාරාන්තික විදිහට අසනීප වුනොත් ..."
"ඔව්, මට ඔයාගේ අදහස පේනවා, නමුත් ඇයි මම, ගෙදර හරි, රෝහලේදී ඇඳේදී හරි, මැරෙන්නේ නැතුව, ඔයාලා වෙනුවෙන් මැරෙන්න තීරණය කරන්න ඕනේ?"
“හේතු තුනක් ඔළුවට එනවා. පළවෙනියෙන්ම, ඔයා ඔයාගේ පවුලට එයාලගේ අනාගතයට හොඳින් සපයනවා; දෙවෙනියට, ඔයා වේදනාවෙන් මැරෙන්නේ නැහැ කියලා සහතිකයක් ලැබෙනවා, තුන්වෙනියට, ඔයා ඔයාගේ රටේ සහ ඒකේ මිත්‍ර රටවල් වල අවශ්‍යතා තවදුරටත් තහවුරු කරනවා."
"හරි, මගේ පවුලට කොච්චර මුදලක් හම්බ වෙනවාද, මට ඔයාව විශ්වාස කරන්න පුළුවන් කියලා මම දන්නේ කොහොමද?"
"හොඳ ප්‍රශ්න දෙකක්. ඔයාගේ පවුලට අඩුම වශයෙන් ඩොලර් 500,000 ක් ලැබෙනවා, නමුත් සමහර විට ඊටත් වඩා වෙන්න පුළුවන්. ඒක මෙහෙවර මත රඳා තියන දෙයක්, මෙහෙවරේ ප්‍රතිඵලය මත නෙමෙයි. ඔයා වේදනා රහිතව මැරෙනවා වුනත්, රජය ඒකේ අරමුණ ඉටු වුනත් නැතත්, ඔයාගේ පවුලට ගෙවනවා.”
“මගේ අක්තපත්‍ර එක්ක බලපුවහම, ඔයාට මාව විශ්වාස කරන්න වෙනවා කියලා මට කියන්න වෙනවා. ඔයා මගේ හරි, මම නියෝජනය කරන දෙපාර්තමේන්තුවේ පැවැත්ම තහවුරු කරගන්න හරි උත්සාහ කරොත්, ඔයාගේ රටේ වගේම මගේ රටෙත් ඔයාට නිහඬතාවයේ ගඩොල් පවුරකට මුහුණ දෙන්න සිද්ද වෙයි. මගේ පැවැත්ම කිසිම කෙනෙකු පිළිගන්නේ නැහැ වගේම, ඒක ඒ විදිහටම තියෙන්න ඕනේ. තව දෙයක්, ඔයාගේ දේහය හරි, ඔයාගේ දේහයේ කොටස් හරි, ඔයාගේ පවුලේ අයට භූමදානය සඳහා ලබා ගන්න බැහැ. ඒ වගේම තමයි ඔයාගේ මෙහෙවරේ අරමුණ ඔයා දන්නේ නැහැ, ඇත්තෙන්ම සාමාන්‍යයෙන් කියනවා නම්, කොහෙත්ම දන්නේ නැහැ.”
“ඔයාගේ අභාවයෙන් පස්සේ අපි ඔයාගේ බිරිඳට හරි, ඔයා කැමති ඕනෙම කෙනෙකුට, ඔයා කැමති ඕනෑම දෙයක් කියන්න පුළුවන් විදිහට ඔයාම ලියපු ලියුමක් අපි භාර දෙනවා.”
"මම කැමතියි නම්, මම ආයේ එන්නේ නැති අවස්ථාව පහු කරන්නේ කවදාද, සහ මගේ බිරිඳට මුදල් ගෙවන්නේ කොහොමද?"
"මුලින්ම මුදල් ගැන මං කියන්නම්. ඔයා කැමති විදිහකට ඒක ගෙවනවා. නමුත් අපි මුදල් වලට විරුද්ධව උපදෙස් දෙන්න කැමතියි. ස්වර්ණාභරණ හරි, එහෙම නැත්තම් දරන්නාගේ නමට ලියපු බැඳුම්කර, ගොඩාක් සුදුසු වෙනවා. සම්පූර්ණ මිලදී ගැනීමේ ලියකියවිලි එක්ක අපි ඒවා ඔයා කැමති බැංකුවක ආරක්ෂක පෙට්ටියක තියනවා. කිසිම කෙනෙක්ට බැහැ, ඒක නීතිමය වශයෙන් ලබන්න ඕනේ කෙනාට අයිති දෙයක් නෙමේ කියලා ඒකට විරුද්ධව ක්‍රියා කරන්න.”
“ආපසු එන්න බැරි අවස්ථාව නම්, ඔයාගේ නිශ්චිත මෙහෙවර අපි ඔයාට හෙළිදරව් කෙරුවයින් පස්සේ තමයි. සාමාන්‍යයෙන් ඒ කියන්නේ, ඔයා ඒක ඉවර කරන්න දවස් තුනකට විතර ඉස්සර තමයි. ඔයාගේ කොටස ලේසියි, ශාරීරිකව අභියෝගයක් නැහැ, නමුත් ඒක ඔයාගේ මරණයටත්, ඒ වගේම අන් අයගේ මරණයටත් හේතු වෙනවා.”
"ඔයාට සදාචාරාත්මක වශයෙන් විරෝධයක් තියෙනවද?"
"මට විශ්වාස නැහැ, මම හිතන්නේ, මැරෙන්නේ වෙන කවුද කියන දේ උඩ තමයි ඒක තීරණය වෙන්නේ."
“මේ මෙහෙයුම සැඟවුනු එකක් වගේම අනතුරුදායක එකක් වෙන නිසා හැම වෙලාවකම වගේ ළඟ ඉන්න අයටත් හානි සිදු වෙන නිසා ඔයා නිශ්චිතවම ‘නැහැ’, කියලයි සත්‍යවශයෙන්ම ‘නැහැ’ කියලා ඒකට උත්තර දෙන්න ඕනේ. වරදවලා වටහා ගන්න එපා, අහිංසක සිවිල් වැසියන් මැරෙන්න පුළුවන්, නමුත් බලාපොරොත්තු වෙන තරම් නෙමෙයි. ඒක දෙපාර්තමේන්තුව එයාලගේ මූලෝපායන් ඇතුලේ ගොඩනඟන දෙයක්.”
"මට තේරෙනවා. මම ඇමරිකාවේදී මැරෙයිද?”
"මට ඒක කියන්න බැහැ, මොකද මම ඒ ගැන දන්නේ නැහැ .. ඔයාට තාමත් මෙහෙවරක් පවරලා නැහැ, ඒ වගේම ඒක දැනගන්නේ ඔයාගේ මූලික පුහුණු පාඨමාලාව හැදෑරුවායින් පස්සේ."
“ඒකට ඇතුළත් වෙන්නේ මොනාද? මට හැතැක්ම ගණන් දුවන හරි, පහර දෙන හරි පාඨමාලාවක් සම්පූර්ණ කරන්න පුළුවන් කමක් නැහැ, ඔයා දන්නව නේද?”
“මේ පාඨමාලාව ඒ වගේ එකක් නෙමෙයි. නමුත් ඔයාව ආරක්ෂා කර ගන්නේ කොහොමද කියලත්, ඔයාව රඳවා ගන්න උත්සාහ කරන අයගෙන් බේරිලා යන විදිහත් ඔයාට කියලා දෙයි. මට හෙට උදේම පිටත්වෙලා යන්න ඕනේ නිසා, අද රෑ ඔයා මේකට එකඟ වුනොත්, මම ඔයාව වැඩසටහනට ඇතුළත් කරනවා. සති දෙකක විතර කාලයක් ඇතුලත ඔයාට මේ ගැන කෙටි උපදෙස් මාලාවක් ලැබෙයි, ඒ ලියුමේ තියන හැම දේම ඔයා අකුරටම කරන්න ඕනේ කියලා කියනවා ඇරෙන්න, මේ වෙලාවේ මට තවදුරටත් ඔයාට කියන්න දෙයක් නැහැ.”
“ඔයා මේ වැඩේට සම්බන්ධ වෙන නිසා, සති දෙකක් විතර කාලයක් ඔයා පිට ඉන්න වෙනවා. ඒ නිසා ඔයාගේ පවුලටයි, හාම්පුතාටයි කියන්න ඕනේ දේවල් කියලා තියන්න. ඒක ඉවරවුනාට පස්සේ ඔයාව අපි ආයෙත් සම්බන්ධ කර ගන්නවා. වේදනාවකින් තොරව සති හයක් ඇතුළත ඔයා මැරෙනවා, එතකොට ඔයා ඔයාගේ පවුලට බදු රහිත විශාල මුදලක් ඉතුරු කරලා යනවා, එයාලගේ ජීවිතය ආයෙත් අලුතින් පටන් ගන්න.”
"අපි තවත් ජෝගුවකුයි, විස්කියි ඇනවුම් කරමු, ජිම්."

දින කිහිපයකට පසු, නෙවාඩාවට පියාසර කරන ලෙසත්, සැටලයිට් සංචලන උපාංගය සහිත කාර් එකක් මිලට ගෙන සිතියමෙහි පෙන්වා තිබූ නිශ්චිත ස්ථානයකට යන ලෙසත් රොන්ට කෙටි පණිවිඩයක් ලැබුණි. රොන් තම හාම්පුතාගෙන් සහ සගයින්ගෙන් සමුගත්තේ සති දෙකක නිවාඩු කාලයක් ගත කිරීමට යන බව පවසමිනි. තමාට පුහුණු පාඨමාලාවක් සඳහා යාමට සිදු වූ බව ඔහු තම බිරිඳට පැවසූ නමුත් එය ඔහුගේ රැකියාව සමඟ සිදු වූවක් යැයි උපකල්පනය කිරීමට ඔහු ඇයට ඉඩ දුන්නේය.
ඔහු දැඩි බලකොටු සහිත සංකීර්ණය වෙත පැමිණි විට, ඔහුව නවතා ඔහුගේ හදුනාගැනීමේ පත්‍ර ඉල්ලා සිටියෝය. ඔහුට ලබා දී තිබුනේ ‘මළ මධ්‍යස්ථානය’ යන්න පමණි, නමුත් ඔහු එය කී විගසම ඔහුව පිළිගෙන ලබා දිය හැකි සෑම ආගන්තුක සත්කාරයක්ම ලබා දුන්නෝය.
ආගන්තුක සත්කාරය යනුවෙන් මූලික වශයෙන් අදහස් කළේ නොමිලේ නවාතැන්, නොමිලේ ආහාර, නොමිලේ බීම සහ නිදහස් කාන්තාවන් යන්නයි. ‘මළ මධ්‍යස්ථානය’ අදාල බිල්පත් ලබා ගත් අතර ඉතා හොඳ පාරිභෝගිකයෙක් විය.
කඳවුර තුළ විවිධ පුහුණු වැඩසටහන් තිබෙන බව රොන්ට පෙනුණි. ඔහු යෙදුනාවූ පුහුණු වැඩ සටහනට බොහෝ ශාරීරික වෙහෙසවීම් අවශ්‍ය වූ අතර, එහිදී පිස්තෝලයක් සහ පිහියක් භාවිතා කරන ආකාරය සහ උගුරු ඇටයට එල්ල කරන්නාවූ සරල පහරක් මගින් විරුද්ධවාදියෙකු ඉවත් කර ගන්නා ආකාරය සහ ඔහු කතා කරන විට ඔහුගේ කටෙහි කෙළ පුරවා, ඒවා ඉවතට විසිරී යන අන්දමින් කතා කරමින් අන් තැනැත්තාගේ අවධානය වෙනතකට යොමු කරන ආකාරය ගැන ඔහුට කියා දුනි.
ඔහු තම රාජකාරියේ යෙදී සිටියදී ඇතිවිය හැකි කලබල වීමක්, බයවීමක් පාලනය කර ගත හැකි වන පරිදි සන්සුන් වන යෝගා ආශ්වාස කිරීමේ ව්‍යායාම් ක්‍රම ද එහි ඉගැන්වීය.
කඳවුරේ සිටින කිසිවෙකුගේ අනන්‍යතාවය හෙළිදරව් නොවූ අතර කිසිදු ආකාරයක අධිශික්ෂණයක් නොතිබුණද, රොන්ට හැඟී ගියේ එහි සිටි බොහෝ පිරිමින් දක්ෂිණාංශික සංවිධානවල සාමාජිකයින් බවත්, සටන් ශිල්ප ක්‍රම ඉගෙන ගැනීමට එහි සිටි බවත් ය. එය පවත්වාගෙන ගියේ රජය මගින් හෝ නේටෝව මගින් නොවන බව ඔහු තේරුම් ගත්තේය. ‘මළ මධ්‍යස්ථානය’ යනු ඔවුන්ගේ මුරපදය පමණක් වූ අතර, ඔහු කතා කළ වෙනත් කිසිවෙකු එය අසා නැති බව පෙනුණි.
කඳවුරේදී රොන්, ඇත්තෙන්ම හොඳ කාලයක් ගත කළේය.
ඔහු වට දහස් ගණනක් වෙඩි තැබුවේය, සෑම දිනකම, අවම වශයෙන් වෙනස් කාන්තාවක් සමඟ නිදාගෙන ස්වාමියෙකු මෙන් අහාර අනුභව කළේය. ඇයි එහෙම නොකළ යුත්තේ? ඔහු සිතුවේය. මසක් ඇතුලත ඔහු බොහෝ දුරට මිය යාමට නියමිතව තිබුණි. තමා රෝම ග්ලැඩියේටර් කෙනෙකු හා සමාන යැයි ඔහු මනඃකල්පිත සිතුවිලි අතර සිරවී සිටි අතරම ඔහුගේ වාසනාව වැඩි කාලයක් රැඳී තිබිය නොහැකි බව තේරුම් ගත්තේය.
ඔහු මරණයට සූදානම් වෙමින් සිටියේය. ඔහු ජිම්ව විශ්වාස කළ නමුත්, එය ඔහුගේ සැබෑ නම නොවන බව ඔහු වටහා ගත් අතරම ජිම් පැවසූ ආකාරයට තමා නේටෝවට සේවය කරන බවත් ඔහුගේ සීයා දෙවන ලෝක සංග්‍රාමයේදී කල ආකාරයට තම රටට සහ එහි සගයන්ට උපකාර කිරීම ගැන ඔහු ආඩම්බර වන බවත් තේරුම් ගත්තේය.
ඔහු මේ කාරනාව දුටු ආකාරයට, ඔහුව වේදනා නාශක වලින් පොම්ප කර, ඔහුගේ පවුලේ අයගේ සහ මිතුරන්ගේ අනුකම්පාව දක්වන මුහුණු දැක බලා ගනිමින් රෝහලකදී මිය යා හැකිය. නැතහොත් මිනිසෙකු මෙන් මිය ගොස් ඔහුගේ පවුලට යහපත සලසා තම රටට සේවයක් වන යමක් කළ හැකිය.
ඔහුට බිහිසුණු පිපිරුමක් සමගම මෙලොවින් පිටව යා හැකිය, ඔහු එසේ සිතුවේ දරුණු ලෙසටය.
රොන් වැනි මිනිසෙකුට, එය ගැනීමට ඉතා පහසු සහ ඉතා සුළු සිතුවිලි ප්‍රමාණයක් අවශ්‍ය වන තීරණයකි. ඔහුට වයස අවුරුදු පනස් නවයක් වූ අතර වියට්නාමයේ, ජාතික සේවා සංචාර දෙකක් නිමකර තිබිණි. ඔහු තම රටට ආදරය කළ අතර ඒ වෙනුවෙන් තම ජීවිතය කැප කිරීමට කිසිදු පසුතැවීමක් නොවීය. එනම් ඔහුට වයස අවුරුදු 19 දී කළ අවදානම මෙන්, නමුත් මෙවර, ඔහුගේ පූජාව සඳහා සැලකිය යුතු මුදලක් ලැබෙනු ඇත, නැතහොත් අවම වශයෙන් ඔහුගේ බිරිඳට වුවත්, එය ඉතා හොඳ සැකැස්මක් විය.
ඔහුට වීරයෙකු ලෙස බොහෝ දෙනෙකුට උදව් කිරීමේ හැකියාව තිබියදී කිසිවෙකු උදෙසා වැය නොවී රෝහලකදී මිය යාමේ අරමුණ කුමක්ද?
රොන් කාර්යයට කැමති විය.


ජෙනාරෝගේ තවත් ඇමතුමකින් පසු ගරෙග් නැවතත් ඔහුගේ මන්දිරය වෙත පැමිණියේය.
“ඉතිං ජෙනාරෝ, මම ඔයා වෙනුවෙන් මොනවද කරන්න ඕනේ? ඔයාගේ අදහස වෙනස් කරාද?”
"නැහැ, එහෙම නැහැ, මගේ මිත්‍රයා, සමහර විට මට ඔයාට තවත් වැඩක් තියනවා දෙන්න, ඒ වගේම අනෙක් වැඩේ ස්ථිර කරගන්නත් මට ඕනේ."
ජෙනාරෝගේ සහ ගරෙග්ගේ දැන හැඳුනුම්කම් බොහෝ ඈතට ගිය නමුත් ඔවුන් සම්පූර්ණයෙන්ම වෙනස් පසුබිම්වල අය වූහ. ජෙනාරෝ උපත ලැබුවේ ධනවත්, ප්‍රචණ්ඩකාරී දකුණු යුරෝපීය පවුලක වන අතර ගරෙග් උපත ලැබුවේ බටහිර වේල්සයේ, ශාන්ත ඩේවිඩ් අසල බැටළු ගොවිපලක ය.
ඔවුන් දෙදෙනාගේ හමුදා වෘත්තීන් නිසා ඔවුන්ගේ මාවත් එකිනෙක හමුවී තිබුණි. ගරෙග් 2 වන බලඇණියේ පැරෂුට් රෙජිමේන්තුවට සම්බන්ධ වී SAS වෙත ගිය අතර ජෙනාරෝ, ඔහුගේ පියා හට ඔහු පවුලේ ව්‍යාපාරවලට සම්බන්ධ වීමට අවශ්‍ය වනතුරු, ප්‍රංශ නිත්‍ය හමුදාවේ වසර තුනක් සේවයට බැඳුන අතර ඉන්පසු විදේශීය හමුදාවේ ස්වේච්ඡා සේවයට එක්විය.
පියාගේ එම ව්‍යාපාරවලට, මාර්සේ ප්‍රදේශය ආසන්නයේ, දකුණු වෙරළ තීරයේ නීත්‍යානුකූල සාප්පු දුසිම් ගණනක් සමග නියෝජිත ව්‍යාපාරයන් ඇතුළත් වූ නමුත් දකුණු ප්‍රංශය පුරා ගණිකා නිවාස සහ බාර් දහස් ගණනක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාලයක් ද ඇතුළත් විය.
බැංකු මංකොල්ලකෑම්, පැහැර ගෙන කප්පම් ගැනීම්, රක්‍ෂණ වංචා, මුදල් විශුද්ධිකරණය සහ පැහැර ගැනීම් වැනි වඩාත් බරපතල සංවිධානාත්මක අපරාධවලට ද ඔවුහු සම්බන්ධ වූහ. ගෙරෙග්ගේ නියෝජිත ආයතනය වන ‘මළ මධ්‍යස්ථානය’ සමඟ ගෙනාරෝ බලාපොරොත්තු වූයේ එම ව්‍යාපාර කොටසද වැඩි දියුණු කිරීමටයි.
රුවන්ඩාවේ SAS සහ විදේශ හමුදාව අතර හවුල් කටයුත්තකදී ඔවුන්ගේ මාවත් එකිනෙක හමුවී තිබූ අතර එබැවින් ඔවුන් වසර විසිපහක් පුරා එකිනෙකා දැන සිටියහ. ඒ දිනවල එකිනෙකා හා සම්බන්ධතා පැවැත්වීම සැම විටම පහසු නොවූ නමුත් ඔවුන් දෙදෙනාම මේ වනවිට ‘විශ්‍රාමික’ බැවිනුත් ජංගම විදුලි සංදේශ හා අන්තර්ජාල ආගමනය නිසා ඔවුන් හට දැන් නිතිපතා සම්බන්ධතා පැවැත්වීමට හැකියාව ලැබුණි.
දෙදෙනාම තම හැකියාවන් සහ අනෙකාගේ හැකියාවන් පිලිබඳ දැන සිටි අතර ඔවුන් එක හා සමාන දක්ෂතා වලින් යුතු භයානක පුද්ගලයින් බවද තේරුම් ගත්හ. ඔවුන් යම් විටෙක, එකිනෙකාට විරුද්ධ පාර්ශව කරුවන් බවට පත් වුවහොත් ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද යන්න ගැන දෙදෙනාටම විශ්වාස නොතිබුණි. මිනිසුන් දෙදෙනාම වරින් වර එම තත්වය ගැන තම පරි චින්තනයේ මවා ගත්තද, එය යථාර්ථයේදී සිදු විය හැකි දෙයක් බව දෙදෙනාටම නොපෙනුණි. ඔවුන් දෙදෙනාටම, එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් උපන් ගැඹුරු කැමැත්තක් තිබුන නමුත් යම් තල්ලු කිරීමක් පැමිණියහොත් එකෙකු අනෙකා මරා දමන බව ඔවුන් දැන සිටි නමුත් ඇත්තෙන්ම එසේ වන්නේ ඔවුන්ට කළහැකි වෙන කිසියම්ම දෙයක් නැතිවූ විට බවත් දැන සිටියහ.
සියල්ලටම වඩා, ව්‍යාපාර යනු ව්‍යාපාර වේ.
"ගරෙග්, මට ඔයාගේ සහභාගී වෙන්නෙක් ඕනේ, ඔයාගේ විශේෂිතවූ කෙනෙක්, මගේ හිතේ තියන සැලැස්මකට. අපි කවදාවත් ඔයාගේ සේවය පාවිච්චි කරලා නැහැනේ, අපිට ඉවර කරන්න සුළු කාරණාවක් තිබ්බා වුනත් … ඔයා පොරොන්දු වුන දේවල් ඉෂ්ඨ කරන්න ඔයාට තියන හැකියාවන් ගැන මට කිසිම සැකයක් නැහැ. ඔයාට මං වෙනුවෙන් තවත් පුද්ගලයෙක් ඉන්නවද?"
"දෙවෙනි ව්‍යාපාරයට හරියටම ඇතුළත් වෙන්නේ මොකක්ද?"
"ඉස්සෙල්ලා වගේම විස්තර තියන ෆෝල්ඩරයක් මං ලෑස්ති කරලා තියනවා. නමුත් දැනට මට කියන්න තියෙන්නේ එය දැඩි විනාශකාරී දෙයක් වගේම ක්‍රියාකරුගේ ජීවිතය හානි වෙන දෙයක් කියලයි.”
"මට තේරෙනවා. ඔව්, මට විශ්වාසයි අපිට මෙහිදී ඔයාට උදව් කරන්න පුළුවන් වෙයි කියලා."
"කවදාද, කොහේද සහ කොච්චරක්ද? මම ඔයාට වැඩි කාලයක් දෙන්න උත්සාහ කරාට, මේ වෙන දේවල් නිසා මාව සීමා වෙලා තියෙන්නේ. ඒක ජර්මනියේ, දවස් තිහකට විතර පස්සේ වෙන්නේ. ඉතින්, සල්ලි? මගේ මිත්‍රයා ඔයා කොච්චර ගානක් අය කරනවද?”
"ම්ම්ම්, ඇත්ත වශයෙන්ම, මා ගාව ඔක්කොම කරුණු කාරනා නැහැ, ඇත්තෙන්ම. නමුත් උපකරණ ජර්මනියට ඇතුළු කරන එක අමාරුයි, එයාලා හොඳට සංවිධානය වෙලා ඉන්නේ, නමුත්, කෙටි දැනුම් දීමක් නිසා අපි කියමුකෝ ඩොලර් මිලියන 1.5 ක් කියලා, ජෙනාරෝ."
“මිත්‍රයා, ඔයාගේ සේවාවන් වල ගණන් වැඩියි. ඒ වුනාට මම, ඔයාගේ රඳා පැවැත්ම විශ්වාස කරනවා, අන්න ඒකට වටිනාකමක් තියනවා. ඒ නිසා මම ගානට කැමති වෙනවා. මේ වගේ හොඳ ගනුදෙනුකරුවෙක් වෙච්ච නිසා මගේ තුන්වෙනි එක මිලට ගන්නකොට මට වට්ටමක් ලැබෙයි නේ.”
"සමහර විට."
ඔවුන් තම වීදුරු එකට වැද්දූ අතර දෙදෙනාම දැන සිටියේ ගනුදෙනුව සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය වන්නේ එපමණක් බවයි. ජෙනාරෝ, ගරේග් හට ෆෝල්ඩරය භාර දුන්නේය.
"ඉතිං, මේක දෙවෙනි මෙහෙයුමද? ඔයා පලවෙනි එක නිශ්චිත කාලයකුයි, තැනකුයි, දිනයකුයි නැතුව නියම කරගෙන ඉන්නවා, ඒක වෙන්නේ නුදුරු අනාගතයේ, මේ පැත්තේ කිය කිය. ඒ වගේම ඔයා කැමතියි, ඒකට සහභාගී වෙන එක්කෙනාව, හරි වෙලාව එනකං ඔයාගේ ගෙදර නැවතිලා ඉන්නවට. ඒ වගේම ඔයාට තව මෙහෙයුමක් තියනවා, එසෙන් වල, දවස් තිහකට පස්සේ?”
“ඒක හරි. ගැටලුවක් තියෙනවද?"
“නැහැ, කොහොමත් නැහැ. සහභාගි වෙන අය අපි ගාව ඉන්නවා, ඒ වගේම ඕනේ උපකරණත් අපි ගාව තියනවා. ඇත්ත වශයෙන්ම, සහභාගි වෙන අය, අපි මේ කතා කරන වෙලාවෙත් පුහුණුවීම් කර කර ඉන්නේ. කවදද ඔයාට, සහභාගි වෙන කෙනෙක් මෙහෙ නවතින්න එන්න ඕනේ?”
"අපි ඒක ඒ විදිහට නොකියා ඉමු, ගරෙග්. එයාට වත්තේ තියන අමුත්තන්ට වෙන් වෙච්ච ගෙදරකුයි, එයාට ඇසුරු කරන්න ගෑනු ළමයෙකුයි දෙමු. එයාගේ අන්තිම දවස් පුළුවන් තරම් සුවපහසුව තියන්න අපි උත්සාහ කරමු.”
“ඔව්, මට විශ්වාසයි ඔයා ඒ දේ එහෙම කරයි කියලා, ජෙනාරෝ, ඔයා හරිම ත්‍යාගශීලී යි, මට විශ්වාසයි එයා ඒක ගොඩක් අගය කරයි කියලා. ඉතිං, ඔයාට එයාව ඕනේ වෙන්නේ කවදා වගේද?”
“ඔයා කැමති ඕනෑම වේලාවක, ඔයා කැමති ඉක්මනින්ම. ඔයා එයාට යමක් කියනවද, නැත්නම් මම එයාට ඒ ගැන විස්තර කරන්න ඕනෙද?”
"නැහැ, ඔයා කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. ඔයාගේ ඇත්ත නම මොකක්ද කියලවත් එයාට කියන්න ඕනේ නැහැ. මොකද එයා මෙහෙන් යන්නේ මැරෙන්න නිසා කිසිම කෙනෙකුට කිසිම දෙයක් කියන්න එයාට ඉඩක් හම්බවෙන්නේ නැහැ. පොදුවේ ගත්තහම, ඔයා ඔයාගේ සම්බන්ධතාවය පෞද්ගලික මට්ටමක තියා ගන්නවා නම් වඩා හොඳයි. මම ඔයාව එයාට අදුන්වලා දෙන්නේ, මට කරන පුද්ගලික උදවුවක් විදිහට, එයාගේ මෙහෙයුම එනකන් එයාව තියාගන්න කැමති මගේ යාලුවෙක් විදිහටයි. එයාගේ පරම සේවායෝජකයා ඔයා කියලා එයා දැනගන්න අවශ්‍ය නැහැ.”
"හොඳයි! ඒ ක්‍රමය මට හොඳින් ගැලපෙනවා. එහෙනම්, ඔයා කැමති ඉක්මනට එයාව මෙහෙට එවන්න, නැත්නම් එක්කං එන්න. එතකොට, අනිත් එක්කෙනා?"
"අපි එයාව එසෙන් වල දවස් දෙකකට ඉස්සෙල්ලා, සමහරවිට තුනකට ඉස්සෙල්ලා, ඔයා කියපු තැන තියලා තියන්නම්. ඔයාගේ විශිෂ්ඨ සවිස්තරාත්මක සැලැස්මට අනුව, ඔයා කියපු වෙලාවට පැයකට කලින් එයා ඉඳියි."
"ඔයාට ස්තුතියි. අපේ ඉල්ලක්කය සතුටු කරන්නයි."
"අපිත් එහෙමයි. 'මළවුන්ගේ මධ්‍යස්ථානය'!” ඔවුන් දෙදෙනාම සිනාසුණහ.
ජෙනාරෝ, මම හෙට ආපසු යනවා, නමුත් මම දවස් පහකින් ඔයාගේ බෝඩින්කාරයා එක්ක ආයෙත් එනවා. ඒක අවුලක් නැහැ නේද?”
"ඔව්, ගරෙග්, නියමයි.”
"ජෝර්ජ්," ඔහු ප්‍රධාන සේවකයා වෙත හැරී, "ගෑනු ළමයිට කියන්න දැන් අපිත් එක්ක එකතු වෙන්න කියලා. කෝකියාට කියන්න රෑ කෑම ගේන්න කියලත්, ඒ වගේම විනෝදය දැන් පටන් ගන්නවා කියලත් කියන්න.”
"හොඳයි සර්, මම දැන්මම ඒ වැඩ ටික බලන්නම්.”



"බොබ්, ඔයා තාමත් ඉන්නේ ඇමරිකාවේද?”
"ඔව් සර්."
“මම දැන් අනුග්‍රාහකයෙක් එක්ක ඉන්නේ, එයාට සහභාගිවන්නන් දෙන්නෙක් ඕනේ. එක්කෙනෙක් පුළුවන් තරම් ඉක්මනට, අනිත් කෙනා දවස් දාසයකින්. අපට ඒක කළමනාකරණය කරගන්න පුලුවන්ද?”
"පුළුවන්, ගරෙග්, මොන තැන් වලටද?"
“දෙන්නම යුරෝපයට. ඇයි? ඔයාට වීසා බලපත්‍ර හරි විදේශ ගමන් බලපත්‍ර ගැන හරි ප්‍රශ්න තියනවද?”
“නැහැ, ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මම අද සහභාගිවන්නන් සහ උපකරණ පරීක්‍ෂා කරලා බලලා ඔයාට, ඔව් හරි, නැහැ හරි කියලා කෙටි පණිවිඩයක් එවන්නම්. නමුත් මට ගැටලුවක් නම් පේන්නේ නැහැ. හැම දෙයක්ම නියම විදිහට ලෑස්ති කරලා තියෙන්නේ. ඔයා හතරක් කියලා කිව්වා නම් තත්වය වෙනස් වෙන්න තිබුනා, නමුත් දෙකකට කිසිම ගැටළුවක් නැහැ.”
"පැයක් ඇතුළත ඔයාට මගෙන් අහන්න ලැබෙයි."
"හොඳ මිනිහා. එහෙනම්, දැනට බායි."


"ආපු එක ගැන ස්තූතියි, රොන්. මට දැන් මගේ අංශය භාර නායකයාගෙන් ඇමතුමක් ලැබුනා. ඔයාට අවශ්‍ය නම්, අපට ඔයා වෙනුවෙන් මෙහෙයුමක් තියනවා, ඔයා දැන්මම කැමති නැත්තම් ඒක අත්හැරලා දාන්න පුළුවන්.”
"ඒ කොහෙදිද?"
"යුරෝපයේදී. ප්‍රංශයේ."
"මට විදේශ ගමන් බලපත්‍රයක් තිබුනත්, වීසා බලපත්‍රයක් නැහැ, ඒක ගැටලුවක් වෙන්න පුළුවන් නේද?"
"නැහැ, ඔයාට අපරාධ වාර්තාවක් නැත්තම්, ගැටළුවක් නැහැ."
"මම හෙට ඒකට සම්බන්ධ වෙන්නම්."
"හොඳයි, තවත් බියර් සහ විස්කි ගන්න, රොන්, මම මගේ උසස් නිලධාරියාට මේ ප්‍රවෘත්තිය ලබා දෙනකම්." ඔහු තම ජංගම දුරකථනය පිටතට ගෙන කෙටි පණිවිඩයක් යැවීය - ‘හැම දෙයක්ම ලෑස්තියි’.


බොබ් සහ රොන් දින දෙකකට පසු නැවත එක්සත් රාජධානියට පියාසර කළහ. බොබ් සිය රේන්ජ් රෝවර් රථය හීත්‍රෝ රථගාලෙන් ගෙන කාඩිෆ් වෙත එය පැදවු අතර එහිදී ඔහු පැරණි හේස් මාර්කට් පෙදෙසේ පිහිටි ‘මැරියට්’ හෝටලයෙහි රොන්ව නැවැත්විය. ඔහු ඔහුට පවුම් 500 ක් ලබා දී නිරිතදිග වේල්සයේ ශාන්ත ඩේවිඩ්ස් අසල පිහිටි ගරෙග්ගේ ගොවිපළට ගියේය.
“මාර්සේ වල වැඩේට සහභාගිවෙන කෙනා කාඩිෆ් වල මැරියට් එකේ ඉන්නවා. අනිත් කෙනා උපදෙස් බලාපොරොත්තුවෙන් මැන්චෙස්ටර්හි තියන එයාගේ ගෙදර ඉන්නවා. උපකරණ ලෑස්තියි; ඇත්ත වශයෙන්ම දැන් කරන්න තියෙන්නේ අවසාන එකලස් කිරීමයි නැව්ගත කිරීමයි විතරයි.”
"බොහොම හොඳින් කළා. උපකරණ ටික යන තැනට යවන්න දැන්මම වග බලා ගන්න එක වඩා හොඳයි. අපිට දවස් තුනකින් මාර්සේ වල එක පැකේජයක් තියන්න වෙනවා, දවස් දහයකින් එසෙන් වල අනිත් පැකේජයත් අවශ්‍ය වෙනවා. සම්පූර්ණ විස්තර මේකේ තියනවා.” ඔහු බොබ්ට ලියුම් කවරයක් දුන්නේය. "පැකේජ් ටික අරගෙන ටයන්න ලෑස්ති වෙච්ච මිනිස්සු ඉන්නවද?"
"ඔව්, ගරෙග්, ඒක අමාරු වෙන එකක් නැහැ."
"එසෙන් වල අපි අඳුරන කවුරුත් ඉන්නවද?"
“නැහැ, නමුත් ඒක ගැටලුවක්නෙමෙයි. අපි පැකේජය භාර දෙනකන් රියදුරා පැකේජයත් එක්ක හෝටලයක නැවතීලා ඉඳියි.”
“ඔව්, ඒක සම්පූර්ණයෙන්ම සතුටුදායකයි. ඔයා වහාම ඒ කටයුතු වලට සම්බන්ධ වෙන එක වඩා හොඳයි. එක් පැකේජයක් ජෙනාරෝ ගාවට යවන්න.”
"ඔව් ගරෙග්. මම තැන දන්නවා. ඔයා මාර්සේ කියනකොට එයා සම්බන්ධයි කියලා මට හිතුනා. සහභාගිවෙන කෙනාව ඔයා භාර අරගෙන ගෙනියනවද?”
"ඔව්, මම හෙට කාර්ඩිෆ් ගීහින් එයාව අරගෙන යන්නම්. අප සවස මාර්සේ වල ඉඳියි. ඊට පැය හතලිස් අටක් ඇතුළත ඔයාට පැකේජය එහෙට ගන්න පුළුවන් ද කියලා බලන්න.”
"හරි ගරෙග්. ඒක ගැටලුවක් වෙන එකක් නැහැ.”
"හොඳයි. ඔයාගේ පැත්තෙන් වැඩ ටික ඉවර වුනාට පස්සේ, ඇවිත් අපිත් එක්ක එකතුවෙන්න."
“ඉතාමත් හොඳයි, සර්, අර්, ගරෙග්. පරණ පුරුදු, අර්?"

පසුදින උදෑසන හතට පමණ විනාඩි අනූවක දුරින් පිහිටි කාර්ඩිෆ් වෙත ගිය ගරෙග්, පිළිගැනීමේ කටුන්ටරය අසලදී රොන්ව කැඳවාගෙන එම් 4 මාර්ගයේ තවත් සැතපුම් 120 ක් දුරින් පිහිටි හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත ගියේය. ඔවුන් මාර්සේ ප්‍රොවෙන්ස් ගුවන් තොටුපල වෙත පිටත්ව යන දහවල් ගුවන් යානයට ගොඩ වූ අතර ජෙනාරෝගේ එක් සේවකයෙකු ලිමොසින් වර්ගයේ රථයකින් පස්වරු පහට ඔවුන්ව රැගෙන ගියේය.
ගරේග් ඔහුව බෙන්ට්ලි රථයකින් කැඳවාගෙන යන විට රොන් තරමක් විශ්මයට පත්වූ අතර ඔවුන් දෙදෙනා ඉතා හොඳින් සම්බන්ධතාවය ගොඩනගා ගත්හ. රියදුරෙකු විසින් පදවන ලද සම්භාව්‍ය ගනයේ රෝල්ස් රොයිස් කැමර්ගු රථයකින් ඔවුන්ව වෙරළ තීරයේ පිහිටි ජෙනාරෝගේ මන්දිරය වෙත ගෙන ගිය විට, ඔහු කිසි දිනක එවන් සුඛෝපභෝගී අවස්ථා පැවතිය හැකි බව සිතා නොතිබිණි. ඇලබාමාහි උප නගරාසන්නයේ, බර්මින්හැම් හි නැව් ලිපිකරුවෙකු ලෙස ඔහු කෙරූ රැකියාවෙන් සහ ඔහුගේ කුඩා නිවසින් ඒ කාරණා බොහෝ දුරස්ව තිබුණි.
4 ජෙනාරෝගේ පළමු ප්‍රහාරය

ජෙනාරෝ දිගු කළ අතකින් යුතුව රොන් පිළිගත්තේය.
“හෙලෝ, මගේ ආදරණීය කාටර් මහත්මයා, ඔයා අපේ ගෙදර නවතින්න ආපු එක ගැන මම සතුටු වෙනවා. මගේ හොඳ මිතුරා ගරෙග්, මට ඔයා ගැන ගොඩක් දේවල් කියලා තියනවා. මට ජෙනාරෝ කියලා කතා කරන්න, මගේ ගෙදර ඔයාගේ ගෙදර විදිහට සලකන්න. ඔයා ඉස්සෙල්ලාම නැවුම් බවට පත්වෙන්න කැමතිද, නැත්නම් මොනවා හරි බොන්න කැමතිද?”
"හෙලෝ, ජෙනාරෝ. මොන තරම් ලස්සන ගෙදරක්ද ඔයාට තියෙන්නේ? ඇත්තෙන්ම මම මේ වගේ දෙයක් දැකලා නැහැ. මට මෙහේ ඉන්න දෙන්න ඔයා හරිම කාරුණිකයි. කරුණාකර මට රොන් කියලා කතා කරන්න."
“ඔයාට ස්තූතියි, රොන්. මොකක්ද දැන් වෙන්න ඕනේ: බීමක්ද, නැත්නම් නාලා ඉන්නවද?"
"අනේ, මට සමාවෙන්න, බොන්න. සීතල මොනවා හරි."
"ෂැම්පේන්, බියර්, කොක්ටේල්, ස්කොච්, වතුර, ලෙමනේඩ්, පළතුරු යුෂ, ඔයා ඕනේ දේ කියන්න."
උදව්වක් ඉල්ලීමට මෙන් රොන් ගැරෙග් දෙස බැලුවේය.
"ඔයා කැමති ඕනෙම දෙයක් ගන්න, රොන්, ජෙනාරෝ ලෑස්තියි ඕනේ දේකට."
“එහෙනම්, ෂැම්පේන්, කරුණාකරලා, ජෙනාරෝ, මගේ එදිනෙදා ජීවිතයේ මට ඒක ලැබෙන්නේ නැති දෙයක් ... ඇත්ත වශයෙන් එක අවුරුද්දක ඉඳලා ඊළඟ අවුරුද්ද වෙනකන්.”
ජෝර්ජ් නමැති ප්‍රධාන සේවකයා, දිගු කඳක් සහිත උස, පටු ෂැම්පේන් වීදුරු සහිත තැටියක් රැගෙන ආවේය.
"අපි තුන්දෙනාට - සුභ දවස්!" ජෙනාරෝ සව්දිය පිරු අතර, රොන් කලබල වී ඇති බව දුටු ඔහු, වීදුරුව එක හුස්මට බී, එය තැටිය මත තබා තවත් එකක් ගත්තේය.
"සුභ දවස්!" අනෙක් දෙදෙනා පුනරුච්චාරණය කරමින් ඔවුන්ගේ ධාරකයා කලාක් මෙන් එක හුස්මට බී නැවත වරක් වීදුරුව බැගින් ගත්හ.
"කරුණාකරලා, වාඩි වෙලා, ඔයාව සුවපහසු කර ගන්න, එහෙම නැත්තම්, පිටිපස්සට ගිහින් නාන තටාකය කිට්ටුව වාඩි වෙන්න ඔයා කැමතිද?"
"තටාකය ගාවනම් හොඳ අදහසක් තමයි," ගරෙග් පැවසූ අතර “සමහර වෙලාවට ඔයාගේ රුවැත්තියන් කීප දෙනෙකුට අපි වෙනුවෙන් ඉර එලිය තපින්න ලෑස්ති කරානම්, හොඳයි. ඇහැ පිනවන්න, ඔයා දන්නවනේ.”
“විශිෂ්ට අදහසක්. ජෝර්ජ්!."
"සර්."
ගොල්ෆ් කරත්තය ඔවුන්ව පිටුපසට ගෙන ගියේ, මනරම් ගැහැණු ළමයින් හය දෙනෙක් පැමිණෙමින් සිටියදීය. ඔවුන් තම උඩු ඇඳුම් ගලවා තටාකය වටා හිරු එලිය තැපීම සඳහා සුදානම් කර තිබූ බංකු මත අසුන් ගත්හ. රොන් විස්මයට පත් විය.
“මේ මගේ සමහර මිතුරියෝ, එයාලා මෙහෙ නැවතිලා ඉන්නවා. දකුණු දිග ප්‍රංශයේ උඩුකය නිරුවත් වෙලා අව්ව තපින එක සාමාන්‍ය දෙයක් . ඇමරිකාවේ එහෙම නෙමෙයි, අහ්, රොන්? ඒක ඔයාව අපහසුතාවයට පත් කරයිද? ඔයා අකමැති නම්, මම එයාලට කියන්නම් ඇඳුමක් ඇඳගෙන එන්න කියලා.”
“අර්, නැහැ, ජෙනාරෝ, මේ වගේ දෙයක් අපිට ජනපදයේ නැහැ, කොහොම හරි මම ජීවත් වන පැත්තෙත් නැහැ, ඒ වුනාට මම අපහසුතාවයට පත් වුනේ නැහැ. රෝමයේ ඉන්නකොට ... ජීවත් වෙමින් ඉගෙන ගන්න ... මම ඒකට පුරුදු වෙයි, මම හිතනවා.”
ජෙනාරෝ,රොන්ගේ උරහිසට ඉහලින් ගරෙග් දෙස බලා සිනහවක් පෑ නමුත් රොන් එය නොදුටුවේය. ඔහුගේ අවධානය වෙනත් තැනක විය.
“ගරෙග්, ඇයි ඔයා අපේ මිතුරාට ට්‍රන්ක් එකක් තෝරලා දෙන්නේ නැත්තේ, එයා වඩාත් සැහැල්ලුවෙන් ඉඳියි එතකොට. අපි ඔක්කොම පීනලා ඉවරවෙලා, ගෑනු ළමයිව ගිහින් හම්බවෙමු. ඔයා ඒකට කැමතිද රොන්?"
"ඒක නියමයි."
"මේ පැත්තට එන්න, රොනී, මගේ මිනිහා," ගරෙග් පැවසීය.
මිනිත්තු කිහිපයකට පසු ඔවුන් සියල්ලන්ම තටාක අසලදී හමු වූ අතර ජෙනාරෝ ඔවුන්ව ගැහැණු ළමයින්ට හඳුන්වා දුන්නේය.
“නෝනාවරුනි, ඔයාලට පුලුවන්ද මගේ යාලුවන්ට මේ ඉර එළියෙන් ආවරණය වන ක්‍රීම් ගාලා උදව් කරන්න, එයාලා මේ රටේ අය නෙමෙයි, ඉතින් අව්වට පිච්චෙන්න පුළුවන්. මහත්වරුනි, ඔයාලට මගේ රුවත්තියන්ගෙන් කවුරු උදව් කරනවටද කැමති?"
රොන් සහ ගරෙග් ඔවුන්ගේ තේරීම් කළ අතර පසුව ක්‍රීම් ආලේප කරගැනීමට බංකුවක නිදා ගත්හ. මධ්‍යධරණී මුහුද අවට අවට සහ නිවර්තන කලාපයේ ජීවිතයේ බොහෝ කාලයක් ගෙවා ඇති ජෙනාරෝට හිරු ආවරණ ක්‍රීම් අවශ්‍ය නොවීය. ප්‍රදේශයේ සිටි බොහෝ මිනිසුන්ගේ මෙන් දැඩි ලෙස හිරු එලියට දුඹුරු පැහැති වූ සමකින් යුතු රෝම සහිත ශරීරයක් ඔහුට තිබිණි.
හිරු එළියේ සහ ජලයේ ගතකල පැය කිහිපයකට පසු සහ ඔහුටම වෙන්වූ ෂැම්පේන් බෝතලයක් සමගින් රොන් තම අලුත් මිතුරා කැටුව වෙනම පිහිටි තම කුඩා නිවෙස වෙත ගිය අතර රාත්‍රී ආහාරය ගන්නා තුරු නැවත ඔවුන් දෙදෙනා නොපැමිණියෝය.
නුදුරු අනාගතයේ සැලසුම් වල නව වර්ධනයන් කිහිපයක් ගැන ජෙනාරෝ සහ ගරෙග් සාකච්ඡා කළහ.
“මගේ ආරංචි මාර්ගවලට අනුව, සඳුදා දවල් වරුවේ අපේ ඉලක්කය එයාගේ ගෙදරින් එලියට යනවලු දුර්ලභ ගවේෂණයකට. මධ්‍යම පොලිස් ස්ථානයෙන් එයාට එන්න කියලා දිවුරුම් පෙත්සමකට අත්සන් කරන්න. ඒක සාර්ථකත්වයේ හොඳ අවස්ථාවක් අපිට ලබා දෙයි කියලා මට හිතෙනවා, ඔයා එහෙම හිතන්නේ නැද්ද?"
“මොකක්, මධ්‍යම පොලිස් ස්ථානය පුපුරවලා දාන්න, ඒකෙ පොලිස් කාරයෝ පිරිලා ඉද්දී? මම හිතන්නේ ඒකෙන් ඔයාට උසස් ස්ථාන වල ඉන්න යාළුවො ගොඩ දෙනෙක් නැතිවෙයි.”
"නැහැ, මම ඇත්තටම ඇතුළ ගැන නෙමෙයි හිතුවේ, නමුත් එයා පොලිස් රථ ගාලට ඇතුළු වෙන්න, එයාගේ කාර් එකේ වේගය අඩු කරන කොට."
"ඒක ගොඩක් හොඳයි වගේ. අපිට ගිහින් උදේට පරික්ෂා කරලා බලන්න පුළුවන් නේද?"
“අනිවාර්යෙන්ම, හෙට සෙනසුරාදා වුනත්. රථවාහන ගමනා ගමන රටාව සඳුදා වගේ වෙන්නේ නැහැ හෙට. ටිකක් තදබදය අඩුයි.”
“කමක් නැහැ, සැහැල්ලු ගමනාගමනයත් එක්ක ඒක හොඳයි කියලා පේනවා නම්, අධික තදබදයත් එක්ක ඒක ගොඩාක් පහසු වෙයි. ඔයා යන්න ලෑස්ති වුනාම මට කියන්න, මම සූදානම් වෙලා ඉන්නම්. කීයටද, නමයට?”
“එතකොට අපිට දහයට එතෙන්ට යන්න පුළුවන්, ඒක හොඳ වෙලාවක්. අපි වී විලී වින්කිට කතා කරලා එයත් අපිත් එක්ක එන්න ලෑස්තිද කියලා බලමු."
රොන්, ටීනා සමඟ එළියට ආ විට, ඔහු ඇතුළට යන විට තිබූ පෙනුමට වඩා නරක පෙනුමක් ගෙන තිබූනි. බැලූ බැල්මට පෙනුනේ ඔහු කුඩා නිවසේ බාර් එක හිස් වෙන තරමට පානය කර ඇති බවත්, කිසිදු නින්දක් වත් ලබා නොගත් බවයි. ඇගේ සිරුරේ බොහෝ දේ පෙන්නුම් කිරීමේ අරමුණින් නිල් පැහැති රෙද්දකින් මසා තිබුණු ඇඳුම, තවමත් හොඳින් තිබුන අතර එය ඇයගේ ශරීරයෙන් නොවැටී තිබුනේ ඉංජිනේරු විද්‍යාවේ විස්මයක් විදහා පෑ ලෙසකිනි. රොන් ඇඳගෙන සිටියේ බෙල්ලෙන් විවෘත සුදු පැහැති හවායි කමිසයක් සහ දිගු සුදු කලිසමකි. ඔහු බොහෝ විට ඇමරිකානු වර්ජින් දූපතේ පසුගිය නිවාඩුව ගත කළ විට එය පැළඳ සිටියේය.
ජෙනාරෝ සහ ගරෙග් යන දෙදෙනාම ඇඳගෙන සිටියේ සුදු පැහැති කලිසම් සහ කෙටි අත් කමිස වන අතර, ඉන් එකක් සුදු පැහැති සහ අනෙක ලා නිල් පැහැති විය. වේල් හතරකින් සමන්විත වූ රාත්‍රී ආහාරය පුරා විනෝදවීමට අවස්ථා පිරී පැවතී අතර කීර්තිමත් ප්‍රාදේශීය ගායකයෙක් මධ්‍යම රාත්‍රිය වන තුරුම ඔවුන්ව ප්‍රීතිමත් කළේය.
උදෑසන, දැඩි ලෙස වෙස්වලාගෙන සිටි ජෙනාරෝ සහ ගරෙග් සමග සන්නද්ධ ආරක්ෂකයින් තිදෙනෙකු, පැරණි බලපත්‍ර තහඩු සහිත පැරණි අපිරිසිදු කාර් එකකට ගොඩ වී නගර මධ්‍යයට ගියෝය. ඔවුන් මාර්ගයේ දෙපසින්ම තමන් ඉලක්ක කරගත් ගොඩනැගිල්ල පසු කරමින් කිහිප විටක්ම ගමන් ගත්හ. ඔවුන් වාහන නැවැත්වීමේ ගාල නිරීක්ෂණය කල අතර, මාර්ගයේ මංතීරුවක් හරහා මාරුවීම වැළැක්වීම සඳහා ඔවුන් මාර්ගයේ දකුණු පැත්තේ සිටිනු ඇතැයි උපකල්පනය කරමින්, ඉලක්කගත වාහනය තියුණු අන්දමින් දකුණට හැරවීම සඳහා වේගය අඩු කිරීමට සිදු වන බව ඔවුන් තේරුම් ගත්හ.
රථ ගාලට ඇතුළු වීමේ දොරටුව මුරකරුවන් දෙදෙනෙකු විසින් ආරක්‍ෂා කරමින් තිබූ අතර, ඔවුන් ඇතුලත් වීමේ අවසර පත්‍ර පරික්ෂා කර මිනිසුන් ඇතුලට ගත්හ. එලෙසම එහි තිබූ බාධක ගේට්ටුව, බරැති ලණුවකින් ඇද පහත් කරන ආකාරයේ ගේට්ටුවක් විය. කෙසේ වෙතත් ඔවුන් උපකල්පනය කලේ, කාර් රථය එතරම් දුර නොයනු ඇතැයි කියාය.
පෑන් වල සඟවා තිබූ කුඩා කැමරා වලින් ඔවුන් එහි ඡායාරූප දුසිම් ගණනින් ගත්හ. පස්වැනියා හට වාහනය අසල ස්ථානයක නැවැත්වීමට ඉඩ දී, මිනිසුන් හතර දෙනෙක් එළියට බැස සාප්පු වල ජනේල දෙස බලන මුවාවෙන් මාර්ගයේ අනිත් පස පිහිටි ගොඩනැගිල්ලේ ඇතුළුවීමේ ක්‍රියාවලය නිරීක්ෂණය කළහ. ඔවුන්ට අවශ්‍ය සියලු තොරතුරු සියල්ල ඔවුන් රැස්කර ගත් අතර දැන් ඔවුන්ට අවශ්‍ය වූයේ යම් වාසනාවක් පමණි.
නැවත ජෙනාරෝ ගේ නිවසෙහිදී, මිනිසුන් දෙදෙනා ඔවුන් සතු සියළුම දර්ශන පරිගණකයකට සම්බන්ධ කළ අතර පසුව එය වඩාත් ප්‍රයෝජනවත් වන පරිදි හසුරුවා ගත්හ. ඔවුන් සමහර ගොඩනැගිලිවල සත්‍ය ඡායාරූප සහිතව සවිස්තර සිතියමක් සාදා පසුව A2, A3 සහ A4 ප්‍රමාණයේ පිටපත් මුද්‍රණය කළහ. සැලැස්ම දැන සිටියේ ඔවුන් දෙදෙනා පමණක් වන අතර අවසාන මොහොත දක්වාම එය එලෙසම තබා ගතයුතු විය. රොන් හට කලින් පැවසිය යුතුවූ අතර බොබ්ට ද එසේ පැවසිය යුතු වූ නමුත් ජෙනාරෝගේ මිනිසුන් කිසිවෙකුට කිසිවක් කිවයුතු නොවේ.
ජෙනාරෝගේ ලෝකයේ සෑම තැනම ඔත්තුකරුවන් සිටියහ.
සෙනසුරාදා සවස් කාලයේ බොබ් පැමිණි විට ගරෙග් සහ ජෙනාරෝ සැලැස්ම පැහැදිලි කර ඔහුගේ අදහස් විමසූහ. ඔහු විසින් එක් කරන ලද සුළු ආරක්‍ෂක අංගයක් වහාම අනුමත කෙරිණි.
සැලැස්ම සැමදා පවතින දෙයක් මෙන් ස්ථීර වූ විට බොබ් පැය කිහිපයක් සඳහා රියදුරෙකු සමග කාර් රථයක් ලබා දෙන ලෙස ඉල්ලා නගරයට පිටත් විය. ඔහුට වගබලා ගැනීමට යමක් තිබුණි. ජෙනාරෝ වෙනත් වැඩ කටයුත්තක් නිරීක්‍ෂණය කිරීමට ගිය අතර ගරෙග්, තටාකය අසල අවසන් වරට සිටි රොන් සෙවීමට ගියේය.
"රොන්, මට පුළුවන් වෙයිද ඔයා එක්ක වචනයක් කතා කරන්න?"
රොන් නැගිට ගරෙග් පසුපස පියවර කිහිපයක් ගියේය. ඔහුගේ සුඛෝපභෝගී නිවාඩුව ඉතා ඉක්මනින් අවසන් වීමට නියමිත බවට ඔහුගේ හදවත කිඳා බසින සිතුවිල්ලක් ඔහුට ඇති විය .
"මොකක්ද, ගරෙග්?"
"අපි ගාව ඔයාට මෙහෙයුමක් තියනවා, ඒක වෙන්නේ සඳුදා."
"ආ, එහෙමද. මම දැනගෙන හිටියා මේ විනෝදය වැඩි කලක් පවතින්න බැහැ කියලා. පුදුමයි නේද, මිනිසුන්ගේ ජීවිත අතර වෙනස? ජෙනාරෝට මේ ඔක්කොම තියනවා, පැය හතලිස් අටකදී මට මුකුත් නැහැ.”
"මාව වරදවලා තේරුම් ගන්න එපා, මම ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. මම අපේ ගනුදෙනුවෙන් අයින් වෙන්න උත්සාහ කරනවත් නෙමේ. මට නිකමට හිතුනා, මේ වගේ තැන් තියෙන්නේ චිත්‍රපට වල විතරයි කියලා. මං මෙහෙම අහන එක ඔයාට ප්‍රශ්නයක් නැත්නම්, මේ ඔක්කොම සල්ලි හම්බ කරන්න, ජෙනාරෝ මොනාද කරන්නේ?”
"මම හරියටම දන්නේ නැහැ, මම හිතන්නේ නැහැ එයත් ඒක දන්නවා ඇති කියලා. එයාගේ පවුල ගොඩක් කාලෙක ඉඳන් පොහොසත්. එයාලගේ ඇඟිලි ගොඩාක් පුඩින් වල තියනවා. මම සිතන්නේ පළවෙනි හා දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ, ලොකු මුදල් උපයා ගන්න විශාල අවස්ථාවන් තියෙන්න ඇති කියලයි. ඔයා දන්නවානේ, හොඳ යාලුවන්ගෙන් වත් අහන්න බැරි සමහරක් ප්‍රශ්න තියනවා කියලා.”
"මමත් එහෙම හිතනවා. ඔයා මට වැඩි විස්තර කියන්න යන්නේ කවදාද?”
"හෙට දුන්නම ඇති කියලා මම හිතනවා. ඔයාගේ භූමිකාව රඟ දක්වන්න අමාරු නැහැ, කොහොමත් ලැබෙන ප්‍රතිඵලය ඔයාට සහතිකයි. ඔයාට ඒක තේරෙනවද?”
"ඔව්, ගරෙග්, ඔයා සහ බොබ් හැම වෙලේම ඒ දේ මට තේරුම් කරවන්න ඉදිරියෙන්ම හිටියා."
“බොබ් සහ මම, අපි දෙන්නම සොල්දාදුවන් වෙලා හිටියා. ඒ නිසා අපි දෙන්නම දන්නවා සහෝදරවරු අතර අවංකකමේ අවශ්‍යතාවය. අපට පුළුවන් හැමදේම අපි ඔයාට කියලා තියෙන්නේ.”
"මම ඒක අගය කරනවා, ගරෙග්. ඒවගේම මාව ඒකට ඇතුළත් කරපු එක ගැනත් ඔයාට ස්තුතියි."
“ඔයා සහෝදරයෙක්, එකට අවි දරන සහෝදරයෙක්. ඔයා ඔයාගේ මරණයට මිනිසෙකු වගේ මුහුණ දෙන්න ලෑස්ති වෙනවා, ඒ ගැන මම ඔයාට ගෞරවය පුද කරනවා. හැම සෙබළෙක්ම බලාපොරොත්තු වෙන්නේ එයාගේ පූජාව කරන්න වෙලාව ආවම, ඒක කරන්න ශක්තිය ලැබෙන්න කියලයි.”
“ඔයා දන්නවද, මම හමුදාවේ හිටියා, එයාලා කියන විදිහට, ජීවිත කාලයට ඉස්සර…”
“ඔව්, මැරීන් භටයෙක් විදිහට, නේද? වියට්නාමය? බොබ් මොකක් හරි මට කිව්වා ඒ ගැන."
“ඔව්, 1 වන බලඇණිය, 4 වන එක්සත් ජනපද මැරීන් බළකාය, මම මගේ අවුරුදු දෙක කළා, පස්සේ මම එළියට බැස්සා. මම ඒකට කැමති වුණේ නැහැ.”
"ඔයා සහ බොබ් බ්‍රිතාන්‍ය හමුදාවේ දැනටත් සේවය කරනවද, නැත්තම් දැනට නැද්ද?"
"ඔව්."
"මම එහෙම හිතුවා. ඒ ගැන හැම වෙලාවකම කියන්න පුළුවන්, එහෙම නේ. බොබ්ගේ වෘත්තීමය, මිලිටරි ආකල්පය වගේම දරාගැනීම නැත්තම් මම මේ වෙනුවෙන් අත්සන් කරයි කියලා මම හිතන්නේ නැහැ ... මට එයාව විශ්වාස කරන්න පුළුවන් කියලා තේරුණා. ඔයත් එහෙමයි. නමුත් මම මෙහෙම කියන එක ගැන ඔයා අමනාප නැත්තම්, මම ඔයාව නිලධාරියෙකු විදිහට දාලා බොබ්ව NCO කෙනෙක් විදිහට තියනවා.”
"ඔව්, ගොඩක් හොඳයි."
“එහෙනම් සුභ රාත්‍රියක් වේවා, රොන්, අපි සැලසුම ගැන ඔයාට කිව්වට පස්සේ ආයේ කිසිම ගැහැණු ළමයෙක් එක්ක ඔයාට ආශ්‍රයක් තියා ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ජෙනාරෝ ඔයාගෙන් කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැහැ, නමුත් බොබ් සහ මම දැනටමත් ඒ මෙහෙයුම ගැන දන්නවා. ඒ නිසා හෙට උදේ කෑමෙන් පස්සේ ඔයා එක්ක කතා කරන්න අවසරය තියෙන්නේ අපි දෙන්නට විතරයි. හරි, රොන්?"
"ඔව් මට තේරෙනවා."
“හොඳයි, හොඳයි, ඔයා ගිහින් විනෝද වෙන්න, අපි ඔයාව රෑ කෑම වෙලේදී හමුවෙන්නම්. කොහොම වුනත්, ඔයා වෙනත් ආකාරයකින් වැඩක යෙදිලා ඉන්නවා නම්, කරදර වෙන්න එපා, අපි උදේ කෑමට හම්බවෙමු. එහෙනම්, ඔයාව පස්සේ හම්බවෙන්නම්."
"බායි, ගරෙග්," ඔහු නැවත, ෂැම්පේන් සහ තටාකයේ සිටි ගැහැණු ළමයින් වෙත ගියේය.



උදෑසන ආහාරයෙන් පසු ගරෙග්, බොබ් සහ රොන් ඒ කාරනය සඳහා ඔවුන්ට වෙන්කර තිබූ අමතර නිදන කාමරයකට ගියහ. ගරෙග් සැලැස්ම වේගයෙන් තේරුම් කරදුන් අතර නැවත වරක් සෙමින් සෙමින් එය විස්තර කළේය. එය සරල වූ අතර රොන්ට ප්‍රශ්න කිසිවක් නොතිබිණි.
“පැහැදිලි නැති කිසිම දෙයක් ගැන මට හිතන්න බැහැ, නමුත් සමහර විට මට පස්සේ මොනවා හරි මතක් වෙන්න පුළුවන්.”
“එහෙම මතක් උනොත්, අපි කොහේවත් යන්නේ නැති නිසා අහන්න. ඒ වගේම, ඔයාට ආයෙත් සැලැස්ම ක්‍රියාත්මක වෙන විදිහ ගැන බලන්න ඕනේ නම්, අපෙන් එක් කෙනෙකුට හරි, දෙන්නටම හරි කතා කරන්න. මේ මෙහෙයුම ගැන ඕනෑම දෙයක් වෙනුවෙන් ඊළඟ පැය විසිහතර තුළ අපි ඔයා වෙනුවෙන් ඉන්නවා.”
"එතකොට ගෙවීම?"
"ඔයා දැනටමත් බොබ්ට ඔයාගේ කැමැත්ත ගැන කියලා තියනවා, නේද? ඔයාගේ බිරිඳට දෙන්න ඩොලර් 500,000 ක් වටිනා රත්තරන් සහ දියමන්ති ඔයා තෝරගෙන තියනවා, ඒවා එයාගේ බැංකුවේ ප්‍රාදේශීය ශාඛාවේ තැන්පත් කරලා තියනවා, ඔයා දැක්කා නේද?”
"ඔව්, ඒක හරි. කොහොම හරි, එයාට ඒවා ලැබෙන්නේ කවදාද? ”
"ඔහ්, එකට යන්නේ දවස් කිහිපයක් විතරයි. බදාදා හෝ බ්‍රහස්පතින්දා එයාට දැනුම් දීමක් ලැබෙන්න ඕනේ. ඔයා, එයාට යවන ඔයාගේ සමුගැනීමේ ලියුම ලියලද තියෙන්නේ?"
“නැහැ, නමුත් මම එය අද රෑට ඒක ලියලා ඔයාට හරි බෝබ්ට හරි හෙට උදේට දෙන්නම්. කාමරේ ලිපි ද්‍රව්‍ය තියෙනවා කියලා මම දැක්කා.”
බොබ් සහ රොන් දහවල් කාලයේ වැඩි හරියක් ගත කළේ බියර් බොමින් හා මිදුලේ කතා කරමිනි. බැලීමට ගැහැණු ළමයින් එහි සිටියේ නැත. ගරෙග් සහ ජෙනාරෝ විටින් විට බියර් පානය කිරීම සඳහා නතර වූ අතර දහවල් කාලය ඉක්මණින් හා විශ්වාසදායක ලෙස ගත විය. කෑමට පැයකට පෙර ස්නානය කිරීම සඳහා රොන් ඔහුගේ කුටිය වෙත ගියේය. ඔහු සිය අවසන් ලිපිය ලිවීම ආරම්භ කළ නමුත්, ඔහු නිවෙස අතහැර යාමට සුළු මොහොතකට පෙර එය අවසන් කිරීම ඔහුට අවශ්‍ය විය.
ඔහු සිතුවේ, එවිට එය හදවතින්ම පැමිණියාක් මෙන් පෙනෙන බවත් එවිට එය වඩාත් පෞද්ගලික දෙයක් වනු ඇති බවත්ය.
රාත්‍රී ආහාරය කිසිසේත් මනසින් දුෂ්‍ය නොවූ අතර රොන් ඇත්තෙන්ම ‘මැරෙන්න ඉන්න අපි ඔබට ආචාර කරමු’ කියා, ඔහු සැමට ආචාර කළ අතර ඔහු දන්නා තරමින්, ජෙනාරෝ කුමන්ත්‍රණයේ නොසිටි බව අමතක කළේය. ජෙනාරෝට ඔහුගේ කොටස ඉටු කිරීමට අමතක වූ අතර රොන්ට ආපසු ආචාර කළේය.
ඔවුන් හතර දෙනාම මැදියම් රැයේ තනි තනිව නින්දට ගිය අතර රොන් පවා හොඳින් නිදාගත්තේය.
ඊළඟ දිනයේ නින්දෙන් අවදි වූ විට මිනිසුන් හතර දෙනාම යම් හිසරදයකින් පෙළුන බව පැවසීම සාධාරණ නමුත්, එය පැරසිටමෝල් පෙති මගින් සුව නොකල හැකි දෙයක් නොවීය. උදෑසන ආහාරය හතට වූ අතර සැලැස්ම පිළිබඳ අවසන් විස්තරය ඉන්පසුව දීමට නියමිතව තිබුණි. ජෙනරෝගේ සහභාගිත්වයෙන් තොරව.
ප්‍රථම වරට, මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සවි කර එහි ක්‍රියාකාරිත්වය ඔහුට පෙන්නුම් කර දුන් අතර ඔහු එයින් සතුටට පත් වූයේ එහි බලවත් බලය නිසා ඔහුගේ බිය නැතිවී ගිය බැවිනි. මරාගෙන මැරෙන ජැකට් විශාල හා දැඩි යැයි ඔහු සිතූ නමුත්, මෙය එසේ නොවීය.
රොන්ට ඇඳුම් කට්ටලය පෙන්වමින් බොබ් පැහැදිලි කළේය.
“හැම ජැකට් එකක්ම විශේෂ විදිහට හදන්නේ ප්‍රමාණය ගැන බලලා නෙමෙයි, අරමුණක් වෙනුවෙන් නිසා ඒ හැම එකක්ම තරමක් වෙනස්. සාමාන්‍යයෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් උපරිම වශයෙන් 360° ප්‍රදේශයකට හානි වෙන්න, පුපුරණ ද්‍රව්‍ය ශරීරය වටේම බැඳගෙන ඉන්නවා. කොහොම උනත්, අපි උත්සහා කරන්නේ ඔයාගේ පිපිරුම ඉස්සරහට හානි වෙන විදිහට අරගන්නයි. එතකොට ඔයා ඇත්තම කාල තුවක්කුවක කට වගෙයි. ඔයාගේ පපුව ඉස්සරහා තියන ඕනෙම එකකට පිපිරීමෙන් වැඩි බලයක් දැනෙනවා.”
“ඒක එහෙම වෙනකොට, ඔයාගේ පිටිපස්සේ තියන දේවලුත් හානි වෙනවා, මොකද ඔයාගේ ශරීරයේ උඩ කොටස ක්ෂණිකයෙන් වෙන්වෙලා යන නිසා, ඒ වගේම පොරොන්දු වෙච්ච විදිහටම ඔයාට ක්‍ෂණික මරණයක් ලැබෙනවා.”
"ඔයාට කිසිම දෙයක් දැනෙන එකක් නැහැ.”
"ඔයාගේ සයිස් එකට මේක හරිද කියලා උත්සාහ කරලා බලන්න, නමුත් මීට ඉස්සර අපිට කිසිම ගැටළුවක් වෙලා නැහැ.”
"මගේ ෂර්ට් එකට උඩින්?"
“ඔව්, ඔයා කබායක් අඳිනවා වගේ ඔයාගේ ෂර්ට් එකට උඩින් ඒක අඳින්න. ඔයාට පේනවා ඇති, ඒක හරියට ජෑස් සංගීතඥයෙක් සාමාන්‍යයෙන් අඳින එකක් වගේ පෙන්නේ - ඒක ඒවගේ විලාසිතාවක් ඇරෙන්න, වෙන දෙයල් කියලා හිතන්න බාහිර ලකුණු මුකුත් නැහැ. පුපුරන ද්‍රව්‍ය ලයිනිං එකට තියලා මහලා තියනවා. මෙතනයි, මෙතනයි ටිකක් වැඩියෙන් පැක් කරලා තියෙන්නේ, ඔයාට පොඩි බඩකුයි, මිනිස් පියයුරුයි ලබා දෙන්නයි. ඔයා ස්ටෝන් දෙකක් විතර බර වැඩියි වගේ පෙනෙයි, නමුත් මේ දවස් වල ඒක සාමාන්‍ය දෙයක් විදිහට පෙනෙයි.”
“ කොහොම හරි, මේක පුපුරුවා ගන්න ස්විච් එක අතේ තියාගන්න එකක් නෙමෙයි. මොකද එතන ඉන්න ආරක්‍ෂක නිලධාරින් හොඳට පුහුණුව ලබපු අය. එයාලා ඒවා ගැන හොඳ විමසිල්ලෙන් ඉන්නවා, ඒ වගේම සාක්කුවේ අත දාගෙන ඉන්න අය ගැනත් හොඳට විමසිලිමත් වෙනවා. කබායේ තියන උඩ බොත්තම එබුවම තමයි, අපේ ඒවා ක්‍රියාත්මක වෙන්න හදලා තියෙන්නේ. ඒකෙන් විදුලි පරිපථය සම්පූර්ණ වෙලා, ඩෙටනේටරය ක්‍රියාත්මක වෙලා පුපුරලා යනවා. බය වෙන්න එපා. ඒ සියල්ලටම නැනෝ තත්පර කිහිපයකටත් අඩු කාලයක් තමයි ගත වෙන්නේ. ඒ නිසා ඔයාට ඩෙටනේටර් වෙනවා දැනෙන්නෙත් නැහැ.”
“මුළු උපාංගයම බල ගැන්වෙන්නේ වෝල්ට් නවයේ PP9 බැටරියකින්. ඒක කබායේ, උඩම සාක්කුවේ තමයි තියෙන්නේ. මෙතන තමයි තැන.”
“ඒක ඇතුලට දැම්මට පස්සේ, ආයේ අයින් කරන්න බැහැ. ගන්න උත්සහා කරොත් එහෙම ඒක පුපුරලා යනවා. මෙහෙයුමේ සාර්ථකත්වය සහතික කරන්න උපකාර වන තවත් අධි තාක්‍ෂණ විශේෂාංග එකක් හෝ දෙකක් තියනවා. නමුත් ඔයත් එක්ක ඒ ගැන කතා කරන්න මට අවසර නැහැ. කොහොම උනත්, මම කියන්න ඕනේ එක දෙයක් තියනවා. මේ ජැකට් එක සන්නද්ධ කරාට පස්සේ, ඔයාට ජීවත් වෙන්න බැහැ. අවසාන මොහොතේ ඔයාගේ අදහස වෙනස් කරන එක වලක්වන්න කරපු දෙයක් ඒක.”
“මම මේ බැටරිය මේ සාක්කුවේ තියෙන රඳවනයට ඇතුළු කරපු ගමන්ම ඒකෙන් ඔයාගේ ඉරණම මුද්‍රා වෙනවා කියලා කියන එක ප්‍රමාණවත්. මොනවා වුනත්, ඔයාගේ ඉරණම මේ වන විටත් දෙවියන් වහන්සේ විසින් මුද්‍රා කරලයි තියෙන්නේ. මම කලින් ඔයාට කිව්ව විදිහට, ආපසු හැරෙන්න බැරි මොහොත තමයි ඔයාගේ මෙහෙයුම ඔයාට හෙළිදරව් කරණ මොහොත. ඒක දැන් ඔයා පහුකරලා තියෙන්නේ, ඒක නිසා දැන් ඔයා, සමහර අය කියනවා වගේ ඇවිදින මළමිනියක්.”
“ඔයාට පුළුවන් තරම්, කාර් එකට ලං වෙන එක අත්‍යවශ්‍යයි. වඩාත් හොඳයි ඔයාට විවෘත වෙලා තියන ජනේලයක් කිට්ටුවට යන්න පුලුවන්නම්. මොකද කාර් එක සන්නද්ධ කරලා වෙඩි වදින්නේ නැති වීදුරු හයි කරලා තියන නිසා. එතන ඉන්න ආරක්‍ෂක නිලධාරියාට යම් අවසර පත්‍රයක් කාර් එකේ රියදුරා පෙන්නන්න වෙනවා. ප්‍රහාරයට හොඳම වෙලාව මේක තමයි. අපි වෙනත් ක්‍රමත් අත්හදා බැලුවා, නමුත් ඒවා සාර්ථක වුනේ නැහැ. ඔයා තමයි අපේ අවසාන බලාපොරොත්තුව.”
"මට කියන්න පුළුවන්ද 'එයා' කවුද කියලා?"
"ඒක මම නොකළ යුතු දෙයක්," ගරෙග් කීවේය. “නමුත් කියන එකේ හානියකුත් මට පෙන්නේ නැහැ. එයා නේටෝ හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරයෙක්, ප්‍රංශ ජාතිකයෙක්. එයා චීනයට ටිකක් ආවඩනවා. එයාගේ දැනුම චීන අයගේ අතට පත්වෙන්න අපිට ඉඩ දෙන්න බැරි හින්දා අපිට එයාව නැති කරන්න වෙනවා.”
"මට තේරෙනේවා. ඉතිං මේක හරිම වැදගත් නේද? ඒ දේ මාත් එක්ක බෙදා ගත්තට ස්තුතියි. ඔයා දන්නවනේ, අහල පහල අයට හානියක් සිද්ධ වුනොත්, ඒක හෘද සාක්‍ෂියටත් ගොඩක් පහසු වෙයි.”
“ඔව්, ඔයාගේ කනස්සල්ල අපිට තේරෙනවා, නමුත් ඔයා මෙන්න මේ වෙලාවේ පහර දුන්නොත්, ඒ කියන්නේ වාහනය ගේට්ටුවේ බාධකයට ළං වන කොට, රියදුරුරෑට එයාගේ පාස් එක පෙන්නන්න ජනේලය පහත් කරණ වෙලාවේ, එතකොට පිටිපස්සේ ඉන්නේ ආරක්ෂක භටයන් දෙන්නෙකුයි, දෙපැත්තේ තියෙන්නේ ගඩොල් බිත්ති විතරයි. කොහොම හරි ඔයාට පුළුවන් වෙනවා පලායන ජෙනරාල්වරයාවයි එයාගේ සහායකයනුයි මරා දාන්න, සමහරවිට ආරක්ෂක භටයින් දෙන්නා මැරෙන්නත් පුළුවන්, තුවාල වෙලා බේරෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අහල පහල අය දෙන්නයි මැරෙන්නේ. ඒක කනගාටුවට කරුණක් තමයි, නමුත් පිළිගන්න පුළුවන් ගානක්.”
“ඔයා එකඟ වෙනවද, රොන්, යුද්ධ කාලේදී දාන රොකට් වලටයි, බෝම්බ වලටයි ගොඩාක් අහිංසක සිවිල් පුරවැසියන් මැරුනා නේද? ඔයා නිසා මැරෙන්නේ දෙන්නෙක්. නමුත් ඒකත් අපිට නිශ්චිත නැහැ තාම.”
“ඔයා ඔයාගේ බිරිඳට ලියුම ලියලද තියෙන්නේ?"
"ඔව්, මෙන්න."
"හොඳයි. මේක එයාට ලැබෙයි. මම පොරොන්දු වෙනවා,” බොබ් පොරොන්දුව දෙන ආකාරයෙන් ඔහුගේ හදවතට අත තබා එය ස්ථිර කළේය.



නවය වන විට ජෙනාරෝගේ රියදුරෙක් ගරෙග්, බොබ් සහ රොන්ව, සිද්ධිය සිදුවීමට නියමිත ස්ථානයට යාර සියයකට නුදුරු ස්ථානයකට රැගෙන ගියේය.
"රොන්, ඔයාට කොහොමද දැනෙන්නේ?" බොබ් ඇසීය.
“විශිෂ්ටයි, නමුත් ඔක්කොම හරි. මම සාමාන්‍යයෙන් ලොකු කබායි, මේ වගේ දිග බොරු කොන්ඩෙයි අඳින්නේ නැහැ.”
“නැහැ, සමහර විට කොහෙත්ම නැහැ, නමුත් මගේ වචන විශ්වාස කරන්න. ඒක අදාළ නැති දෙයක් වගේ කැපිලා පේන්නේ නැහැ, ඒක ඇත්ත වශයෙන්ම ඔයාට ගැලපෙනවා. කොහොම වුනත්, කනේ තියන සන්නිවේදකය වැහෙන්න ඔයාට බොරු කොණ්ඩයක් ඕනේ.”
"මේක ගන්න රොන්" බොබ් රොන්ගේ කලිසම් සාක්කුවකට යමක් දමමින් කීවේය.
"ඒක මොකක්ද?"
“පොඩි පිස්තෝලයක්. මොනා වෙයිද දන්නේ නැහැනේ. ඒ වගේම මේකත් ගන්න."
"ඒක මොකක්ද?
"අපි කියමුද, ඒක ඔයාගේ අධිෂ්ඨානය ශක්තිමත් කරන ඹෞෂධ සංයෝගයක් කියලා."
“ඒන්ජල් ඩස්ට් වගේද? හැත්තෑව දශකයයේ වියට්නාමයට පස්සේ නම් මම ඒ වගේ කිසිම දෙයක් අරන් නැහැ.”
“ඒක ඒන්ජල් ඩස්ට් නෙමෙයි. නමුත් ඒ හා සමාන බලපෑමක් ඇති කරන දෙයක්. ඒක ඔයාගේ ස්නායු සමනය කරලා, දහඩිය දාන එකයි, ස්පන්දනයයි අඩු කරලා බය නැති කරනවා.”
"ඒක විහිළුවක්, නමුත් මම බය නැහැ."
ඔවුන් කාරයෙන් බැස ගත් අතර, එය නැවත පිටත් විය.
"හරි, රොන්, ඔයා හොඳ පෙනුමකින් ඉන්නවා,” බොබ් පැවසීය. “ඔයාගේ සාක්කුවේ තියෙන දේ අමතක කරන්න එපා. ඒ උනාට ඔයාගේ සාක්කුවේ අත දාගෙන එයාලා ගාවට ළං වෙන්න එපා. ජෙනරාල්ගේ මිනිස්සු හරි දක්ෂයි, එයාලා ඒ ගැන සැක සහිත වෙන්න පුළුවන්. එයාලා ගාවට ගිහින්, වෙලාව අහනවා වගේ මොනවා හරි අහන්න.”
“මට දැන් යන්න වෙනවා රොන්, නමුත් ගරෙග්, එයාලගේ කාර් එක තියෙන තැන ගැන ඔයාට දැනුම් දෙනවා. ඒ නිසා එයාගේ හඬට අවධානය යොමු කරන්න, නමුත් ආපසු කතා කරන්න උත්සාහ කරන්න එපා. ඔයාට බැහැ කතා කරන්න, මොකද මයික් එකක් නැති නිසා. අනික ඔයා ගාව කිසිම කෙනෙක් නැතුව ඔයා තනියම කතා කරනවා කියලා එයාලා දැක්කොත්, ඒකේ සැක සහිත බව එයාලට වැටහෙනවා. ආයුබෝවන්, රොන්, ඔයාව දැන ගැනීම සතුටක්.”
"යන්න, උන්ව අරගන්න. දෙවියන් එක්ක යන්න, සහෝදරයා!" ගරෙග් පැවසීය.
ඔවුන් රොන් හට අතට අත දුන් අතර ඔහුගේ දෑසේ කඳුලු බිඳුවක් දිස් විය.
බොබ් PP9 බැටරිය රොන්ගේ ඉහළ සාක්කුවේ ඇති පසුම්බිය තුළට තල්ලු කළේය.
රොන් ඔහුගේ දෑස් දෙස බැලූ අතර නිසැකවම ඔහු දැන් මියගිය අයෙකු බව දැන සිටියේය. ගරෙග් ඔහුගේ උරහිසට තට්ටු කළ අතර ඔවුන් හැරි ඔහුගෙන් වෙන්ව ගියහ.
යාර පනහක් ගියපසු, බොබ් ඔහුගේ උරහිස මතින් පිටුපස බැලීය.
“එයා පාර පනිනවා. පාරේ මැද කොටසට වෙලා ඉන්නවා, රථවාහන ගමනාගමනය අඩු වෙනකන්. සැලැස්මට අනුව ඔක්කොම වෙනවා. මෙතනින් සර්,"
මේසය අසල සිටි මහලු කාන්තාව වෙත බොබ් හිස වැනුවාය, 'බොන්ජෝර්, මැඩම්' යනුවෙන් ඔහු පැවසූ අතර, ඔවුන් දෙදෙනාම එකවර පඩි දෙක බැගින් නගිමින් උඩට ගියෝය. පෙර දින ඔහු කුලියට ගත් කාමරයට ගිය පසු ඔහු දොර අගුළු දමා, ඇඳ යට තිබූ පෙට්ටිය ඉවතට ගත් අතර ගරේග් ඒ අතර තුර ජනේලය විවෘත කළේය. බොබ් L115A3 ස්නයිපර් රයිෆලය තත්පර කිහිපයකින් එකලස් කර පෙර දින ඔහු එහි තබා තිබු මේසය මත එහි ත්‍රිපාදකයෙන් රැඳවීය. එය ඇත්තෙන්ම ඉතා හොඳින්, කාමරයේ සෙවනැල්ල ඇතුලත විය.
ඔහු රොන් දෙස බැලුවේ රයිෆලයේ දසුන් තුළින් ය. “රොන් දැන් ස්ථාන ගතවෙලා ඉන්නේ, ගරෙග්. මං හිතන්නේ අපි එක්ක සම්බන්ධ වෙන්න බලාගෙන.” යාර එකසීය පනහක් පමණ දුරින්, ගරෙග්ට ඔහුව පැහැදිලිව දැක ගත හැකි විය. ඔහු වාහන ගමනාගමනය පරීක්‍ෂා කර, “හරි, රොන්, ඔයා හොඳින් ඉන්නවා. වාහන නවත්වන තැනේ ගේට්ටුව දිහාවට ඇවිදගෙන ගිහින් යාර පනහක් ගමනාගමනයට විරුද්ධ පැත්තට ඇවිදගෙන යන්න.”
රොන් ගේට්ටුවෙන් පිටත නතර වී වටපිට බැලූ අතර පසුව ඉදිරියට ගියේය.
“ඒක තමයි, රොන්, ලස්සනටයි පහසුවෙනුයි, හිමීට ඒක කරමු. වැඩි දුර යන්න එපා, මොකද ඉලක්කය අනෙක් දිශාවෙන් ආවොත් ඔයා ස්ථානයෙන් පිට ඉඳියි. අන්න හරි. ඔතන ඉන්න. ගෘහ නිර්මාණ ශිල්පය අගය කරනවා වගේ, ඒවා බල බල එතන පොඩ්ඩක් නතර වෙලා ඉන්න. මම හිතන්නේ ඉලක්කය ළඟා වෙනවා මට පේනවා කියලයි. ඔයා ඉන්නේ නියම තැනයි ... පදික වේදිකාවේ පොඩ්ඩක් ඇතුළට ගිහින්, ආයෙත් රථගාල දිහාවට ඇවිදින්න ... හිමින්. හැරෙන්න එපා, මම ඔයාගේ ඇස් දෙක වෙන්නම්.”
“ඉලක්කය ඔයාට යාර විසිපහක් පිටිපස්සෙන් ඉන්නේ, දැන් හිමින් හිමින් ළං වෙනවා, ටිකක් වේගයෙන් යාර පහළොවක දුර යන්න ... ඒක දැන් ඔයාට ඉතා ළඟයි. හරි, ඔයාව පහුකරලා යන්න ඒකට ඉඩ දෙන්න, ඒක පදික වේදිකාව හරහා ගිහින් ආරක්ෂකයා ඒක ගාවට එනකොට ඔයාට යාර පහක් විතර ඉස්සරහින් ඒක තියෙන්න ඕනේ. අන්න ඒක එතෙන්ට යනවා…”
"ඒක ඔයා හරහා දාපු එකට ඔයාට තරහා ගියා වගේ කේන්තියෙන් බලන්න, අන්න ජනේලය පහත් වෙනවා, දැන් ඉස්සරහට යන්න රියදුරුට කතා කරන්න, දැන්!"
මහා විශාල පිපිරීමක් සිදු වූ අතර, මෝටර් රථය ගින්නෙන් පිරී යන අයුරු ඔවුන් බලා සිටි අතර, එය ඔවුන්ගෙන් ඉවතට වීදිය දිගේ පෙරළී යාමට පෙර එහි පෙට්‍රල් ටැංකියද පුපුරා ගියේය.


"හොඳයි, ඒක බලාපොරොත්තු වුනා වගේම හොඳින් සිද්ධ වුනා," ගරෙග් ජනේලය වසා දැමූ නමුත් සම්පූර්ණයෙන්ම වසා නොදැමුවේය. "එන්න, බොබ්, අපි මෙතැනින් යං. රයිෆලය නැවත ඇඳ යට තියන්න, ජෙනාරෝගේ මිනිස්සු පස්සේ එක අරගනියි.”
බොබ් කාමරයේ දොර විවෘත කළ අතර ඔවුන් ඉක්මනින් පහළ මාලයට පැමිණියහ. මහලු කාන්තාව ඇගේ ස්ථානයේ නොසිටියාය. ඇය සහ ඒ අවට අනෙක් සියල්ලන්ම වීදියේ සිටියේ මොන මගුලක් සිදුවුනා දැයි විපරම් කරමිනි. යාර තුන්සියයක් ඈතින් නවතා තිබූ ජෙනාරෝගේ කාර් රථයක් වෙත යාම ගැරෙග්ට සහ බොබ්ට පහසු කටයුත්තක් විය. ඔවුන් එයට ගොඩ වූ වහාම රථය සාමාන්‍ය වේගයෙන් පිටත් විය.
කිසිවෙකු හෝ තමන් පසුපස එන්නේ දැයි සොයා බැලීමට ඔවුහු නගරයේ කෙටි සංචාරයක් කළ අතර පසුව ජෙනාරෝගේ නිවෙස වෙත ආපසු ගියහ.
ජෙනාරෝ ඉස්තෝප්පුවේ, අයිස් මත ෂැම්පේන් සහ ග්‍රිල් කළ පොකිරිස්සන්, බාබකියු කළ ඉස්සන් සහ සලාද සමඟ ඔවුන් එනතුරු බලා සිටියේය.
“මහත්වරුනි, ඉතා සාර්ථක මෙහෙයුමක් විශිෂ්ට විදිහට සිදු කරපු එක ගැන මම ඔයාලට සුබ පතනවා. සීසීටීවී වලින් පිපිරුම සිද්ධ වෙනකන් හැම දෙයක්ම මම දැක්කා, නමුත් දේශීය රූපවාහිනියෙයි ගුවන් විදුලියෙයි මට අහන්න ලැබුනේ, දිවි ගලවා ගත්තු කවුරුත් නැහැ කියලයි.”
“කාර් එකේ පස් දෙනෙක් ඉඳලා තියනවා, ඔයාගේ මිනිහා, රොන් සහ ආරක්ෂක නිලධාරියෙක් මැරිලා. අනිත් ආරක්ෂක නිලධාරියා පොඩි තුවාල ලබලා තියනවා, ඒ වගේම කාරෙක ළඟ හිටපු දුසිමකට කිට්ටු පිරිසකටත් තුවාල වෙලා තියනවා. මොකද, ඒක පාරට පෙරලිලා ගිහින්, ආයෙත් පිපිරිච්ච නිසා.”
"මේ දේ සංවිධානය කරා කියලා එයාලා මාව සැක කරයි කියලා මට කිසිම සැකයක් නැහැ, නමුත් මගේ ඇඟේ ඇනෙන ඒ කටුවෙන් මම සදහටම නිදහස් වුනා. නමුත් ඒකට මාව සම්බන්ධ කරන කිසිම සාක්ෂියක් නැහැ. කොහොම උනත්, ඒ පාලම තරණය කරන්න ඕනේ උනොත්, මම ඒකත් කරනවා.”
"කන්න, බොන්න, සතුටින් ඉන්න මහත්වරුනි."
ඔවුන් වීදුරු එකිනෙක වද්දා, බීම එකවිට පානය කළහ.
"ජෙනාරෝ, ඔයා අපේ වැඩ ගැන තෘප්තිමත් වෙච්ච එක ගැන මම සතුටු වෙනවා," ගරෙග් පැවසීය. "අපි අද රෑ සාදයක් පවත්වමු, ඔයාගේ ඊළඟ වැඩේ පටන් ගන්න, හෙටම ගෙදරට පියාසර කරන්න ඕනේ.”

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=67033436) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.